9/11/2011

සඳක් උනෙ ඇයි මම ...>

පොළවයි , සඳයි ......
හරි අපුරු චරිත දෙක ,
හරි අපුරු ආදරය ,
හරි අපුරු සෙනෙහස
දන්නවද ඇයි කියලා එ '  .........?
පොළවෙ තියන අසීමිත බැදිම නිසා,
සඳෙහි ඇති අසීමිත ආදරය නිසා ...
අඩු උනොත් බැඳිම පොළවෙ
සඳු ඇතට යන එක වලකන්න ,
සඳටවත් බැරි වෙවි ..
එ ,
අඩු කමක් නිසා නෙවෙ සඳෙහි ආදරයෙ ,
අඩු කමක් නිසා නෙවෙ පොළවෙ ආදරයෙ....... 
හුදෙක් අඩු නිසා, එ බැඳිම පොළවෙ........
සවියෙන් ලිලිපුට්ටකු වන සඳට
නැලු කිසිම හයියක් සරි කරනට එ බැඳිම
ඉතින්, හීන උවහොත් එ බැඳිම
කෙලෙස නවතම්ද යනෙන එක දුර සඳ ....., පොළවෙන් .............





බොහො කලකට පසු බ්ලොගයට ගොඩ උන සිරි කොලුවට අහෙතුකවම බොහොම අපුරු චරිත දෙකක් මතකයට අවා .  කෙසෙ හෝ වෙවා ලියවුන බොහොම සරල වචන දෙක තුනට බොහොම සංශික්ප්ත  ඌණපුර්නයක් එකතු කරන්න හිතුවෙ කියවන ඔයාට කුඩා හෝ සිතිය යුතු යමක් මෙහි ගැබ්ව ඇතැයි සිතුන නිසාමයි.   ම්..... සඳු සමඟ පොළව  , දන්නවද ඔයා සරල සාමන්‍ය හෞතික විද්‍යාවට අනුව පොළවෙ ගුරුත්වය නැති නම් සඳු ලඟින් තියා ගන්න බැරිලු. සඳුගෙ ස්කන්දය පොළවට සාපෙක්ශව බොහොම කුඩා නිසා එයාට ස්වායත්තව  පොළව ලඟින් ඉන්න බැරිලු . සඳුට කෙතරම් වුවමනාවක් තිබුනත් , ආදරයක් තිබුනත් එයා අසරණයි . පොළවෙ බැඳිම / ගුරුත්වය හීන උනොත් සඳුට වෙන දෙ ඔයාට තෙරෙනවානේ ....... :) ඉතින් සඳු ඇතට ගියොත් අපෙ දබරඟිල්ල  සඳුට දිගු කරන එක කෙතරම් සාධාරණද ........ ? 

අපි හැමොටම විවිධාකාර වු බැඳිම් මෙ සමාජයෙ තියනවා . සහොදර බැදිම්, හිත මිත්‍ර බැදිම් , නැදැ බැඳිම්, ගුරු ගෝල බැදිම්, බොහොමයි . නිකමට හිතලා බලන්න ඔය අපමණ වු බැඳිම්  සමුදායක් සමඟ දිවි  ගෙවන ඔයාට යම් වෙලාවක සඳුගෙ චරිතය අත්වුන අවස්ථා නැත්තෙමත් නැ නෙද ........... ?  :)

7/18/2011

ආඩම්බරයි අප්පච්චි මට ............

