5/03/2011

ඔන්න ඔහොමලු ගැණු ජාතිය......................:D:D

අපරාදේ කියන්න බැ සිරි කොලුවට ඉන්නවා නා නා මාදිලියෙ ලොවෙත් නැති යාලුමාලුවො ටිකක්. යාලු මාලුවො කිවට මුන් ගොඩක් එවුන් එක විදියක (අමු) පිස්සො තමා. එ පිස්සො ලිස්ට් එක ගැන කියන්න නම් වෙනම පොස්ට් එකක් ලියන්න වෙනවා :D එකෙක්ට ඉලෙක්ට්‍රොනික් පිස්සුව. ඌගෙ කටෙම තියෙන්නෙ ට්‍රන්සිස්ටර් ,pic, IC ගැන. ඌ කැම බිමට ගන්නෙත් එවමද කොහෙදො මයේ හිතෙ. එකෙක්ට Barn Buddy පිස්සුව. මුගෙ පිස්සුවෙ තරම කියන්නෙ දැනටමු මු ඔය බාන් බඩි වල island rank දාපු එකෙක්. එතකොට ඔයා හිතා ගන්නකො ඌගෙ බාන් බඩි පිස්සුවෙ තරම. තව එකෙක්ට buzz පිස්සුව. හික්zz එ පිස්සුවෙ තරම නම් කොමද කියලා මම කියන්න යන් නැ. uh.. තව එකෙක් ඉන්නවා ඌට තියෙන්නෙ මාෂල් ආට් පිස්සුව. ඌගෙ වැඩෙම යු ටියුබයෙ මාෂල් ආට් විඩියො බාන එක. හැබැයි මු සෙල්ලන් නැ අර කලු පටි හතක් අටක් ඉනෙ බැඳලා තියනවාලු මාෂල් ආට් හතකින්... ම්... කොමද ඩයල් එක ගහයි ගමකට. තව ඉන්නවා නියම ජාතියක පිස්සෙක්. ඌට වැලදිලා තියෙන්නෙ බලු පිස්සුව. :D මෙකට බල්ලෙක් පෙන්නුවොත් ඌගෙ අම්මා තාත්තගෙ ඉදලා පරම්පරා හතක පැටිකිරිය මු බලන් හිටියා වගෙ කියනවා. මු දන් නැති බලු වර්ගයක් නැ. බල්ලන්නට වඩා දන්නවා මු බල්ලො ගැන. මෙ බලු පිස්සගෙ තරම දැන ගන්න පුලුවන් මුගෙ ගෙදර ගියාම. හලි හලි එවා පස්සෙ කියන්නම්කො. :D තව පිස්සො දෙතුන් දෙනෙක් ඉන්නවා සිරිකොලුවගෙ ලිස්ට් එකෙ. හිටින්කො කියනකම්......:D බාබෙදු පිස්සො දෙතුන් දෙනෙකුත් හොයා ගන්න කිසීම අමාරුවක් නැ මෙ සිරි කොලුවගෙ යාලුමාලු ලිස්ට් එකෙන්. තව ඉන්නවා මැච් පිස්සො ටිකක්.. ඌන්ගෙ පිස්සුව නම් මෙ දවස් වල ටිකක් අඩු වෙලා වර්ල්ඩ් කප් පැරදුන නිසාද කොහෙදො..... . ඔය අස්සෙම අර ගවුම් මහන්න මෙශමන්ට් ගන්න පිස්සො දෙතුන් දෙනෙකුත් ඉන්නවා. උන්ගෙ පිස්සුවෙ තරම නම් මෙ ප්‍රසිද්දියෙ කියන්න බැ. :D 18-  එකෙක් වත් මෙක කියෙව්වොත් එහෙම :D . එච්චරටම උන් වල් වැදිලා ඉන්නෙ. ආ.... තව ඉන්නවා java, c# කන බොන ඩයල් දෙකකුත්.... :O හැබැයි උන් දෙන්නට නම් වැඩි කලක් යන්න ඉස්සර මොකක් හරි වෙනවා ඌන්ගෙ මොලෙ වැඩි වෙලා.. අලෙ මන්දා ඌන් දෙන්නගෙ නම් මොලෙ මෂ්තිශ්කයෙ රැලි වැඩිද කොහෙදො.. :D . ඔය ඔක්කොමත් අස්සෙ ඉනවා බණ කියන එකෙකුත්. ඌගෙ කටෙම තියෙන්නෙ බණ විතරයි. ඕන් සිරිකොලුවට බනිනවා එහෙම නෙවෙ ඌට පිස්සා කිවා කියලා. :D එ විශේෂන පදෙ මම ඌට දාන් නැ. මොනවා උනත් ඌ බණනේ කියන්නෙ. එකට මෙ සිරිකොලුවා 1න් ම සලකනවා ඕන්. හප්.... මොකද බොල හිනා වෙන්නෙ . බොරුවට නෙවෙ බොල ඔය කිව්වෙ,. ඔය මෙච්චර වෙලා කිව්ව හැම පිස්සටම උදා: නමක් දෙන්න පුලුවන් මෙ සිරිකොලුවගෙ යාලු මාලු ලිස්ට් එකෙන් ඕන වෙලාවක. දැන් අහන්න එපා සිරි කොලුවා මොන පිස්සෙක්ද කියලා. එක ඔයාට භාරයි. :D

