2/07/2012

කුණාටු රළ මත කප්පිත්තෙකු නැති අපෙ ක්‍රිකට් නැව

හ්ම්.....  කොහොමද යාලුවනේ .... ගිය අවුරුද්දෙ හම්බුනාට පස්සෙ නෙව නෙද ... :)  ඔව් සිරි කොලුවා ගොඩක් කාලයක් බ්ලොග් ජිවිතෙන් ඇත් වෙලා හිටියා ...  කියන්න බැරි වැඩ කන්දරාවකුත් එක්ක පහු ගිය  ටිකෙම ඇවිද්දෙ කටු පදුරු පිරුන මහ කැලැයක් මැදින්...  හ්ම් ....  දැන් නම් යන්තමින් කැලෙ තාම අහවර උනෙ නැතත් ඉස්සරහාට හම්බෙන කරු පඳුරු  නම් ගොඩක් දුරට අඩු වෙලා  :) හරි හරි එව්වා මෙව්වාගෙන් වැඩැක් නැ .... අලුත් අවුරුද්දෙ මාසෙකුත් ගිය තැන සිරි මල්ලි අබ මල් රෙණුවට ගොඩ උනෙ මෙ අපෙ කිරිකට් නැවෙ කප්පිත්තන්ට මොකැයි උනෙ කියලා පොඩියක් විපරන් කරන්න ... :) ඔයාලා දන්නවනෙ සිරියා 1කෙන්ම කිරිකැට් පිස්සා කියලා. :D 

ඔන්න පහු ගිය ලොක කුසලනෙ අහවර උනෙ අපෙ සිංහයො අනුශුරයො වෙලා කියලා ඔයාල කවුරුත්  දන්නවනේ. එ දෙවල් එහෙම අවසන් උන හැටියෙ අපෙ ක්‍රිකට් වලට කණකොකා හඩන්න  පටන් ගත්තා අපහු. හිතුවෙවත් නැති විදියට  පහුවදාම අපෙ කණ්ඩායමෙ නායකයා, උපනායකයා, පුහුණුකරු , තෙරිම් කමිටුව ඇතුලු හැමොම ඉල්ලා අස් උනා. අවසන් මහා තරඟය ඉවර උනා විතරයි අපෙ රටෙ මාධ්‍ය උන්දැලත්  හිටු කියල ඔච්චර දවස්  පිම්බුව බැලුමට ගල් ගහන්න පටන් ගත්තා . 

අපෙ ඇත්තොත් මැච් එක පැරදුන දුකට දවස් ගනන් නොකා නොබි පවා ඇඩු කදුලෙන් හිටියෙ. ඔය හැම දෙයක්ම වෙන අතරෙ අර කිව්ව කප්පිත්තො  ඔක්කමලා ටික ඉල්ලා අස් උනා. හැබැයි එ අවස්තාවෙ සංගායි මහෙලයි කල දෙ හරි කියලා  මම නම් හිතන් නැ. වෙලාවෙ හැටියට අපෙ සංගට තව පොඩියක් ඉවසන්න තිබ්බා.. අඩුම අපිට නව නිත්‍ය නායකයෙක් පෙන මානයක්ට වත් එනකම්. එත් අපෙ රටෙ අවසනාවට එ හැම දෙම නොහිතපු හදිස්සියකින් සිද්ද උනා .


ඔන්න එ හුට පට අතරෙම අපෙ දිලාට එ කටු ඔටුන්න දා ගන්න උනා.   දිලා එ අභියොගය  බොහොම නිර්භයව බාර ගත්තා. එ දේට ඉස්සෙල්ලම අපෙ ක්‍රිකට් වලට ආදරය කරන අය විදියට අපි මුලින්ම දිලාට ඉස්තුති වන්ත වෙන්න ඔනෙ. නවකයො කිප දෙනෙකුත් එක්ක කටු ඔටුන්න දා ගත්ත දිලාට පහු ගිය ටිකෙම හම්බුන සංචාර නම් කිසිවක් ඵලදායි උනෙ නැ. එක පිට එක තරඟ පැරදුනා. හැමොම දිලාට ඇගිල්ල දිගු කලා . එ ඇගිල්ල දිගු කල කිසිම කෙනෙක්  කල්පනා කලෙ නැ දිලා කොච්චර අමාරු රලු කුණාටු මුහුදකද මෙ නැව මෙහෙමවත්  ගිලෙන්න නොදි ගෙනියන්නෙ කියලා. කණ්ඩායමෙ  වගකිවයුතුම ක්‍රිඩකයො කිප පලක්ම සෙල්ලම් කලෙ තමන්ගෙ පෞද්ගලික ඉනිම්. කණ්ඩායම් හැගිමක් එ කිසි කෙනෙකුගෙ  මම නම් දැක්කෙ නැ. මැතිව්ස්, උපනායකයා  පවා එ වගකිම් විරහිත ක්‍රිඩා විලාශය මොනවට පෙන්නුම් කලා. තෙරිම් කමිටුවෙන් කිසිම සහයක් අපෙ දිලාට හම්බුන් නැ. අවසාන සංචාර දෙකෙහිදි ක්‍රිඩා අමත්‍යවරයට පවා තෙරිම් කමිටුවෙ තෙරිම් වලට අත පොවන්න පවා සිදු   උනා .තරඟ එක දිගට පරදින කොට බොහො අය ක්‍රිඩකයන්ට අවලාද නගන්න  වගෙම  ක්‍රිකට් වලිනුත් ඇත් වන්න පටන් ගත්තා.  එ හැම දෙකටම උත්තර බඳින්න උනෙ අපෙ අහිංසක දිලාට.  එතරම් රලු මුහුදක උනත් අවසන් දකුණු අප්‍රිකා සංචාරය දිලා  ඉතාම හොදින් අවසන් කලා කියලයි සිරිගෙ හැඟිම තරඟාවලිය අපෙන් ගිලිහුනත් . මොකද වසර ගනනාවක්ට දකුණු අප්‍රිකාවෙදි  දිනා ගන්න බැරි උන ටෙස්ට් තරඟයක්  අපෙ දිලා ඇතුලු සිංහයො දිනුවා. අවසන් එක්දින තරඟ දෙකද විශිෂ්ඨ  ලෙස හඹා  ගොස් ජය ගත්තා. එහෙත් දිලාට එල්ල උන පිඩනයන් හමුවෙ දිල්ශාන් පහුවදාම එ කටු  ඔටුන්න බිම තියනවා. බොහො අභියොගයන් මැද වසරකට අසන්න කාලයක් අපෙ ක්‍රිකට් නැව ගිලෙන්න නොදි මෙලෙස හො මෙහෙයවු අපෙ දිල්ශාන්ට  හිස නමා අපි ආචාර කල යුතුයි.