ආදර අප්පච්චි, 

අප්පච්චි ඊලඟ සතියෙ නිවාඩු එනවා නෙද ? දවස් 45ක් යනවා දැනුනෙවත් නැ . අප්පච්චි ගියෙ ඊයෙ පෙරෙදා  වගෙ මට මතක . මතකද ගිය අවුරුද්දට ඉස්සෙල්ලා අවුරුද්දෙ බන්ටි නංගිගෙ හතර වෙනි උපන්දිනය දවසෙ කැම්ප් ගිය අප්පච්චි අය අවෙ බන්ටිගෙ පස් වෙනි උපන්දිනෙට මාසයක් තියලා . අපිටත් වඩා දැන් සතුටු අපෙ අම්මාට අප්පච්චි . මොකද දැන් අපෙ අප්පච්චි හැම නිවාඩුවටම ගෙදර එනවනේ .  මට මතක් වෙන්නෙම ඉස්සර අපෙ අම්මගෙ නිවුස් බලද්දි මුන.  නිකන් කජු ලෙල්ලක් වගෙ.එකට දැන් අපෙ අම්මා නිවුස් බැලුව කාලයක් මතක නැද්ද කොහෙදො . මතකද අප්පච්චි බන්ටි එ දවස් වල අත්තා එක්ක ඉස්කොලෙ යවලා අපෙ අම්මා මව පස්සෙ බස් එකෙ පහු කරලා එක්කන් යනවා . අපෙ හිත් වලට එ සතුට, නිදහස සැහැල්ලුව අරන් අවෙ අපෙ අප්පච්චිලා දිවි එපා කියලා අපෙ රට වෙනුවෙන් සටන් කල නිසා, ජිවිත පිදුව නිසා කියලයි අපෙ ටිච කිව්වෙ .
ගිය සතියෙ  රණවිරු සැමරුම අපෙ ඉස්කොලෙත්  බොහොම ලොකුවට සැමරුව අප්පච්චි .එදා ඉස්කොලෙ හැමොම මම දිහා බැලුවෙත් රණවිරුවෙක් දිහා බලනවා වගෙ . එ මගෙ අප්පච්චි නිසා . එදා දැනුන අඩම්බරය නම් ඉහටත් උඩින් . අප්පච්චිලා අර බෆල් කැබ් පෙරලලා පස් බැමි කැඩුව විදිය මම යාලුවන්ට කියද්දි එ අයගෙ  මුණු බයවෙලා තිබුන විදිය මතක් වෙද්දි මට තාමත් හිනා යනව. එදා අප්පච්චිගෙ යාලුවා නිශාන්ත මාමාට උන දෙ මතක් වෙද්දිනම් දුකටත් වඩා මගෙ ලේ කොප වෙනවා අප්පච්චි . අපේ නිදහස නැති කල ,අපෙ ජිවිත නැති කල , අපේ රටම විනාස කල එ පාපතරයො හැම එකාම එකෙක් නැර කඩු ගැව එක නම් ලොකු පිනක්. එ පිනම අති මගෙ අප්පච්චිලාට නිවන් දකින්න . ආ......... ඔන්න ඔන්න ඉතින් සුදු අප්පච්චි චුටි පුතට බනින්න හදනවා . හිතෙ තියන වෛරයකට හෙම නෙවෙ කිව්වෙ එකා නැර මැරුව එක හොදයි කියලා . අර අප්පච්චි හැමදාම කියන්වා වගෙ මෙ රට අපෙ අම්ම නෙව. අපෙ අම්මට කරදරයක් හිරිහැරයක් වෙද්දි ඉවසන් ඉන්න බැ කියලා මගෙ අප්පච්චිමනේ මට කිව්වෙ.
ම්.... කොමද අප්පච්චි අර වෙලෙ කාඩෙ කුමාර මාමට. .. දැන් කැම්ප් එනවා නෙද ? රොද පුටුවෙ ඉන්න කොට නම් මම කවදාවත් හිතුවෙ නැ මෙච්චර විගහකට කුමාර මාම ඇවිදිවි කියලා . හම්බුනොත් මතක කලා කියන්න අප්පච්චි .  අර එදා කුමාර මාමගෙ නැන්දා එවලා තිබුණ වන්ඩු ආප්පත් රසයි කිවා කියන්න හොදෙ.  ආ.. අප්පච්චි බන්ටි නංගි කිව්වා මෙ පාර බුන්දි ගෙන කොට ටවුමෙ අඹ ගහ හංදියෙන් ගන්න එපා කියලා. අප්පච්චි එන ගමන් අපෙ ඉස්කොලෙ හංදියෙන් බැහැලා එතන බංඩෙ සීයගෙ කරත්තෙන් බුන්දි අරන් එන්න හොදේ. බංඩෙ සීයාගෙ බුන්දි රසයි ටවුමෙ එවට වඩා.
අපි හැමොම සනීපෙන් අප්පච්චි. මම දැක්කා අපෙ අම්මත් ලියුම් කඩදහියක් ලියනවා ඊයෙ රැ . අත්තත් ඔන්න උදෙ කැව ගමන් පන්සලට ගියා . වස් දානේ සිට්ටු බෙදන්න යනවා මගෙ හිතේ . එහෙනම් අදට නවතින්නම් අප්පච්චි. අප්පච්චි ඊලග සතියෙ එනවානේ එහෙනම් .. . පරිස්සමෙන් ඉන්න මගෙ අප්පච්චි. මගෙ අප්පච්චිට දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි. තෙරුවන් සරණයි .....!!


                                                                     මීට ,                                                                      ආදර චුටි පුතා.









ප . ලි : සිරි කොලුවා මෙ පොස්ට්ටුව ලියලා නම් දැන් ටික දවක්. ඩ්‍රාෆ්ට් තිබිලා අහම්බෙම් ව්ගෙයි දැක්කෙ. ලියලා තිබුනෙ අර රණවිරු සැමරුම් දවස් වල. :)) පබ්ලිශ් නොකලෙත් මෙකෙ එතරම් ගත යුතු යමක් නැ කියලා හිතුන නිසාමයි. ම්..... එත් අද දැක්කම හිතුනා ගත යුතු දෙයක් පොස්ටුවෙ නොතිබුනත් අපෙ රණවිරුවන් ගැන නිකමට හරි ආවර්ජනයකට මෙය ඉවහල් වෙයි කියලා. .. :))

7/04/2011

කලකින් රේණු නොවැටුනාට සමාව .......

පහු ගිය මාසෙ පුරාවට අබ මල් රේණුවෙ රේණු නොවැටුනාට ඔන්න ඉතින් ඉස්සෙල්ලාම සමාව ඉල්ලනවා අබ මල් රෙණුව පැත්තෙ ආව ගිය හැමොගෙන්ම . එහෙම කිව්වට ඉතින් මෙ පැත්තෙ එහෙමට කියලා අව ගිය ගොඩක්  නම් නැ. :D  නිකන් හරි එහෙම කිව්වෙ stats tab  එකෙ හැමදාම දහ දොලොස් දෙනෙක් හරි අවා කියලා පෙන්නුව නිසයි. පහු හිය මාසෙ පුරාවටම රේණු නොවැටුනෙ සිරි කොලුවගෙ හිත් අමාරුවකට නොවන වග නම් ඔක්කටම කලින් කියන්න ඔන. අද කාලෙ බුකියෙ , බස් එකෙ, බ්ලොගයක කොල්ලෙක්ට හිත් අමාරුවක් නම් එකෙ කොනක ගවුම් කැල්ලක් එල්ලිලා නොතිබුනොත් තමා පුදුමෙ. :D අලෙ ඔන්න ඔයා කියන්න කලින්ම කිව්ව ඔන්න මෙ සිරි කොලුවට නම් එ වගෙ ආබාධයක් උනෙ නැ. :)) දන්නවනේ ඉතින් මෙ සිරියා ඔය ගවුම් කැලි එක්ක වැඩි සම්බන්ධයක් නැ නේ. :D කොහොම උනත් පහු ගිය දොහෙ සිරි කොලුවට keep alwz smile theory  එකෙ නම් ඉන්න ටිකක් අමාරු උනා . මාසෙන් භාගයක්ම කොලුවගෙ මොට්ටසොලියෙ අභාගෙ විභාග වලට සෙට් උනා . ඔය අස්සෙ සුපුරුදු හෙම්බා හොඳටම වැඩි වෙලා උන  කටුව කටෙ ගහලා තමා නැවතුනෙ . ඔයෙත් එක්කම සිරි කොලුවගෙ මැණියනුත් ටිකක් අසනිප උනා . කොමෙන් කොමෙන් හරි පහු ගිය සති කීපයෙම අවිවෙකය උපරිමයෙන් වින්දා. සිරි කොලුවගෙ මිත්‍රයො දන්නවා ඇති නේ පහු ගිය ටිකෙ සිරි කොලුවා බුකියෙවත් බෙහෙතකට හොයා ගන්න ඔනලයින් හිටියෙ නැ . බල්ලට ඇති වැඩකුත් නැ හිමින් ගමනකුත් නැ කිව්ව වගෙ මෙ සිරියටත් දැන් නම් වැඩක් ඇතා නැතා මු බිසීලු .... :D   