                                       අලේ මෙ වෙන පිස්සො ගැන කියන්න ගිහින් තාම මෙ මාතෘකාවට නිධාන උන පිස්සා ගැන කියන්න බැරි උනා නේ. :D මට තාම තෙරෙන් නැ මුට තියෙන්නෙ මොන වගෙ පිස්සුවක් ද කියලා. මු antiwomen පිස්සෙක්. ( එ කිව්වෙ මු ස්ත්‍රි විරොධි.. :D hikzz අර antiwomen වචනෙ නම් හරිද මන්දා..:D දැනට එහෙම කියලා කියන්නම්කො හොදේ. පස්සෙ හරි වචනයක් හම්බුනොත් කියන්නම් . :D) මෙකට ස්ත්‍රි ජාතිය වහ කදුරු වගේ. මු වචන දහයක් කතා කලොත් වචන 8ක් මු ගන්නෙ අර කිව්ව ස්ත්‍රි පරාන වලට අමතන්න. එකත් සභ්‍ය වචනෙන් නම් කම් නැ. මු කට ඇරියොත් අශුද්ද සිංහල කොටියයි. මු ඔය ස්ත්‍රි පක්ෂෙ ගැන කතාවක් කිව්වොත් කාතාවෙ මුල පදෙ පටන් ගන්නෙ හොද සිංහල ප්‍රත්‍යකින්. :D මොන හේතුවකටද මන්දා එච්චරම සුපිරි මලක් මුට ඔය ස්ත්‍රි ඇත්තියොත් එක්ක තියනවා. මෙකගෙ පිස්සුවෙ හොදම එක කියන්නෙ මු බලන් ඉන්නෙ 2012 ලොක විනාසෙ එනකම් මැරෙන්න. විහිලුවට නෙවෙ, ඔය කිව්ව antiwomen පිස්සා අර කිව්ව ලොක විනාසෙ තදින්ම විස්වස කරනවා. මුට නම් තියෙන්නෙ එසෙ මෙසෙ මානසික රොගයක් නෙවෙ. :D මෙකව අංගොඩ අරන් ගිහින් ගස් බැදලා ගැහුවත් හදන්න පුලුවන් එකෙකුත් නෙවෙ. මෙකා ඔය අශුදද සින්හල ප්‍රත්‍යෙන් ගවුම් කැලි වලට අමතද්දි සිරිකොලුවටත් කට පියා ගෙන ඉන්න බැ. මොනවා උනත් මෙ සිරි කොලුවා ගවුම් කැලි වලට ආදරෙයි , ඔය කොච්චර පොර ටොක්ස් දුන්නත් කෙල්ලො ලොකු නැ කියලා :D . ආ. කියන්න අමතක උනා තව කතාවක්. ඔය antiwomen පිස්සගෙ තව ප්‍රර්තනවක් තමයිලු සිරි අයිය සපත්තුවක් කනවා දකින එක. ඔකා ඔක කියද්දි නම් මෙ සිරි කොලුවට උන්හිටි තැන් අමතක වෙනවා. '' තො ගොන් වස්සා.......... කියලා සිරි කොලුවත් දන්න සිංහලෙන් අරුට ජාතිය අමතලා තමා ඉතින් නවතින්නෙ. ඇයි යකො තාම මෙ කෙල්ලෙක්ගෙ අතින් අල්ලලා නැති සිරි කොලුවට බුට් එකක් කාපිය කියල පාර්තනා කරන්න ඉස්සෙල්ල කට ඇරලා කියපියකො 'සිරි අයියට ගින්දර වගෙ කෙල්ලෙක් සෙට් වෙයන්' කියලා . ඉදකින් මෙ වල් බස්සට එහෙම එකක් නම් කටට එන් නැ. ඇයි බොල ඉතින් ලේ කොප වෙන් නැද්ද ඔය වගෙ කතා අහද්දි. :/ :/ ඔන්න ඔහොමලු ඔය කිව්ව antiwomen පිසාගෙ චරිතෙ. :D මෙකා කතා කරන වචන දහයෙන් අටක්ම යුස් කරන්නෙ ගැණුන්නට බනිනයි, කෙල්ලෙ චපලයි කියලා ඔප්පු කරන්නයි තමා ඉතින්. 