…දකුණු අප්‍රික සංචාරයෙන් පසු දිල්ශාන්ගෙන් පුරප්පාඩු  වු  නායකත්ව තනතුරට  තෙරීම්  කමිටුව  බලෙන්ම පත් කරන්නෙ අපෙ මහියව.දිල්ශාන් හා මහෙල සංසන්දනය කරන විට නායකත්වය අතින් මහෙල තරමක් ඉදිරියෙන් සිටිනවා. දිල්ශාන්ගෙ තරඟ ජයග්‍රාහි ප්‍රතිශතය 42% පමණ වන විට  මහෙල නායකත්වය  දැරු සිව් වසර තුල ඔහුගෙ තරඟ ජය ගැනිමෙ ප්‍රතිශතය 68% කට අසන්නයි.   දැනට කණ්ඩායමෙ සිටින  පලපුරුදුම ක්‍රිඩකයා  වන මහෙලට මෙ  අවස්තාවෙ මුන දෙන්න වෙලා තියෙන්නෙ  අතිශය බාරදුර කර්ත්ව්‍යකට. මහෙල කෙසෙ හො අපෙ කණ්ඩායම ජයග්‍රාහි මවතට හරවා ගත යුතුයි . අපෙන් ගිලිහෙන ක්‍රිකට්  අභිමානය නැවත් ගොඩ නංවාගත  යුතුයි.  කෙසෙ  හො වෙවා දිල්ශාන්ට නැවත   වරක් ලාබ දිමට තිබු අවස්තාව තෙරිම් කමිටුව හුදු පැලැස්තරක් පමනක් අලවමින් වසා දැමිමට මහේල  පත් කිරීමෙන් උත්සහ  දරනවා. කෙටි කාලින පැලැස්තර විසදුම් සෙවිමෙන් නැවත වරක් ශ්‍රිලංකා ක්‍රිකට් නැවතත් කුණටු මුහුදකට ගසාගෙන යනවා කියලයි මගෙ හැඟිම . ක්‍රිඩා අමත්‍යවරයාද ඇතුලුව තෙරිම් කමිටුව, ක්‍රිකට් කණ්ඩායමෙ නායකත්වය හා පුහුණුකරු  පමණක් වෙනස් කර තම ඇඟ බෙරා ගැනිමට  දරන වැයමක් ලෙසයි සිරි කොලුවා මෙය   දකින්නේ.  මාධ්‍ය සාකච්චාදි මහෙල  කිව්වෙ තව උපරිම අවුරුදක් මෙ නායකත්වය දැරිමට අකමැත්තෙන් වුවද තමා  කැමතිවු  බවයි. එසෙ නම් තව අවුරුද්දක් අවසන අපෙ නැවට කප්පිත්තෙක් කො ?

හෙටින් එලෙබෙන  තුන්කොන් තරඟාවලිය අපෙ සිංහයින්ට  ජය පැන්  උතුරන ජයග්‍රාහි  සංචාරයක් වෙවායි සිරි කොලුව  ඉත සිතින් ප්‍රර්තනා කරනවා. නව නයකයකු, පුහුණු කරුවකු,  නව තෙරිම් කමිටුවක් මෙන්ම  නව  කණ්ඩායම් කළමනාකරිතවය කෙලෙස මෙම සංචාරයට මුහුණ දෙයිද  යන්න  ශ්‍රි ලාංකික ක්‍රිඩා  ලොලින් මහත් උනන්දුවෙන් බල  සිටින්නෙමු.