හ්ම්......... ඉස්සරහට එන සති කීපයෙවත් අබ මල් රෙණුවෙ රෙණු එකක් දෙකක් හරි වැටෙයි කියලයි මෙ සිරි කොලුවා හිතන් ඉන්නෙ . උහ් ...ඉස්සරහට සිරි කොලුවගෙ මොට්ට සොලියෙ තියෙන වැඩ මතක් වෙද්දි මෙ තරම් වත් හිතෙ නිදහසක් තියෙවිද කියල නම් සිරි කොලුවටත් සැකයි . :(((( පුලුවන් විදිහට අලුත් කවියක් , නිසදැසක්, කතාවක් , ලියවුනොත් මෙ අබ මල් රෙණුවෙ රෙනුවක් දෙකක් වට්ටවන්න  මෙ සිරි කොලුවා අතපසු කරන් නැ . හ්ම්..... එහෙනම් හැමොටම තෙරුවන් සරණයි, ජයෙන් ජය . :)))))

5/30/2011

ආදරයක ඔට්ටුව....




යනකොට ඉස්සර ඉස්කොලෙ මම උදේ......... 
තියනවා ඔට්ටුවට උබෙ ආදරේ.. 
දෙක තුනකට වැඩි නැති හැතැම්ම..... 
ගල් බොරලු පාරෙ , 
සපත්තුවයි ගල් පොඩිතියි අතර, 
උඹෙ ආදරෙ දොලනය වන අපුරුව........... 
ගහන්නෙ එක ගලකට, බලාගෙන තව ගල් පොඩියක් ..... 
වැදුනොත් ගැසු ගල එලෙසම සිතු ගලෙහි, 
සතුටුයි මෙ හිතට, 
මොකද , 
ස්නායු සමායොජනේ , සාපෙක්ෂ ප්‍රවෙගෙ...... 
තක්කෙටම ගැලපුන නිසා නෙවෙ......... 
උබෙ ආදරෙ ස්කන්ධය ,
මට මැන ගන්න ඇහැකි උන නිසා.............. 
සිව් වසකට වැඩි කලක්, 
වාරයකට සපත්තු කුට්ටම් දෙක තුනක ලස්සන බැලු මට , 
අවසන උරුමය,
උඹෙ, 
ගිම්හානෙට ඉරි තැලුන හදවතද? 
කැඩුනු සපත්තුවද ?....
.
                                                      


හවස් ජාමෙක සිරි කොලුවා, සිරි කොලුවගෙ බොම කුලුපග මිත්‍රයින් දෙන්නෙක් එක්ක තේ වතුර ටිකක් තොල ගාන ගමන් ඔයින් එක මිත්‍රයෙක් සිරි කොලුවා එක්ක දෙඩුව ඇබින්දන් කතාවක් මේ. කතාව ඇබින්දං උනාට සිරි කොලුවට නම් හිතුනෙ මෙක ඇතුලෙ අපුරු , අප්‍රමාන ආදරයක් , සෙනෙහසක් ගැබ් වෙලා තියනවා කියලයි. ඔයා දන්නවානේ අපි හැමොටම එක එක විදියෙ නානාප්‍රකාර පුරුදු තියනවා. සිරි කොලුවගෙ මෙ මිත්‍රයාටත් අන්න එ වගෙ හරි අපුරු පුරුද්දක් තිබිලා තියනවා, ඉස්සර ඉස්කොලෙ යද්දි පාරෙ තියන පොඩි ගල් කැට වලට පයින් ගහන. එ නිකම් නෙවෙ, තමන්ගෙ ආදරෙ තරම මනින්න. ගැසුවම පයෙන් ගල් පොඩියකට වැදුනම හිතන් හිටි ගල් පොඩිත්තෙ මුට තියෙන සන්තොසෙ අප්‍රමානයිලු. :D මොකද ''මගෙ රත්තරන්ගෙ ආදරෙ හැමදාම මගෙත් එක්ක ඉන්නවා '' කියන සිතුවිල්ලට තැබු ඔට්ටුව ජය ගත් නිසා. මෙ පුරුද්ද කොච්චරද කියනවා නම් මුට වාරෙකට සපත්තු කුට්ටම් තුන හතරක්ම යනවලු උදෙ හවා ඉස්කොලෙ යද්දි එද්දි ගල් වලට පයින් ගහලම .. :D ඔන්න මෙක බොරුවක් වත් අතිශොක්තියක්වත් නෙවෙ හොදෙ. සිරියගෙ මිත්‍රයකුටතිබුන අපුරු පුරුද්දක් වගෙම එ තුල ගැබ් වෙලා තිබුන අපුරු ආදරයත් නිසාමයි මෙ කාතාව බ්ලොග් ගත කලෙ. 





ප. ලි : තොප්පිය හරි යන මා මිතුරෙ... :D , මචං දන්නවා මම උබ මෙ පොස්ට් එක කියාවනවා කියලා කොයිම වෙලෙක හරි. මෙ කාතාව උබ නිධාන වෙලා හැදුන එකක් කියලා මෙ සිරි කොලුවගෙ කටින් නම් එලියට යනවා බොරු. :D බය වෙන්න නැතුව හිටපන් මචන් , අය ඉතින් ගඟෙ මුහුදෙ දැන්මා වගෙ තමා.......... :D 

5/21/2011

වියොවක සංකාව................