අවුරුද්ද පහු වෙලා සිරි කොලුවත් මුට කොල් කලා සුභ පතන්න කියලා. ගත්ත ගමන්ම මොබිටෙල් එකෙ අක්කා කතා කරලා කියනවා ' ඔබ අමතන කැස්වටුවා වන්නි හත් පත්තුවෙ සිටින බැවින් මෙ මොහොතෙ සම්බන්ද කල නොහැක. ග්‍රහකයා ගහක් උඩටවත් නැගපු වෙලාවක පසුව අමතන්නලු. :/ කොම හරි තුන් හතර පාරක් ට්‍රයි කරලා මු ගහක් උඩ ඉන්න වෙලාවක් අල්ල ගත්තා.

'ආ........ මල්ලෙ..., උඹට මෙ අවුරුද්ද මල් බර පැණිබර රස බර , ජර බර නැති ජය වෙන අවුරුද්ක් වෙවා කිව්වා එහෙනම් . '
' හෆ්ෆා.........ආ.......................සිරි අයියා කට හඬ අහන්නත් ආසයි . අය ඉතින් අපිට ජිවිතෙට කොල් කරන එකක් හැ. අම්මෙ අඩෙ අයියා වැරදිලාද ගත්තෙ. ? ' 
' යකො කැස්වටුවො මං තොට කොල් කලෙ විශ් කරන්න. ලව් කරන්න නෙවෙ. විශ් කරන්න ගත්තම ඔහොමද යකො කතා කරන්නෙ... ? :/ '
' අඩෙ අයියා එසෙම වෙවා එසෙම වෙවා.. කවුද හිතුවෙ හෆ්ෆා අපිව මතක් වෙයි කියලා :) එකයි කිව්වෙ ඉතින්. මට නම් ඉතින් මල් බර නැ. අයියට කියන්න මෙ මම ඊයෙ දැක්ක සිද්දියකින් පස්සෙ මට නම් දැන් ඔය ස්ත්‍රි ලිංගෙ තියන මොන ජාතියෙ එකෙක් වත් පෙන්නන්න බැ අයියා. (හරි දැන් ඉතින් මු පැන්නා සුපුරුදු ට්‍රැක් එකට. :D දැන් ඉතින් අහන් හිටපකො මුගෙ ස්ත්‍රි වරුණාව. හුටා පටා දැන් ඉතින් මගෙ free usage එක වාෂ්ප වෙයි ඔඩිකොල්න් වගෙ. :D )

'ඇයි අර උඹලගෙ ගෙවල් ලග සුලොචනා උබෙ බෙල්ල මිරිකුවද හිනේන්වත් ඇවිත්. :D :D '  
(හෆ්ෆෙ මු පටන් ගත්තෙ නැද්ද මුගෙ මුගෙ ශුද්ද , අශුද්ද, පාලි, සංස්කෘත වචන සෙට් එකෙන් අර සුලොචනාව වර්ණා කරන්න. එවා මෙතන කියන්න බැ 18- එවුන් නැහැදෙනවා. :D )

'අහවල් සුලොචනෙක් නෙවෙ බන්. අහපන්කො මං දැක්කෙ මොකද්ද කියලා. ?'
' හා කො... කියපන්කො එහෙනම් :D '
(දැන් ඔන්න මම හා හු නොකියා අහන් ඉන්නවා. මැදින් පැනලා ඇඩ් දාන්න ගියෙ නැ. එහෙම උනොත් යන්නෙ කොහෙද මල්ලෙ පොල් වෙලා කතාව තුන් හතර පාරක් රීප්ලේ කරන්න වෙනවා. ඔයාගෙ වෙලාව මට වටින නිසා antiwomen මලයා දැක්ක සිද්දිය මම මෙහෙමම කියන්නම් කෙටියෙන්ම අරුගෙ භාෂාවෙන්ම.. :D )