9/11/2011

සඳක් උනෙ ඇයි මම ...>

පොළවයි , සඳයි ......
හරි අපුරු චරිත දෙක ,
හරි අපුරු ආදරය ,
හරි අපුරු සෙනෙහස
දන්නවද ඇයි කියලා එ '  .........?
පොළවෙ තියන අසීමිත බැදිම නිසා,
සඳෙහි ඇති අසීමිත ආදරය නිසා ...
අඩු උනොත් බැඳිම පොළවෙ
සඳු ඇතට යන එක වලකන්න ,
සඳටවත් බැරි වෙවි ..
එ ,
අඩු කමක් නිසා නෙවෙ සඳෙහි ආදරයෙ ,
අඩු කමක් නිසා නෙවෙ පොළවෙ ආදරයෙ....... 
හුදෙක් අඩු නිසා, එ බැඳිම පොළවෙ........
සවියෙන් ලිලිපුට්ටකු වන සඳට
නැලු කිසිම හයියක් සරි කරනට එ බැඳිම
ඉතින්, හීන උවහොත් එ බැඳිම
කෙලෙස නවතම්ද යනෙන එක දුර සඳ ....., පොළවෙන් .............





බොහො කලකට පසු බ්ලොගයට ගොඩ උන සිරි කොලුවට අහෙතුකවම බොහොම අපුරු චරිත දෙකක් මතකයට අවා .  කෙසෙ හෝ වෙවා ලියවුන බොහොම සරල වචන දෙක තුනට බොහොම සංශික්ප්ත  ඌණපුර්නයක් එකතු කරන්න හිතුවෙ කියවන ඔයාට කුඩා හෝ සිතිය යුතු යමක් මෙහි ගැබ්ව ඇතැයි සිතුන නිසාමයි.   ම්..... සඳු සමඟ පොළව  , දන්නවද ඔයා සරල සාමන්‍ය හෞතික විද්‍යාවට අනුව පොළවෙ ගුරුත්වය නැති නම් සඳු ලඟින් තියා ගන්න බැරිලු. සඳුගෙ ස්කන්දය පොළවට සාපෙක්ශව බොහොම කුඩා නිසා එයාට ස්වායත්තව  පොළව ලඟින් ඉන්න බැරිලු . සඳුට කෙතරම් වුවමනාවක් තිබුනත් , ආදරයක් තිබුනත් එයා අසරණයි . පොළවෙ බැඳිම / ගුරුත්වය හීන උනොත් සඳුට වෙන දෙ ඔයාට තෙරෙනවානේ ....... :) ඉතින් සඳු ඇතට ගියොත් අපෙ දබරඟිල්ල  සඳුට දිගු කරන එක කෙතරම් සාධාරණද ........ ? 

අපි හැමොටම විවිධාකාර වු බැඳිම් මෙ සමාජයෙ තියනවා . සහොදර බැදිම්, හිත මිත්‍ර බැදිම් , නැදැ බැඳිම්, ගුරු ගෝල බැදිම්, බොහොමයි . නිකමට හිතලා බලන්න ඔය අපමණ වු බැඳිම්  සමුදායක් සමඟ දිවි  ගෙවන ඔයාට යම් වෙලාවක සඳුගෙ චරිතය අත්වුන අවස්ථා නැත්තෙමත් නැ නෙද ........... ?  :)

7/18/2011

ආඩම්බරයි අප්පච්චි මට ............