ලොව දිනු, දිලු, දිලු අයියෙ.......
සුවඳ මලකි , දුලබ ගසකි,
නුඹ මට , මල් ගොමුවක පොහොට්ටුවකි,
තවමත් සුවද දෙන.....
නොසිතෙයි තවමත්, පොහොට්ටුවක් අකාලයෙහි,
ගිලිහි බිම වැටුන බව.....
නිහඬ ලොව බිදිනට ,
මඟ බලන් සිටි අපට ,
දෙවියන් කල මෙ අවැඩ
කෙලෙස නම් දරා ගම්ද? ...............
මිනිසත් කමින් ඔඳ වැටුන ,
සහොදරයකුගෙ නික්මිම ,
අටලො දහම පුරුදු මහදටද ,
දරා ගත නොහැක අද මට.... ..........
නැත දැගිලි තුඩට සවියක් ,
ලියන්නට නුඹෙ ගුණ වරුන තවත් ..
බොදවන දෙනෙත්, අහුරයි මඟ , පැන් තුඩේ....................
අසම්මත් වුවත් පැතුම මෙ සිරි කොලුවගෙ ,
නිවන් සුව නොපතා ,
උපදින්නයි අප අතරම,
මෙ අත් භවයෙම...................................................


එදා සයිබර් අවුරුදු සැනකෙලියෙදි හැබහින් දැක සිනා සුන දිලුම් අයියෙ නුඹ අද මෙලෙස අප අතැර යැයි කියා සිහිනෙන්වත් නොපැතුවෙමි. සුදු හංසි අක්කගෙ මිතු දම හරහා මමද නුබ හඳුන ගත් පසු එතරම් සමිපව ඇසුරු කරන්න නොලැබුනත් අයියෙ උබ මට එව්ව sms දෙක තුනෙත් අසීමිත ලෙන්ගතු කමක් තිබුනා....... මතකයි මට කියනවා ''මල්ලි මම හෙට කොලබ යනවා., සී.ටි. එකක් කරන්න. ... පහුවද අහුවම කොහොමද ඊයෙ වැඩෙ කියලා... කිව්වෙ සතියකින් රිපොට් එක එනකම් ඉන්නවා මල්ලි කියලයි. හැමදාම බැරි උනත් සතියකට වරක් වත් මුනු පොතෙ හරි sms එකකින් හරි අයියගෙ සැප දුක අහන්න මම අමතක කලෙ නැ. '' අයියා මම අයියලගෙ ගෙදර එන්නම් ... මම මෙ ටිකෙ නිවාඩු කිව්වම ... '' දිලුම් අයියෙ උබ මට කිව්වෙ '' එන්න එපා බන් මල්ලි දැන්මම , මෙ දවස් වල වැස්ස නිසා එන්න අමරුයි අපෙ ගෙදරට '' කියලා....හ්ම්... ෆොන් එකෙ එ කොන්ටැක් එකට මම අය කාට මැසෙජ් කරන්නද... ලියන්න බැ මීට වඩා. ලියවෙන් නැ මිට වඩා. පතන්නෙ නුඹට ඊලඟ ආත්මෙක හරි අපෙම මිත්‍රයෙක් වෙලා අපි අතරම ඉන්න කියලයි. ........



* පින්තුරය ගත්තෙ සුදුහංසි අක්කාගෙ බ්ලොගයෙන්. හංසි අක්ක දාලා තිබුනෙ එකෙ ලිශාන් කියන අයියගෙ බ්ලොගයෙන් ගත්තා කියලයි. මෙ පින්තුරය හරිම වෙනස්. දැක්කම ගොඩක් දුක වැඩි වෙනවා. හිතුනා මෙකම මමත් දාන්න ඔනෙ කියලා.........

සිරියගෙ වෙසක් සිරි ............ :))

වෙන කවදටත් වඩා මෙවර වෙසක් දිනය ලොක වාසී බෞද්ධ හැමොටම සුවිශේෂයි නේ. 2600 වෙනි සම්බුද්දත්වජයන්තියට සිරිකොලුවත් පිලිවෙතින් කෙසෙ වෙතත් පිලිවෙලින් පෙල ගැහුනා. :) පෝය දවසෙ සිල් සමාදන් වෙන්න බැරි උනත් අම්මා තාත්තා එක්කලා උදෙම දානෙ අරන් ගිහින් එ කටයුතු වලට සහභාගි වෙන්නත් සිරි කොලුවා අතපහු කලෙ නැ. ගමෙ පන්සලෙ පොඩි හමුදුරුවන් තුන් නම සිරි කොලුව එක්ක බොම කුලුපඟයි. එනිසාම ආ පයින් අපහු හැරෙන්නත් බැනේ... පන්සලෙ තිබුණ පොඩි පොඩි වැඩ කටයුතු ටිකත් ඉවර කරලා හැරෙන තැපැලෙන් කොල්ලා ගෙදර අවෙ සිරි කොලුවගෙ අන්ඩකන්ස‍්ට්‍රක්ශන්  වෙසක් කුඩු ප්‍රොජෙට් එක ඉවර කරන්න හිතා ගෙන. ( හික්zz ලොකු වචන දාලා කිව්වට කුඩු පහයි හැදුවෙ හොදෙ... :D ) හැම දාම වගෙ සිරි කොලුවගෙ මැන්ගො ෆ්‍රෙඩාගෙ සප් එක  1කෙන්ම ලැබුන නිසා වැඩෙ ඉවර කර ගත්තා ඉර මුදුන් වෙන්න කලියෙන්. මෙහෙම හිටියට ප්‍රසිඩන්ට්ගෙ සෙකට්ට්‍රිටත් නැති වැඩ තමා සිරි කොලුවට තියෙන්නේ. තිබුන වෙලාව හිඟ කම නිසාම මෙ පාර කුඩු නොහදා ඉන්න හිතුවත් යකො 2600 සම්බුද්ධත්වජයන්තියටවත් නැති කුඩු අර මොකටද කිව්වා වගෙ කොමෙන් හරි කුඩුවක් දෙකක් හැදුවා ඕන්. 