' ඔන්න බලපන් අයියෙ.. මෙහෙට ඊයෙ හවස හොදටම වැස්ස. මම හවස පොඩ්ඩක් ගෙ ඉස්සරහා ඉන්න කොට බැල්ලියකුට ට්‍රයි කරනවා ටිකක් ඇග තියන බුල් බල්ලෙක්. මොනවා උනත් අර බැල්ලිට වඩ බල්ලා ටිකක් පොශ්. මු අර බැල්ලි පස්සෙමයි කොයි වෙලෙත්. එත් අර බැල්ලි අරුව සත පහකට මයිම් කරන් නැ. ( අම්මියො දැන් මම මෙ කටට ස්ටෙපරයක් ගහ ගෙන අහන් ඉන්නවා මොකද නැත්තම් මගෙ අතින් මොනාවා කියවෙයිද දන් නැනේ. බොම අමරුවෙන් හිනාව නවතගෙන හිටියෙ... මොකද සිරියස් අහගෙන හිටියෙ නැත්තම් මු කතාව මගින් නවත්තනවා. :D :D ) අයියට කියන්න අර බල්ලා පාන් කැල්ලක් හොයා ගෙන අවා කොහෙන්දො. එක දැකපු බැල්ලි , බල්ලට හෙන ලයින්. :D ඕන් බලපන් අයියෙ ගැණු ජාතියෙ හැටි. උන්ගෙ වාසියට ඕන දෙයක්. අර බැල්ලි අයියා , දන්න 64ම දලා අර බල්ලගෙන් පාන් කැල්ල උස්සව්වා. බල්ල ගොන් වස්සනේ අයියා. ඌ අහු උනා බැල්ලිට. :D :D :D (මු ස්ටොරිය කියන ස්ටයිල් එකට මට බඩ පැලෙන්න හිනා.. අම්මො කදුලුත් එනවා :D ) එකත් එහෙමයි කියමුකො අයියා. අර ____ බැල්ලි පාන් කැල්ල ගත්තා විතරයි දිව්වා මඩුවක් අස්සට. එකත් එහෙමයි කියමුකො අයියා. ( ඔන්න දැන් ඉතින් අරු පාවිච්චි කල වචන කියන්න බැ මොකද එ වචන වලින් ගොඩක් එවා සංස්කෘත :D ) මෙච්චර වැස්සෙ අර _____ බැල්ලි අර බල්ලට මඩුව ඇතුලට එන්න දෙන් නැ ගොරවනවා. අයියා බලපන් අර බැල්ලි කොච්චර බලුද, ගුණමකුද කියලා. :D :D අයියට කියන්න අයියා අර බැල්ලි අර පාන් කැල්ල කාලා ඉවර වෙනකම් බල්ලා මඩුව ඇතුලට ගත්තෙ නැ . මෙ බැල්ලිගෙ බලු කම කියන්නෙ අයියා පාන් කැල්ල කාලා ඉවර උනා විතරයි බල්ලට සද්දයක් දලා මෙ බැල්ලි මාරු උනා ශෙප් එකෙ. යකො බලපන් අයියා අර _____ බැල්ලි කල දේ. අම්මපා  මට එකෙන් පස්සෙ නම් ස්ත්‍රි ලිංගෙ තියන මොන ජාතියක එකෙක් වත් පෙන්න බැ දන්. බලපන් අයියා. බලපන් ඕන් මම කියන්නෙ බොරුද අය ගැණු ගැන.

:D :D :D සිරි කොලුවට හිනාව නවත්ත ගන්න බැරි තැන ' එකනේ බන් එකිට බැල්ලි කියන්නෙ ' කියලා ෆොන් එක කට් කලා  මිනිතුවකට.