ආදර අප්පච්චි, 

අප්පච්චි ඊලඟ සතියෙ නිවාඩු එනවා නෙද ? දවස් 45ක් යනවා දැනුනෙවත් නැ . අප්පච්චි ගියෙ ඊයෙ පෙරෙදා  වගෙ මට මතක . මතකද ගිය අවුරුද්දට ඉස්සෙල්ලා අවුරුද්දෙ බන්ටි නංගිගෙ හතර වෙනි උපන්දිනය දවසෙ කැම්ප් ගිය අප්පච්චි අය අවෙ බන්ටිගෙ පස් වෙනි උපන්දිනෙට මාසයක් තියලා . අපිටත් වඩා දැන් සතුටු අපෙ අම්මාට අප්පච්චි . මොකද දැන් අපෙ අප්පච්චි හැම නිවාඩුවටම ගෙදර එනවනේ .  මට මතක් වෙන්නෙම ඉස්සර අපෙ අම්මගෙ නිවුස් බලද්දි මුන.  නිකන් කජු ලෙල්ලක් වගෙ.එකට දැන් අපෙ අම්මා නිවුස් බැලුව කාලයක් මතක නැද්ද කොහෙදො . මතකද අප්පච්චි බන්ටි එ දවස් වල අත්තා එක්ක ඉස්කොලෙ යවලා අපෙ අම්මා මව පස්සෙ බස් එකෙ පහු කරලා එක්කන් යනවා . අපෙ හිත් වලට එ සතුට, නිදහස සැහැල්ලුව අරන් අවෙ අපෙ අප්පච්චිලා දිවි එපා කියලා අපෙ රට වෙනුවෙන් සටන් කල නිසා, ජිවිත පිදුව නිසා කියලයි අපෙ ටිච කිව්වෙ .
ගිය සතියෙ  රණවිරු සැමරුම අපෙ ඉස්කොලෙත්  බොහොම ලොකුවට සැමරුව අප්පච්චි .එදා ඉස්කොලෙ හැමොම මම දිහා බැලුවෙත් රණවිරුවෙක් දිහා බලනවා වගෙ . එ මගෙ අප්පච්චි නිසා . එදා දැනුන අඩම්බරය නම් ඉහටත් උඩින් . අප්පච්චිලා අර බෆල් කැබ් පෙරලලා පස් බැමි කැඩුව විදිය මම යාලුවන්ට කියද්දි එ අයගෙ  මුණු බයවෙලා තිබුන විදිය මතක් වෙද්දි මට තාමත් හිනා යනව. එදා අප්පච්චිගෙ යාලුවා නිශාන්ත මාමාට උන දෙ මතක් වෙද්දිනම් දුකටත් වඩා මගෙ ලේ කොප වෙනවා අප්පච්චි . අපේ නිදහස නැති කල ,අපෙ ජිවිත නැති කල , අපේ රටම විනාස කල එ පාපතරයො හැම එකාම එකෙක් නැර කඩු ගැව එක නම් ලොකු පිනක්. එ පිනම අති මගෙ අප්පච්චිලාට නිවන් දකින්න . ආ......... ඔන්න ඔන්න ඉතින් සුදු අප්පච්චි චුටි පුතට බනින්න හදනවා . හිතෙ තියන වෛරයකට හෙම නෙවෙ කිව්වෙ එකා නැර මැරුව එක හොදයි කියලා . අර අප්පච්චි හැමදාම කියන්වා වගෙ මෙ රට අපෙ අම්ම නෙව. අපෙ අම්මට කරදරයක් හිරිහැරයක් වෙද්දි ඉවසන් ඉන්න බැ කියලා මගෙ අප්පච්චිමනේ මට කිව්වෙ.
ම්.... කොමද අප්පච්චි අර වෙලෙ කාඩෙ කුමාර මාමට. .. දැන් කැම්ප් එනවා නෙද ? රොද පුටුවෙ ඉන්න කොට නම් මම කවදාවත් හිතුවෙ නැ මෙච්චර විගහකට කුමාර මාම ඇවිදිවි කියලා . හම්බුනොත් මතක කලා කියන්න අප්පච්චි .  අර එදා කුමාර මාමගෙ නැන්දා එවලා තිබුණ වන්ඩු ආප්පත් රසයි කිවා කියන්න හොදෙ.  ආ.. අප්පච්චි බන්ටි නංගි කිව්වා මෙ පාර බුන්දි ගෙන කොට ටවුමෙ අඹ ගහ හංදියෙන් ගන්න එපා කියලා. අප්පච්චි එන ගමන් අපෙ ඉස්කොලෙ හංදියෙන් බැහැලා එතන බංඩෙ සීයගෙ කරත්තෙන් බුන්දි අරන් එන්න හොදේ. බංඩෙ සීයාගෙ බුන්දි රසයි ටවුමෙ එවට වඩා.
අපි හැමොම සනීපෙන් අප්පච්චි. මම දැක්කා අපෙ අම්මත් ලියුම් කඩදහියක් ලියනවා ඊයෙ රැ . අත්තත් ඔන්න උදෙ කැව ගමන් පන්සලට ගියා . වස් දානේ සිට්ටු බෙදන්න යනවා මගෙ හිතේ . එහෙනම් අදට නවතින්නම් අප්පච්චි. අප්පච්චි ඊලග සතියෙ එනවානේ එහෙනම් .. . පරිස්සමෙන් ඉන්න මගෙ අප්පච්චි. මගෙ අප්පච්චිට දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි. තෙරුවන් සරණයි .....!!


                                                                     මීට ,                                                                      ආදර චුටි පුතා.









ප . ලි : සිරි කොලුවා මෙ පොස්ට්ටුව ලියලා නම් දැන් ටික දවක්. ඩ්‍රාෆ්ට් තිබිලා අහම්බෙම් ව්ගෙයි දැක්කෙ. ලියලා තිබුනෙ අර රණවිරු සැමරුම් දවස් වල. :)) පබ්ලිශ් නොකලෙත් මෙකෙ එතරම් ගත යුතු යමක් නැ කියලා හිතුන නිසාමයි. ම්..... එත් අද දැක්කම හිතුනා ගත යුතු දෙයක් පොස්ටුවෙ නොතිබුනත් අපෙ රණවිරුවන් ගැන නිකමට හරි ආවර්ජනයකට මෙය ඉවහල් වෙයි කියලා. .. :))

7/04/2011

කලකින් රේණු නොවැටුනාට සමාව .......