uh...... මෙ කුඩු හදපු එක ගැන පම්පොරියක් කෙලින්න එහෙම නෙවෙ මෙ පොස්ට් එක ලියන්න හිතුවෙ. සිරි කොලුවා දැක්ක වෙසක් කුඩු වල මොඩන් විකසනෙ ගැන පොඩි දෙයක් කියන්නයි ලියන්න හිතුවෙ. ඔය කියන විකසනෙ මෙ කාලේ හොදම එක තමා අර ප්ලාස්ටික පට්ටම් කුඩු. ඊට කලින් ඔන්න තිබුනා යකඩ පට්ටම්. කොමෙන් කොමෙන් හරි උණ පට්ටමෙන් , කාඩ්බොඩ් පට්ටමෙන්, යකඩ පට්ටමෙන් ඔන්න අන්තිමට ඇවිත් නතර උනෙ ප්ලාස්ටික් පට්ටමෙ. හනේ කාලෙ වනේ  වාසෙ කියන්නෙ කට කහනවට නෙවෙයි නොවැ. අද කාලෙ පොඩි එවුන්ට වෙසක් කුඩුවක් හදන එක  mister pop tipitip pack එකෙ රෙසින් කාර් එක හදනවා වගෙ ගෙමක්ම නැති වැඩක් වෙලා ඕන්. කැඩුවා , ගැහුවා, හැදුවා. 3 way hand make මෙතඩ් එක තමා දැන් කාලෙ ඉන්න පොඩි එවුන් යුස් කොලන්නෙ. යකො ඉතින් මුන් ලොකු උනාම අර දකින දකින ලස්සන බොනික්කියන්ටත් ඔකම නොකර හිටියොත් තමා පුදුමෙ කිව්වලු. කැඩුවා , ගැහුවා, හැදුවා......හික්zz. :D 
 
 ඔන්න පොයට ඉස්සෙල්ල දවසෙ හවස සිරි කොලුවා දා ගෙන උණ බටයක් පලනවා. වට පිට බැලිල්ලක් නැ පහුවදා රැ වෙන්න කලියෙන් කුඩු ටික අටව ගන්න ඔනෙ නිසා nonstop වැඩ ඉතින්. සිරි කොලුවගෙ මැණියන් අර පහ වසරෙ පොඩි එවුන්ට ලොකු ඉස්කොල වලට visa නැතිව යන්න අර ඉස්කොලශිප් අරන් දෙන්න පන්ති කරනවා පොඩි එවුන්ට. එක නිසා කොයි වෙලෙ බැලුවත් පොඩි එවුන් එකෙක් දෙන්නෙක් නැති වෙන් නැ සමහර දාට. '' ආ.... අයියා ඔච්චර පොඩිවට කැපුවම හොදට පත්තු වෙනවද ? '' :o ඔලුව උස්සලා බැලින් නම් අඩි තුනෙ බටු ඇටයෙක් මම උණ බට පලන දිහා බලන් ඉන්නවා . '' හැ බොල පොඩි කැස්වටුවො උබට පෙන්නෙ මම ලිපෙ දාන්න උණ පලනවා වගෙද? '' කියල අහන්න හිතට අවත් මු පොඩි එකෙක් නිසා ''නැ මලේ කුඩු හදන්න කුරු කපනවා'' කිව්වා. ඔන්න දැන් ඉන්න පොඩි එවුන් .. යකො මුන්ට තෙරෙන් නැ මෙ වෙසක් කලෙ උණ කපන්නෙ කුඩු හදන්න කියලවත්. හිතන්න එපා මම මෙ පොස්ට් එක රස කරන්න අතිශොක්තියෙන් මෙවා ලියනවා කියලා. මෙ ඇත්තටම සිරි කොලුවගෙන් පොඩි එකෙක් ඇහැව්ව කතාවක්. ඔන්න ඔය හෙතුව නිසාමයි මෙ පොස්ට් එක ලියන්නත් හිතුවෙ. ඊට පස්සෙ පොඩි එකාගෙ කටින් ආව උත්තරෙ තමා මෙ. ''අපෙ ගෙවල් ගාව හන්දියෙ කඩෙන් කිව්ව නම් ප්ලාස්ටික් කුඩුවක් ගෙනත් දෙනවනේ අයියා'' '' නැ පොඩ්ඩො මෙක මමම හැදුවම තමා මට සතුටු කියලා මම මගෙ වැඩෙ කලා , ඔන්න අද කාලෙ පොඩි එවුන් instant noodles කාලා හැම දෙම instant වෙලා තියන අපුරුව හිත හිත. දරුවෙක් වදන කොට විලි රුදාව වැඩි වෙන තරමටලු අම්ම කෙනෙක් තමන්ගෙ දරුවට තියන සෙනෙහස, ආදරය වැඩි වෙන්නේ. එ වගෙම තමා යම් දෙයක අගෙ තෙරෙන්නෙ වටිනාකම තෙරෙන්නේ ,එ දෙට තියන ශ්‍රද්ධාව භක්තිය වැඩි වෙන්නෙ එ කටයුත්ත වෙනුවෙන් අප කරන දෙ ඇඟට දැනෙන්න අපෙ වෙහෙස මහන්සියෙන් කලාමයි.... හෆොයි අද කාලෙ ඉතින් දරුවො වදන එකත් instant විදියට කරන්න හදන එකෙ වෙසක් කුඩුවත් instant හදන එකෙ අරුමයක් නැ මෙ සිරි කොලුවට. ...... කනගාටුව කවදා හරි දවසක වෙසක් පොයත් මෙ ඉන්න එවුන්ට අර වැලන්ටයින් දවස වගෙ දැනෙයිද කියලයි................................ හ්ම්. 




*පිංතුරයෙ සහ වීඩියොවෙ තත්වය ( quality) පිලිබදව නොසලකන්න. සිරි කොලුවගෙ ජංගමයා අතිශය පැරණි VGA කැමරා සහිත එකක් බැවින් විඩියොවෙ තත්වය පිලිබදව සමාව අයදිමි.

