2/07/2012

කුණාටු රළ මත කප්පිත්තෙකු නැති අපෙ ක්‍රිකට් නැව

හ්ම්.....  කොහොමද යාලුවනේ .... ගිය අවුරුද්දෙ හම්බුනාට පස්සෙ නෙව නෙද ... :)  ඔව් සිරි කොලුවා ගොඩක් කාලයක් බ්ලොග් ජිවිතෙන් ඇත් වෙලා හිටියා ...  කියන්න බැරි වැඩ කන්දරාවකුත් එක්ක පහු ගිය  ටිකෙම ඇවිද්දෙ කටු පදුරු පිරුන මහ කැලැයක් මැදින්...  හ්ම් ....  දැන් නම් යන්තමින් කැලෙ තාම අහවර උනෙ නැතත් ඉස්සරහාට හම්බෙන කරු පඳුරු  නම් ගොඩක් දුරට අඩු වෙලා  :) හරි හරි එව්වා මෙව්වාගෙන් වැඩැක් නැ .... අලුත් අවුරුද්දෙ මාසෙකුත් ගිය තැන සිරි මල්ලි අබ මල් රෙණුවට ගොඩ උනෙ මෙ අපෙ කිරිකට් නැවෙ කප්පිත්තන්ට මොකැයි උනෙ කියලා පොඩියක් විපරන් කරන්න ... :) ඔයාලා දන්නවනෙ සිරියා 1කෙන්ම කිරිකැට් පිස්සා කියලා. :D 

ඔන්න පහු ගිය ලොක කුසලනෙ අහවර උනෙ අපෙ සිංහයො අනුශුරයො වෙලා කියලා ඔයාල කවුරුත්  දන්නවනේ. එ දෙවල් එහෙම අවසන් උන හැටියෙ අපෙ ක්‍රිකට් වලට කණකොකා හඩන්න  පටන් ගත්තා අපහු. හිතුවෙවත් නැති විදියට  පහුවදාම අපෙ කණ්ඩායමෙ නායකයා, උපනායකයා, පුහුණුකරු , තෙරිම් කමිටුව ඇතුලු හැමොම ඉල්ලා අස් උනා. අවසන් මහා තරඟය ඉවර උනා විතරයි අපෙ රටෙ මාධ්‍ය උන්දැලත්  හිටු කියල ඔච්චර දවස්  පිම්බුව බැලුමට ගල් ගහන්න පටන් ගත්තා . 

අපෙ ඇත්තොත් මැච් එක පැරදුන දුකට දවස් ගනන් නොකා නොබි පවා ඇඩු කදුලෙන් හිටියෙ. ඔය හැම දෙයක්ම වෙන අතරෙ අර කිව්ව කප්පිත්තො  ඔක්කමලා ටික ඉල්ලා අස් උනා. හැබැයි එ අවස්තාවෙ සංගායි මහෙලයි කල දෙ හරි කියලා  මම නම් හිතන් නැ. වෙලාවෙ හැටියට අපෙ සංගට තව පොඩියක් ඉවසන්න තිබ්බා.. අඩුම අපිට නව නිත්‍ය නායකයෙක් පෙන මානයක්ට වත් එනකම්. එත් අපෙ රටෙ අවසනාවට එ හැම දෙම නොහිතපු හදිස්සියකින් සිද්ද උනා .