පහු ගිය මාසෙ පුරාවට අබ මල් රේණුවෙ රේණු නොවැටුනාට ඔන්න ඉතින් ඉස්සෙල්ලාම සමාව ඉල්ලනවා අබ මල් රෙණුව පැත්තෙ ආව ගිය හැමොගෙන්ම . එහෙම කිව්වට ඉතින් මෙ පැත්තෙ එහෙමට කියලා අව ගිය ගොඩක්  නම් නැ. :D  නිකන් හරි එහෙම කිව්වෙ stats tab  එකෙ හැමදාම දහ දොලොස් දෙනෙක් හරි අවා කියලා පෙන්නුව නිසයි. පහු හිය මාසෙ පුරාවටම රේණු නොවැටුනෙ සිරි කොලුවගෙ හිත් අමාරුවකට නොවන වග නම් ඔක්කටම කලින් කියන්න ඔන. අද කාලෙ බුකියෙ , බස් එකෙ, බ්ලොගයක කොල්ලෙක්ට හිත් අමාරුවක් නම් එකෙ කොනක ගවුම් කැල්ලක් එල්ලිලා නොතිබුනොත් තමා පුදුමෙ. :D අලෙ ඔන්න ඔයා කියන්න කලින්ම කිව්ව ඔන්න මෙ සිරි කොලුවට නම් එ වගෙ ආබාධයක් උනෙ නැ. :)) දන්නවනේ ඉතින් මෙ සිරියා ඔය ගවුම් කැලි එක්ක වැඩි සම්බන්ධයක් නැ නේ. :D කොහොම උනත් පහු ගිය දොහෙ සිරි කොලුවට keep alwz smile theory  එකෙ නම් ඉන්න ටිකක් අමාරු උනා . මාසෙන් භාගයක්ම කොලුවගෙ මොට්ටසොලියෙ අභාගෙ විභාග වලට සෙට් උනා . ඔය අස්සෙ සුපුරුදු හෙම්බා හොඳටම වැඩි වෙලා උන  කටුව කටෙ ගහලා තමා නැවතුනෙ . ඔයෙත් එක්කම සිරි කොලුවගෙ මැණියනුත් ටිකක් අසනිප උනා . කොමෙන් කොමෙන් හරි පහු ගිය සති කීපයෙම අවිවෙකය උපරිමයෙන් වින්දා. සිරි කොලුවගෙ මිත්‍රයො දන්නවා ඇති නේ පහු ගිය ටිකෙ සිරි කොලුවා බුකියෙවත් බෙහෙතකට හොයා ගන්න ඔනලයින් හිටියෙ නැ . බල්ලට ඇති වැඩකුත් නැ හිමින් ගමනකුත් නැ කිව්ව වගෙ මෙ සිරියටත් දැන් නම් වැඩක් ඇතා නැතා මු බිසීලු .... :D   

හ්ම්......... ඉස්සරහට එන සති කීපයෙවත් අබ මල් රෙණුවෙ රෙණු එකක් දෙකක් හරි වැටෙයි කියලයි මෙ සිරි කොලුවා හිතන් ඉන්නෙ . උහ් ...ඉස්සරහට සිරි කොලුවගෙ මොට්ට සොලියෙ තියෙන වැඩ මතක් වෙද්දි මෙ තරම් වත් හිතෙ නිදහසක් තියෙවිද කියල නම් සිරි කොලුවටත් සැකයි . :(((( පුලුවන් විදිහට අලුත් කවියක් , නිසදැසක්, කතාවක් , ලියවුනොත් මෙ අබ මල් රෙණුවෙ රෙනුවක් දෙකක් වට්ටවන්න  මෙ සිරි කොලුවා අතපසු කරන් නැ . හ්ම්..... එහෙනම් හැමොටම තෙරුවන් සරණයි, ජයෙන් ජය . :)))))

5/30/2011

ආදරයක ඔට්ටුව....




යනකොට ඉස්සර ඉස්කොලෙ මම උදේ......... 
තියනවා ඔට්ටුවට උබෙ ආදරේ.. 
දෙක තුනකට වැඩි නැති හැතැම්ම..... 
ගල් බොරලු පාරෙ , 
සපත්තුවයි ගල් පොඩිතියි අතර, 
උඹෙ ආදරෙ දොලනය වන අපුරුව........... 
ගහන්නෙ එක ගලකට, බලාගෙන තව ගල් පොඩියක් ..... 
වැදුනොත් ගැසු ගල එලෙසම සිතු ගලෙහි, 
සතුටුයි මෙ හිතට, 
මොකද , 
ස්නායු සමායොජනේ , සාපෙක්ෂ ප්‍රවෙගෙ...... 
තක්කෙටම ගැලපුන නිසා නෙවෙ......... 
උබෙ ආදරෙ ස්කන්ධය ,
මට මැන ගන්න ඇහැකි උන නිසා.............. 
සිව් වසකට වැඩි කලක්, 
වාරයකට සපත්තු කුට්ටම් දෙක තුනක ලස්සන බැලු මට , 
අවසන උරුමය,
උඹෙ, 
ගිම්හානෙට ඉරි තැලුන හදවතද? 
කැඩුනු සපත්තුවද ?....
.
                                                      