5/03/2011

ඔන්න ඔහොමලු ගැණු ජාතිය......................:D:D

අපරාදේ කියන්න බැ සිරි කොලුවට ඉන්නවා නා නා මාදිලියෙ ලොවෙත් නැති යාලුමාලුවො ටිකක්. යාලු මාලුවො කිවට මුන් ගොඩක් එවුන් එක විදියක (අමු) පිස්සො තමා. එ පිස්සො ලිස්ට් එක ගැන කියන්න නම් වෙනම පොස්ට් එකක් ලියන්න වෙනවා :D එකෙක්ට ඉලෙක්ට්‍රොනික් පිස්සුව. ඌගෙ කටෙම තියෙන්නෙ ට්‍රන්සිස්ටර් ,pic, IC ගැන. ඌ කැම බිමට ගන්නෙත් එවමද කොහෙදො මයේ හිතෙ. එකෙක්ට Barn Buddy පිස්සුව. මුගෙ පිස්සුවෙ තරම කියන්නෙ දැනටමු මු ඔය බාන් බඩි වල island rank දාපු එකෙක්. එතකොට ඔයා හිතා ගන්නකො ඌගෙ බාන් බඩි පිස්සුවෙ තරම. තව එකෙක්ට buzz පිස්සුව. හික්zz එ පිස්සුවෙ තරම නම් කොමද කියලා මම කියන්න යන් නැ. uh.. තව එකෙක් ඉන්නවා ඌට තියෙන්නෙ මාෂල් ආට් පිස්සුව. ඌගෙ වැඩෙම යු ටියුබයෙ මාෂල් ආට් විඩියො බාන එක. හැබැයි මු සෙල්ලන් නැ අර කලු පටි හතක් අටක් ඉනෙ බැඳලා තියනවාලු මාෂල් ආට් හතකින්... ම්... කොමද ඩයල් එක ගහයි ගමකට. තව ඉන්නවා නියම ජාතියක පිස්සෙක්. ඌට වැලදිලා තියෙන්නෙ බලු පිස්සුව. :D මෙකට බල්ලෙක් පෙන්නුවොත් ඌගෙ අම්මා තාත්තගෙ ඉදලා පරම්පරා හතක පැටිකිරිය මු බලන් හිටියා වගෙ කියනවා. මු දන් නැති බලු වර්ගයක් නැ. බල්ලන්නට වඩා දන්නවා මු බල්ලො ගැන. මෙ බලු පිස්සගෙ තරම දැන ගන්න පුලුවන් මුගෙ ගෙදර ගියාම. හලි හලි එවා පස්සෙ කියන්නම්කො. :D තව පිස්සො දෙතුන් දෙනෙක් ඉන්නවා සිරිකොලුවගෙ ලිස්ට් එකෙ. හිටින්කො කියනකම්......:D බාබෙදු පිස්සො දෙතුන් දෙනෙකුත් හොයා ගන්න කිසීම අමාරුවක් නැ මෙ සිරි කොලුවගෙ යාලුමාලු ලිස්ට් එකෙන්. තව ඉන්නවා මැච් පිස්සො ටිකක්.. ඌන්ගෙ පිස්සුව නම් මෙ දවස් වල ටිකක් අඩු වෙලා වර්ල්ඩ් කප් පැරදුන නිසාද කොහෙදො..... . ඔය අස්සෙම අර ගවුම් මහන්න මෙශමන්ට් ගන්න පිස්සො දෙතුන් දෙනෙකුත් ඉන්නවා. උන්ගෙ පිස්සුවෙ තරම නම් මෙ ප්‍රසිද්දියෙ කියන්න බැ. :D 18-  එකෙක් වත් මෙක කියෙව්වොත් එහෙම :D . එච්චරටම උන් වල් වැදිලා ඉන්නෙ. ආ.... තව ඉන්නවා java, c# කන බොන ඩයල් දෙකකුත්.... :O හැබැයි උන් දෙන්නට නම් වැඩි කලක් යන්න ඉස්සර මොකක් හරි වෙනවා ඌන්ගෙ මොලෙ වැඩි වෙලා.. අලෙ මන්දා ඌන් දෙන්නගෙ නම් මොලෙ මෂ්තිශ්කයෙ රැලි වැඩිද කොහෙදො.. :D . ඔය ඔක්කොමත් අස්සෙ ඉනවා බණ කියන එකෙකුත්. ඌගෙ කටෙම තියෙන්නෙ බණ විතරයි. ඕන් සිරිකොලුවට බනිනවා එහෙම නෙවෙ ඌට පිස්සා කිවා කියලා. :D එ විශේෂන පදෙ මම ඌට දාන් නැ. මොනවා උනත් ඌ බණනේ කියන්නෙ. එකට මෙ සිරිකොලුවා 1න් ම සලකනවා ඕන්. හප්.... මොකද බොල හිනා වෙන්නෙ . බොරුවට නෙවෙ බොල ඔය කිව්වෙ,. ඔය මෙච්චර වෙලා කිව්ව හැම පිස්සටම උදා: නමක් දෙන්න පුලුවන් මෙ සිරිකොලුවගෙ යාලු මාලු ලිස්ට් එකෙන් ඕන වෙලාවක. දැන් අහන්න එපා සිරි කොලුවා මොන පිස්සෙක්ද කියලා. එක ඔයාට භාරයි. :D