ඔන්න එ හුට පට අතරෙම අපෙ දිලාට එ කටු ඔටුන්න දා ගන්න උනා.   දිලා එ අභියොගය  බොහොම නිර්භයව බාර ගත්තා. එ දේට ඉස්සෙල්ලම අපෙ ක්‍රිකට් වලට ආදරය කරන අය විදියට අපි මුලින්ම දිලාට ඉස්තුති වන්ත වෙන්න ඔනෙ. නවකයො කිප දෙනෙකුත් එක්ක කටු ඔටුන්න දා ගත්ත දිලාට පහු ගිය ටිකෙම හම්බුන සංචාර නම් කිසිවක් ඵලදායි උනෙ නැ. එක පිට එක තරඟ පැරදුනා. හැමොම දිලාට ඇගිල්ල දිගු කලා . එ ඇගිල්ල දිගු කල කිසිම කෙනෙක්  කල්පනා කලෙ නැ දිලා කොච්චර අමාරු රලු කුණාටු මුහුදකද මෙ නැව මෙහෙමවත්  ගිලෙන්න නොදි ගෙනියන්නෙ කියලා. කණ්ඩායමෙ  වගකිවයුතුම ක්‍රිඩකයො කිප පලක්ම සෙල්ලම් කලෙ තමන්ගෙ පෞද්ගලික ඉනිම්. කණ්ඩායම් හැගිමක් එ කිසි කෙනෙකුගෙ  මම නම් දැක්කෙ නැ. මැතිව්ස්, උපනායකයා  පවා එ වගකිම් විරහිත ක්‍රිඩා විලාශය මොනවට පෙන්නුම් කලා. තෙරිම් කමිටුවෙන් කිසිම සහයක් අපෙ දිලාට හම්බුන් නැ. අවසාන සංචාර දෙකෙහිදි ක්‍රිඩා අමත්‍යවරයට පවා තෙරිම් කමිටුවෙ තෙරිම් වලට අත පොවන්න පවා සිදු   උනා .තරඟ එක දිගට පරදින කොට බොහො අය ක්‍රිඩකයන්ට අවලාද නගන්න  වගෙම  ක්‍රිකට් වලිනුත් ඇත් වන්න පටන් ගත්තා.  එ හැම දෙකටම උත්තර බඳින්න උනෙ අපෙ අහිංසක දිලාට.  එතරම් රලු මුහුදක උනත් අවසන් දකුණු අප්‍රිකා සංචාරය දිලා  ඉතාම හොදින් අවසන් කලා කියලයි සිරිගෙ හැඟිම තරඟාවලිය අපෙන් ගිලිහුනත් . මොකද වසර ගනනාවක්ට දකුණු අප්‍රිකාවෙදි  දිනා ගන්න බැරි උන ටෙස්ට් තරඟයක්  අපෙ දිලා ඇතුලු සිංහයො දිනුවා. අවසන් එක්දින තරඟ දෙකද විශිෂ්ඨ  ලෙස හඹා  ගොස් ජය ගත්තා. එහෙත් දිලාට එල්ල උන පිඩනයන් හමුවෙ දිල්ශාන් පහුවදාම එ කටු  ඔටුන්න බිම තියනවා. බොහො අභියොගයන් මැද වසරකට අසන්න කාලයක් අපෙ ක්‍රිකට් නැව ගිලෙන්න නොදි මෙලෙස හො මෙහෙයවු අපෙ දිල්ශාන්ට  හිස නමා අපි ආචාර කල යුතුයි.