හවස් ජාමෙක සිරි කොලුවා, සිරි කොලුවගෙ බොම කුලුපග මිත්‍රයින් දෙන්නෙක් එක්ක තේ වතුර ටිකක් තොල ගාන ගමන් ඔයින් එක මිත්‍රයෙක් සිරි කොලුවා එක්ක දෙඩුව ඇබින්දන් කතාවක් මේ. කතාව ඇබින්දං උනාට සිරි කොලුවට නම් හිතුනෙ මෙක ඇතුලෙ අපුරු , අප්‍රමාන ආදරයක් , සෙනෙහසක් ගැබ් වෙලා තියනවා කියලයි. ඔයා දන්නවානේ අපි හැමොටම එක එක විදියෙ නානාප්‍රකාර පුරුදු තියනවා. සිරි කොලුවගෙ මෙ මිත්‍රයාටත් අන්න එ වගෙ හරි අපුරු පුරුද්දක් තිබිලා තියනවා, ඉස්සර ඉස්කොලෙ යද්දි පාරෙ තියන පොඩි ගල් කැට වලට පයින් ගහන. එ නිකම් නෙවෙ, තමන්ගෙ ආදරෙ තරම මනින්න. ගැසුවම පයෙන් ගල් පොඩියකට වැදුනම හිතන් හිටි ගල් පොඩිත්තෙ මුට තියෙන සන්තොසෙ අප්‍රමානයිලු. :D මොකද ''මගෙ රත්තරන්ගෙ ආදරෙ හැමදාම මගෙත් එක්ක ඉන්නවා '' කියන සිතුවිල්ලට තැබු ඔට්ටුව ජය ගත් නිසා. මෙ පුරුද්ද කොච්චරද කියනවා නම් මුට වාරෙකට සපත්තු කුට්ටම් තුන හතරක්ම යනවලු උදෙ හවා ඉස්කොලෙ යද්දි එද්දි ගල් වලට පයින් ගහලම .. :D ඔන්න මෙක බොරුවක් වත් අතිශොක්තියක්වත් නෙවෙ හොදෙ. සිරියගෙ මිත්‍රයකුටතිබුන අපුරු පුරුද්දක් වගෙම එ තුල ගැබ් වෙලා තිබුන අපුරු ආදරයත් නිසාමයි මෙ කාතාව බ්ලොග් ගත කලෙ. 





ප. ලි : තොප්පිය හරි යන මා මිතුරෙ... :D , මචං දන්නවා මම උබ මෙ පොස්ට් එක කියාවනවා කියලා කොයිම වෙලෙක හරි. මෙ කාතාව උබ නිධාන වෙලා හැදුන එකක් කියලා මෙ සිරි කොලුවගෙ කටින් නම් එලියට යනවා බොරු. :D බය වෙන්න නැතුව හිටපන් මචන් , අය ඉතින් ගඟෙ මුහුදෙ දැන්මා වගෙ තමා.......... :D 

5/21/2011

වියොවක සංකාව................

ලොව දිනු, දිලු, දිලු අයියෙ.......
සුවඳ මලකි , දුලබ ගසකි,
නුඹ මට , මල් ගොමුවක පොහොට්ටුවකි,
තවමත් සුවද දෙන.....
නොසිතෙයි තවමත්, පොහොට්ටුවක් අකාලයෙහි,
ගිලිහි බිම වැටුන බව.....
නිහඬ ලොව බිදිනට ,
මඟ බලන් සිටි අපට ,
දෙවියන් කල මෙ අවැඩ
කෙලෙස නම් දරා ගම්ද? ...............
මිනිසත් කමින් ඔඳ වැටුන ,
සහොදරයකුගෙ නික්මිම ,
අටලො දහම පුරුදු මහදටද ,
දරා ගත නොහැක අද මට.... ..........
නැත දැගිලි තුඩට සවියක් ,
ලියන්නට නුඹෙ ගුණ වරුන තවත් ..
බොදවන දෙනෙත්, අහුරයි මඟ , පැන් තුඩේ....................
අසම්මත් වුවත් පැතුම මෙ සිරි කොලුවගෙ ,
නිවන් සුව නොපතා ,
උපදින්නයි අප අතරම,
මෙ අත් භවයෙම...................................................