                                       අලේ මෙ වෙන පිස්සො ගැන කියන්න ගිහින් තාම මෙ මාතෘකාවට නිධාන උන පිස්සා ගැන කියන්න බැරි උනා නේ. :D මට තාම තෙරෙන් නැ මුට තියෙන්නෙ මොන වගෙ පිස්සුවක් ද කියලා. මු antiwomen පිස්සෙක්. ( එ කිව්වෙ මු ස්ත්‍රි විරොධි.. :D hikzz අර antiwomen වචනෙ නම් හරිද මන්දා..:D දැනට එහෙම කියලා කියන්නම්කො හොදේ. පස්සෙ හරි වචනයක් හම්බුනොත් කියන්නම් . :D) මෙකට ස්ත්‍රි ජාතිය වහ කදුරු වගේ. මු වචන දහයක් කතා කලොත් වචන 8ක් මු ගන්නෙ අර කිව්ව ස්ත්‍රි පරාන වලට අමතන්න. එකත් සභ්‍ය වචනෙන් නම් කම් නැ. මු කට ඇරියොත් අශුද්ද සිංහල කොටියයි. මු ඔය ස්ත්‍රි පක්ෂෙ ගැන කතාවක් කිව්වොත් කාතාවෙ මුල පදෙ පටන් ගන්නෙ හොද සිංහල ප්‍රත්‍යකින්. :D මොන හේතුවකටද මන්දා එච්චරම සුපිරි මලක් මුට ඔය ස්ත්‍රි ඇත්තියොත් එක්ක තියනවා. මෙකගෙ පිස්සුවෙ හොදම එක කියන්නෙ මු බලන් ඉන්නෙ 2012 ලොක විනාසෙ එනකම් මැරෙන්න. විහිලුවට නෙවෙ, ඔය කිව්ව antiwomen පිස්සා අර කිව්ව ලොක විනාසෙ තදින්ම විස්වස කරනවා. මුට නම් තියෙන්නෙ එසෙ මෙසෙ මානසික රොගයක් නෙවෙ. :D මෙකව අංගොඩ අරන් ගිහින් ගස් බැදලා ගැහුවත් හදන්න පුලුවන් එකෙකුත් නෙවෙ. මෙකා ඔය අශුදද සින්හල ප්‍රත්‍යෙන් ගවුම් කැලි වලට අමතද්දි සිරිකොලුවටත් කට පියා ගෙන ඉන්න බැ. මොනවා උනත් මෙ සිරි කොලුවා ගවුම් කැලි වලට ආදරෙයි , ඔය කොච්චර පොර ටොක්ස් දුන්නත් කෙල්ලො ලොකු නැ කියලා :D . ආ. කියන්න අමතක උනා තව කතාවක්. ඔය antiwomen පිස්සගෙ තව ප්‍රර්තනවක් තමයිලු සිරි අයිය සපත්තුවක් කනවා දකින එක. ඔකා ඔක කියද්දි නම් මෙ සිරි කොලුවට උන්හිටි තැන් අමතක වෙනවා. '' තො ගොන් වස්සා.......... කියලා සිරි කොලුවත් දන්න සිංහලෙන් අරුට ජාතිය අමතලා තමා ඉතින් නවතින්නෙ. ඇයි යකො තාම මෙ කෙල්ලෙක්ගෙ අතින් අල්ලලා නැති සිරි කොලුවට බුට් එකක් කාපිය කියල පාර්තනා කරන්න ඉස්සෙල්ල කට ඇරලා කියපියකො 'සිරි අයියට ගින්දර වගෙ කෙල්ලෙක් සෙට් වෙයන්' කියලා . ඉදකින් මෙ වල් බස්සට එහෙම එකක් නම් කටට එන් නැ. ඇයි බොල ඉතින් ලේ කොප වෙන් නැද්ද ඔය වගෙ කතා අහද්දි. :/ :/ ඔන්න ඔහොමලු ඔය කිව්ව antiwomen පිසාගෙ චරිතෙ. :D මෙකා කතා කරන වචන දහයෙන් අටක්ම යුස් කරන්නෙ ගැණුන්නට බනිනයි, කෙල්ලෙ චපලයි කියලා ඔප්පු කරන්නයි තමා ඉතින්. 

අවුරුද්ද පහු වෙලා සිරි කොලුවත් මුට කොල් කලා සුභ පතන්න කියලා. ගත්ත ගමන්ම මොබිටෙල් එකෙ අක්කා කතා කරලා කියනවා ' ඔබ අමතන කැස්වටුවා වන්නි හත් පත්තුවෙ සිටින බැවින් මෙ මොහොතෙ සම්බන්ද කල නොහැක. ග්‍රහකයා ගහක් උඩටවත් නැගපු වෙලාවක පසුව අමතන්නලු. :/ කොම හරි තුන් හතර පාරක් ට්‍රයි කරලා මු ගහක් උඩ ඉන්න වෙලාවක් අල්ල ගත්තා.

'ආ........ මල්ලෙ..., උඹට මෙ අවුරුද්ද මල් බර පැණිබර රස බර , ජර බර නැති ජය වෙන අවුරුද්ක් වෙවා කිව්වා එහෙනම් . '
' හෆ්ෆා.........ආ.......................සිරි අයියා කට හඬ අහන්නත් ආසයි . අය ඉතින් අපිට ජිවිතෙට කොල් කරන එකක් හැ. අම්මෙ අඩෙ අයියා වැරදිලාද ගත්තෙ. ? ' 
' යකො කැස්වටුවො මං තොට කොල් කලෙ විශ් කරන්න. ලව් කරන්න නෙවෙ. විශ් කරන්න ගත්තම ඔහොමද යකො කතා කරන්නෙ... ? :/ '
' අඩෙ අයියා එසෙම වෙවා එසෙම වෙවා.. කවුද හිතුවෙ හෆ්ෆා අපිව මතක් වෙයි කියලා :) එකයි කිව්වෙ ඉතින්. මට නම් ඉතින් මල් බර නැ. අයියට කියන්න මෙ මම ඊයෙ දැක්ක සිද්දියකින් පස්සෙ මට නම් දැන් ඔය ස්ත්‍රි ලිංගෙ තියන මොන ජාතියෙ එකෙක් වත් පෙන්නන්න බැ අයියා. (හරි දැන් ඉතින් මු පැන්නා සුපුරුදු ට්‍රැක් එකට. :D දැන් ඉතින් අහන් හිටපකො මුගෙ ස්ත්‍රි වරුණාව. හුටා පටා දැන් ඉතින් මගෙ free usage එක වාෂ්ප වෙයි ඔඩිකොල්න් වගෙ. :D )

'ඇයි අර උඹලගෙ ගෙවල් ලග සුලොචනා උබෙ බෙල්ල මිරිකුවද හිනේන්වත් ඇවිත්. :D :D '  
(හෆ්ෆෙ මු පටන් ගත්තෙ නැද්ද මුගෙ මුගෙ ශුද්ද , අශුද්ද, පාලි, සංස්කෘත වචන සෙට් එකෙන් අර සුලොචනාව වර්ණා කරන්න. එවා මෙතන කියන්න බැ 18- එවුන් නැහැදෙනවා. :D )