ඔන්න ඔහොමලු ගැණු ජාතිය :D ... එවෙලෙ ෆොන් එක කට් කරලා සිරි කොලුවත් ඇත්තටම දෙපාරක් කල්පනා කලා ඇත්තටම ස්ත්‍රි ජාතිය මෙහෙමද කියලා :))) එකනෙ එකිට බැල්ලි කියන්නෙ කියලා අපහු මගෙ පිලිතුර සාධාරණිකරනය කර ගන්න උත්සහා කලා මිස අය එ ගැන වැඩිය හිතුවෙ නැ. හික්zz :D හෆ්ෆෙ ඇති දැන් කියෙව්වා .. මෙ මෙ දැන් සිරි කොලුවා නවතිනවා. අද සිරි කොලුව කියෙව්වා වැඩි ටිකක් කියලා හිතෙනවා... :D ඔයාගෙ කාලයට සිරි කොලුවා ආදරෙයි ගොඩක්. සිරි කොලුවගෙ යාලු මාලු පිස්සො ගැනයි ස්ත්‍රි වරිගෙ ඔන්න ඔහොමදලුද කියලා ඔයාටත් ගලප ගන්නයි සිරි කොලුවා මෙ කතාව මෙහෙම බ්ලොග් ගත කලේ . :D :D :D :D :D 
මෙ දැන් ඔය ගවුන් අඳින ඇත්තියො සිරි කොලුවට එරෙහිව යුධ ප්‍රකාශ කරනවා එහෙම නෙවෙ මොකද සිරි කොලුව අර antiwomen පිස්සා තරම් මානසික රොගියෙක් එහෙම නෙවෙ ඕන්. ගවුම් වලට මෙ සිරි කොලුවා ආදරෙයි , කැමතියි ගොඩක් , ඔය කොච්චර ලොකු ටොක්zz දුන්නත් අලේ........ :D :D


9 අදහස්......:

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

සිරි සේරම සිරා.....එහේත් අර කේල්ලේක්ගේ අතින් අල්ලන කතාම මට පේනුනේ නැහැ..බං....ඇයි ඒ..??

සිරි කොලුවා said...

හික්zz මට පෙන්නෙ උඹ මැල්ලුම් කනවා අඩුද කොහෙදො දඟයො... :D:D :D :D

Anonymous said...

ක​ෙ දෙපැත්ත පිහිදා ගනින්... පැනි බේරෙනවා බං... උඹ මෙච්චර කාලයක් කරේ ඕක තමා එහෙනම්...

සිරි කොලුවා said...

@prasanna aiya: hikzz ඔය ගවුම් කැල්ලක් දැක්කම පැණි ටිකක් නම් හලනවා තමා අයියා... එ ඉතින් වයසෙ වැරැද්ද නොවැ. :D මෙ කාලෙ පැණි නොහලා වෙන කොයි කලෙ පැණි හලන්නද අයියා .. හික්zz :D

Anonymous said...

ඔය ටික අනිත් වුන්ට තේරෙන්නනේ නැහැනේ බං...

සිරි කොලුවා said...

එකනේ කියන්නෙ අයියා...... ගොඩක් එවුන් හිතන්නෙ අපෙ walකම කියල. හික්zzz අලෙ මන්දා අර generation gap කියන්නෙ අන්න එකට වෙන්ටැ. :D

Unknown said...

ඈ බොල සූකිරියෝ යසයි ඉලන්දාරියගේ කතාව..:/
අහුවෙයන්කෝ උඹ මට..මේ වෙලාවට තමයි 06622...... අමතන්න හිතෙන්නේ..... :/ :/ :/ :/ :/ :/

පන්සල් හංදිය said...

ඈ කොල්ලො ..... බොට මාර යාලුවො සෙට් එකක්නෙ ඉන්නෙ ........

සිරි කොලුවා said...

@sithu akke : අලෙ මගෙ සුකිරි ජම්බොල සුදු අක්කියෙ ඔය ටැලිපොන් නම්බරෙ මතක් උනාට කමක් නැ වැලදිලාවත් කොල් කලනවා එහෙම නෙවෙ හලි. :D අලෙ ඇයි සුදු අක්කි මෙ කොප මුඩ්. බලන්න siri koluwa ගවුම් වලට කොච්චර ආදරෙද කියලා ඔකෙ බොම පැදිලිව කියලා (සොලි කියලා නෙවෙ ලියලා ) තියනවානේ අලෙ. :D
@කල්හාර : අඩෙ මචො උඹට කියන්න මෙ සිරියා ආත්ම 100ක් විතර පින් කොරලා තියනවා බන් ඔය වගෙ යාලුවො සෙට් එකක් ලබන්න. උඹට කියන්න තාම ඔය යාලු මාලු ලිස්ට් එකෙ තවත් පිස්සො හය හත් දෙනෙක් අඩුයි බන්. ලගදිම තව පොස්ට් එකකින් උන් ටික ගැනත් කියන්නම්.. ::D :D

Post a Comment