එදා සයිබර් අවුරුදු සැනකෙලියෙදි හැබහින් දැක සිනා සුන දිලුම් අයියෙ නුඹ අද මෙලෙස අප අතැර යැයි කියා සිහිනෙන්වත් නොපැතුවෙමි. සුදු හංසි අක්කගෙ මිතු දම හරහා මමද නුබ හඳුන ගත් පසු එතරම් සමිපව ඇසුරු කරන්න නොලැබුනත් අයියෙ උබ මට එව්ව sms දෙක තුනෙත් අසීමිත ලෙන්ගතු කමක් තිබුනා....... මතකයි මට කියනවා ''මල්ලි මම හෙට කොලබ යනවා., සී.ටි. එකක් කරන්න. ... පහුවද අහුවම කොහොමද ඊයෙ වැඩෙ කියලා... කිව්වෙ සතියකින් රිපොට් එක එනකම් ඉන්නවා මල්ලි කියලයි. හැමදාම බැරි උනත් සතියකට වරක් වත් මුනු පොතෙ හරි sms එකකින් හරි අයියගෙ සැප දුක අහන්න මම අමතක කලෙ නැ. '' අයියා මම අයියලගෙ ගෙදර එන්නම් ... මම මෙ ටිකෙ නිවාඩු කිව්වම ... '' දිලුම් අයියෙ උබ මට කිව්වෙ '' එන්න එපා බන් මල්ලි දැන්මම , මෙ දවස් වල වැස්ස නිසා එන්න අමරුයි අපෙ ගෙදරට '' කියලා....හ්ම්... ෆොන් එකෙ එ කොන්ටැක් එකට මම අය කාට මැසෙජ් කරන්නද... ලියන්න බැ මීට වඩා. ලියවෙන් නැ මිට වඩා. පතන්නෙ නුඹට ඊලඟ ආත්මෙක හරි අපෙම මිත්‍රයෙක් වෙලා අපි අතරම ඉන්න කියලයි. ........



* පින්තුරය ගත්තෙ සුදුහංසි අක්කාගෙ බ්ලොගයෙන්. හංසි අක්ක දාලා තිබුනෙ එකෙ ලිශාන් කියන අයියගෙ බ්ලොගයෙන් ගත්තා කියලයි. මෙ පින්තුරය හරිම වෙනස්. දැක්කම ගොඩක් දුක වැඩි වෙනවා. හිතුනා මෙකම මමත් දාන්න ඔනෙ කියලා.........

සිරියගෙ වෙසක් සිරි ............ :))

වෙන කවදටත් වඩා මෙවර වෙසක් දිනය ලොක වාසී බෞද්ධ හැමොටම සුවිශේෂයි නේ. 2600 වෙනි සම්බුද්දත්වජයන්තියට සිරිකොලුවත් පිලිවෙතින් කෙසෙ වෙතත් පිලිවෙලින් පෙල ගැහුනා. :) පෝය දවසෙ සිල් සමාදන් වෙන්න බැරි උනත් අම්මා තාත්තා එක්කලා උදෙම දානෙ අරන් ගිහින් එ කටයුතු වලට සහභාගි වෙන්නත් සිරි කොලුවා අතපහු කලෙ නැ. ගමෙ පන්සලෙ පොඩි හමුදුරුවන් තුන් නම සිරි කොලුව එක්ක බොම කුලුපඟයි. එනිසාම ආ පයින් අපහු හැරෙන්නත් බැනේ... පන්සලෙ තිබුණ පොඩි පොඩි වැඩ කටයුතු ටිකත් ඉවර කරලා හැරෙන තැපැලෙන් කොල්ලා ගෙදර අවෙ සිරි කොලුවගෙ අන්ඩකන්ස‍්ට්‍රක්ශන්  වෙසක් කුඩු ප්‍රොජෙට් එක ඉවර කරන්න හිතා ගෙන. ( හික්zz ලොකු වචන දාලා කිව්වට කුඩු පහයි හැදුවෙ හොදෙ... :D ) හැම දාම වගෙ සිරි කොලුවගෙ මැන්ගො ෆ්‍රෙඩාගෙ සප් එක  1කෙන්ම ලැබුන නිසා වැඩෙ ඉවර කර ගත්තා ඉර මුදුන් වෙන්න කලියෙන්. මෙහෙම හිටියට ප්‍රසිඩන්ට්ගෙ සෙකට්ට්‍රිටත් නැති වැඩ තමා සිරි කොලුවට තියෙන්නේ. තිබුන වෙලාව හිඟ කම නිසාම මෙ පාර කුඩු නොහදා ඉන්න හිතුවත් යකො 2600 සම්බුද්ධත්වජයන්තියටවත් නැති කුඩු අර මොකටද කිව්වා වගෙ කොමෙන් හරි කුඩුවක් දෙකක් හැදුවා ඕන්. 

uh...... මෙ කුඩු හදපු එක ගැන පම්පොරියක් කෙලින්න එහෙම නෙවෙ මෙ පොස්ට් එක ලියන්න හිතුවෙ. සිරි කොලුවා දැක්ක වෙසක් කුඩු වල මොඩන් විකසනෙ ගැන පොඩි දෙයක් කියන්නයි ලියන්න හිතුවෙ. ඔය කියන විකසනෙ මෙ කාලේ හොදම එක තමා අර ප්ලාස්ටික පට්ටම් කුඩු. ඊට කලින් ඔන්න තිබුනා යකඩ පට්ටම්. කොමෙන් කොමෙන් හරි උණ පට්ටමෙන් , කාඩ්බොඩ් පට්ටමෙන්, යකඩ පට්ටමෙන් ඔන්න අන්තිමට ඇවිත් නතර උනෙ ප්ලාස්ටික් පට්ටමෙ. හනේ කාලෙ වනේ  වාසෙ කියන්නෙ කට කහනවට නෙවෙයි නොවැ. අද කාලෙ පොඩි එවුන්ට වෙසක් කුඩුවක් හදන එක  mister pop tipitip pack එකෙ රෙසින් කාර් එක හදනවා වගෙ ගෙමක්ම නැති වැඩක් වෙලා ඕන්. කැඩුවා , ගැහුවා, හැදුවා. 3 way hand make මෙතඩ් එක තමා දැන් කාලෙ ඉන්න පොඩි එවුන් යුස් කොලන්නෙ. යකො ඉතින් මුන් ලොකු උනාම අර දකින දකින ලස්සන බොනික්කියන්ටත් ඔකම නොකර හිටියොත් තමා පුදුමෙ කිව්වලු. කැඩුවා , ගැහුවා, හැදුවා......හික්zz. :D 
 