'අහවල් සුලොචනෙක් නෙවෙ බන්. අහපන්කො මං දැක්කෙ මොකද්ද කියලා. ?'
' හා කො... කියපන්කො එහෙනම් :D '
(දැන් ඔන්න මම හා හු නොකියා අහන් ඉන්නවා. මැදින් පැනලා ඇඩ් දාන්න ගියෙ නැ. එහෙම උනොත් යන්නෙ කොහෙද මල්ලෙ පොල් වෙලා කතාව තුන් හතර පාරක් රීප්ලේ කරන්න වෙනවා. ඔයාගෙ වෙලාව මට වටින නිසා antiwomen මලයා දැක්ක සිද්දිය මම මෙහෙමම කියන්නම් කෙටියෙන්ම අරුගෙ භාෂාවෙන්ම.. :D )


' ඔන්න බලපන් අයියෙ.. මෙහෙට ඊයෙ හවස හොදටම වැස්ස. මම හවස පොඩ්ඩක් ගෙ ඉස්සරහා ඉන්න කොට බැල්ලියකුට ට්‍රයි කරනවා ටිකක් ඇග තියන බුල් බල්ලෙක්. මොනවා උනත් අර බැල්ලිට වඩ බල්ලා ටිකක් පොශ්. මු අර බැල්ලි පස්සෙමයි කොයි වෙලෙත්. එත් අර බැල්ලි අරුව සත පහකට මයිම් කරන් නැ. ( අම්මියො දැන් මම මෙ කටට ස්ටෙපරයක් ගහ ගෙන අහන් ඉන්නවා මොකද නැත්තම් මගෙ අතින් මොනාවා කියවෙයිද දන් නැනේ. බොම අමරුවෙන් හිනාව නවතගෙන හිටියෙ... මොකද සිරියස් අහගෙන හිටියෙ නැත්තම් මු කතාව මගින් නවත්තනවා. :D :D ) අයියට කියන්න අර බල්ලා පාන් කැල්ලක් හොයා ගෙන අවා කොහෙන්දො. එක දැකපු බැල්ලි , බල්ලට හෙන ලයින්. :D ඕන් බලපන් අයියෙ ගැණු ජාතියෙ හැටි. උන්ගෙ වාසියට ඕන දෙයක්. අර බැල්ලි අයියා , දන්න 64ම දලා අර බල්ලගෙන් පාන් කැල්ල උස්සව්වා. බල්ල ගොන් වස්සනේ අයියා. ඌ අහු උනා බැල්ලිට. :D :D :D (මු ස්ටොරිය කියන ස්ටයිල් එකට මට බඩ පැලෙන්න හිනා.. අම්මො කදුලුත් එනවා :D ) එකත් එහෙමයි කියමුකො අයියා. අර ____ බැල්ලි පාන් කැල්ල ගත්තා විතරයි දිව්වා මඩුවක් අස්සට. එකත් එහෙමයි කියමුකො අයියා. ( ඔන්න දැන් ඉතින් අරු පාවිච්චි කල වචන කියන්න බැ මොකද එ වචන වලින් ගොඩක් එවා සංස්කෘත :D ) මෙච්චර වැස්සෙ අර _____ බැල්ලි අර බල්ලට මඩුව ඇතුලට එන්න දෙන් නැ ගොරවනවා. අයියා බලපන් අර බැල්ලි කොච්චර බලුද, ගුණමකුද කියලා. :D :D අයියට කියන්න අයියා අර බැල්ලි අර පාන් කැල්ල කාලා ඉවර වෙනකම් බල්ලා මඩුව ඇතුලට ගත්තෙ නැ . මෙ බැල්ලිගෙ බලු කම කියන්නෙ අයියා පාන් කැල්ල කාලා ඉවර උනා විතරයි බල්ලට සද්දයක් දලා මෙ බැල්ලි මාරු උනා ශෙප් එකෙ. යකො බලපන් අයියා අර _____ බැල්ලි කල දේ. අම්මපා  මට එකෙන් පස්සෙ නම් ස්ත්‍රි ලිංගෙ තියන මොන ජාතියක එකෙක් වත් පෙන්න බැ දන්. බලපන් අයියා. බලපන් ඕන් මම කියන්නෙ බොරුද අය ගැණු ගැන.

:D :D :D සිරි කොලුවට හිනාව නවත්ත ගන්න බැරි තැන ' එකනේ බන් එකිට බැල්ලි කියන්නෙ ' කියලා ෆොන් එක කට් කලා  මිනිතුවකට.

ඔන්න ඔහොමලු ගැණු ජාතිය :D ... එවෙලෙ ෆොන් එක කට් කරලා සිරි කොලුවත් ඇත්තටම දෙපාරක් කල්පනා කලා ඇත්තටම ස්ත්‍රි ජාතිය මෙහෙමද කියලා :))) එකනෙ එකිට බැල්ලි කියන්නෙ කියලා අපහු මගෙ පිලිතුර සාධාරණිකරනය කර ගන්න උත්සහා කලා මිස අය එ ගැන වැඩිය හිතුවෙ නැ. හික්zz :D හෆ්ෆෙ ඇති දැන් කියෙව්වා .. මෙ මෙ දැන් සිරි කොලුවා නවතිනවා. අද සිරි කොලුව කියෙව්වා වැඩි ටිකක් කියලා හිතෙනවා... :D ඔයාගෙ කාලයට සිරි කොලුවා ආදරෙයි ගොඩක්. සිරි කොලුවගෙ යාලු මාලු පිස්සො ගැනයි ස්ත්‍රි වරිගෙ ඔන්න ඔහොමදලුද කියලා ඔයාටත් ගලප ගන්නයි සිරි කොලුවා මෙ කතාව මෙහෙම බ්ලොග් ගත කලේ . :D :D :D :D :D 
මෙ දැන් ඔය ගවුන් අඳින ඇත්තියො සිරි කොලුවට එරෙහිව යුධ ප්‍රකාශ කරනවා එහෙම නෙවෙ මොකද සිරි කොලුව අර antiwomen පිස්සා තරම් මානසික රොගියෙක් එහෙම නෙවෙ ඕන්. ගවුම් වලට මෙ සිරි කොලුවා ආදරෙයි , කැමතියි ගොඩක් , ඔය කොච්චර ලොකු ටොක්zz දුන්නත් අලේ........ :D :D