…දකුණු අප්‍රික සංචාරයෙන් පසු දිල්ශාන්ගෙන් පුරප්පාඩු  වු  නායකත්ව තනතුරට  තෙරීම්  කමිටුව  බලෙන්ම පත් කරන්නෙ අපෙ මහියව.දිල්ශාන් හා මහෙල සංසන්දනය කරන විට නායකත්වය අතින් මහෙල තරමක් ඉදිරියෙන් සිටිනවා. දිල්ශාන්ගෙ තරඟ ජයග්‍රාහි ප්‍රතිශතය 42% පමණ වන විට  මහෙල නායකත්වය  දැරු සිව් වසර තුල ඔහුගෙ තරඟ ජය ගැනිමෙ ප්‍රතිශතය 68% කට අසන්නයි.   දැනට කණ්ඩායමෙ සිටින  පලපුරුදුම ක්‍රිඩකයා  වන මහෙලට මෙ  අවස්තාවෙ මුන දෙන්න වෙලා තියෙන්නෙ  අතිශය බාරදුර කර්ත්ව්‍යකට. මහෙල කෙසෙ හො අපෙ කණ්ඩායම ජයග්‍රාහි මවතට හරවා ගත යුතුයි . අපෙන් ගිලිහෙන ක්‍රිකට්  අභිමානය නැවත් ගොඩ නංවාගත  යුතුයි.  කෙසෙ  හො වෙවා දිල්ශාන්ට නැවත   වරක් ලාබ දිමට තිබු අවස්තාව තෙරිම් කමිටුව හුදු පැලැස්තරක් පමනක් අලවමින් වසා දැමිමට මහේල  පත් කිරීමෙන් උත්සහ  දරනවා. කෙටි කාලින පැලැස්තර විසදුම් සෙවිමෙන් නැවත වරක් ශ්‍රිලංකා ක්‍රිකට් නැවතත් කුණටු මුහුදකට ගසාගෙන යනවා කියලයි මගෙ හැඟිම . ක්‍රිඩා අමත්‍යවරයාද ඇතුලුව තෙරිම් කමිටුව, ක්‍රිකට් කණ්ඩායමෙ නායකත්වය හා පුහුණුකරු  පමණක් වෙනස් කර තම ඇඟ බෙරා ගැනිමට  දරන වැයමක් ලෙසයි සිරි කොලුවා මෙය   දකින්නේ.  මාධ්‍ය සාකච්චාදි මහෙල  කිව්වෙ තව උපරිම අවුරුදක් මෙ නායකත්වය දැරිමට අකමැත්තෙන් වුවද තමා  කැමතිවු  බවයි. එසෙ නම් තව අවුරුද්දක් අවසන අපෙ නැවට කප්පිත්තෙක් කො ?

හෙටින් එලෙබෙන  තුන්කොන් තරඟාවලිය අපෙ සිංහයින්ට  ජය පැන්  උතුරන ජයග්‍රාහි  සංචාරයක් වෙවායි සිරි කොලුව  ඉත සිතින් ප්‍රර්තනා කරනවා. නව නයකයකු, පුහුණු කරුවකු,  නව තෙරිම් කමිටුවක් මෙන්ම  නව  කණ්ඩායම් කළමනාකරිතවය කෙලෙස මෙම සංචාරයට මුහුණ දෙයිද  යන්න  ශ්‍රි ලාංකික ක්‍රිඩා  ලොලින් මහත් උනන්දුවෙන් බල  සිටින්නෙමු.

7 අදහස්......:

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

අම්බෝ මු දන්න දෙවල් මෙච්චරදෙවල් දන්න අර අන්තරස්දාන් උන දවස්වල ක්‍රීකට් බොර්ඩ් එකෙවත් හිටියද බං ...?

Dinesh said...

අපිත් බලාගෙන ඉන්නේ ඉස්සර වගේ අපේ ටීම් එක සෙල්ලම් කරනකම්...

සිතුවිලි නිහඬයි said...

හම් හම්....ගොඩ කාලෙකින් ඇවිත් වැදගත් දෙයක් තමා කියලා තියෙන්නේ අයියා....

සිරි කොලුවා said...

@හිරු එළිය : හික්zz .... දන්න කාලෙ ඉදලම රූප පෙට්ටියෙ මැච් බලලා දැන් කිරිකට් ගහන උන්ට වඩා අපිට තෙරෙනවද කොහොදො බන්.......... :-D :-D
@Dinesh : ම්..... ඔව් මචං., අපෙ අභිමානය උදුර ගන්න දෙන්න බැ ..:)
@සිතුවිලි : මෙ පැත්තෙ ආවට ඉස්තුතියි ගොඩක් .... :)

ඉන්ද්‍රජිත් said...

මම කියවද්දි තවත් තරගහක් පැරදිලා...ඒත් ඉදිරියෙදි දිනයි කියල හිතෙනවා...

සංකල්ප said...

කාලෙකට පස්සේ සිරි කොලුවාව දැක්කේ.
ක්‍රිකට් අතුරුපාලක මණ්ඩලයේ පෝස්ට් එකක්වත් හම්බ උනාද මන්දා !!!

මකුළු පැංචි (මංචි) said...

බොලොග් ලියන්නෙත් නැති එකේ නරකද කිරිකට් මණ්ඩලේ අතුගාන ජොබ් එකක්වත් හොයාගත්තොත් සිරි අය්යේ... :D

Post a Comment