 ඔන්න පොයට ඉස්සෙල්ල දවසෙ හවස සිරි කොලුවා දා ගෙන උණ බටයක් පලනවා. වට පිට බැලිල්ලක් නැ පහුවදා රැ වෙන්න කලියෙන් කුඩු ටික අටව ගන්න ඔනෙ නිසා nonstop වැඩ ඉතින්. සිරි කොලුවගෙ මැණියන් අර පහ වසරෙ පොඩි එවුන්ට ලොකු ඉස්කොල වලට visa නැතිව යන්න අර ඉස්කොලශිප් අරන් දෙන්න පන්ති කරනවා පොඩි එවුන්ට. එක නිසා කොයි වෙලෙ බැලුවත් පොඩි එවුන් එකෙක් දෙන්නෙක් නැති වෙන් නැ සමහර දාට. '' ආ.... අයියා ඔච්චර පොඩිවට කැපුවම හොදට පත්තු වෙනවද ? '' :o ඔලුව උස්සලා බැලින් නම් අඩි තුනෙ බටු ඇටයෙක් මම උණ බට පලන දිහා බලන් ඉන්නවා . '' හැ බොල පොඩි කැස්වටුවො උබට පෙන්නෙ මම ලිපෙ දාන්න උණ පලනවා වගෙද? '' කියල අහන්න හිතට අවත් මු පොඩි එකෙක් නිසා ''නැ මලේ කුඩු හදන්න කුරු කපනවා'' කිව්වා. ඔන්න දැන් ඉන්න පොඩි එවුන් .. යකො මුන්ට තෙරෙන් නැ මෙ වෙසක් කලෙ උණ කපන්නෙ කුඩු හදන්න කියලවත්. හිතන්න එපා මම මෙ පොස්ට් එක රස කරන්න අතිශොක්තියෙන් මෙවා ලියනවා කියලා. මෙ ඇත්තටම සිරි කොලුවගෙන් පොඩි එකෙක් ඇහැව්ව කතාවක්. ඔන්න ඔය හෙතුව නිසාමයි මෙ පොස්ට් එක ලියන්නත් හිතුවෙ. ඊට පස්සෙ පොඩි එකාගෙ කටින් ආව උත්තරෙ තමා මෙ. ''අපෙ ගෙවල් ගාව හන්දියෙ කඩෙන් කිව්ව නම් ප්ලාස්ටික් කුඩුවක් ගෙනත් දෙනවනේ අයියා'' '' නැ පොඩ්ඩො මෙක මමම හැදුවම තමා මට සතුටු කියලා මම මගෙ වැඩෙ කලා , ඔන්න අද කාලෙ පොඩි එවුන් instant noodles කාලා හැම දෙම instant වෙලා තියන අපුරුව හිත හිත. දරුවෙක් වදන කොට විලි රුදාව වැඩි වෙන තරමටලු අම්ම කෙනෙක් තමන්ගෙ දරුවට තියන සෙනෙහස, ආදරය වැඩි වෙන්නේ. එ වගෙම තමා යම් දෙයක අගෙ තෙරෙන්නෙ වටිනාකම තෙරෙන්නේ ,එ දෙට තියන ශ්‍රද්ධාව භක්තිය වැඩි වෙන්නෙ එ කටයුත්ත වෙනුවෙන් අප කරන දෙ ඇඟට දැනෙන්න අපෙ වෙහෙස මහන්සියෙන් කලාමයි.... හෆොයි අද කාලෙ ඉතින් දරුවො වදන එකත් instant විදියට කරන්න හදන එකෙ වෙසක් කුඩුවත් instant හදන එකෙ අරුමයක් නැ මෙ සිරි කොලුවට. ...... කනගාටුව කවදා හරි දවසක වෙසක් පොයත් මෙ ඉන්න එවුන්ට අර වැලන්ටයින් දවස වගෙ දැනෙයිද කියලයි................................ හ්ම්. 




*පිංතුරයෙ සහ වීඩියොවෙ තත්වය ( quality) පිලිබදව නොසලකන්න. සිරි කොලුවගෙ ජංගමයා අතිශය පැරණි VGA කැමරා සහිත එකක් බැවින් විඩියොවෙ තත්වය පිලිබදව සමාව අයදිමි.