9/11/2011

සඳක් උනෙ ඇයි මම ...>

පොළවයි , සඳයි ......
හරි අපුරු චරිත දෙක ,
හරි අපුරු ආදරය ,
හරි අපුරු සෙනෙහස
දන්නවද ඇයි කියලා එ '  .........?
පොළවෙ තියන අසීමිත බැදිම නිසා,
සඳෙහි ඇති අසීමිත ආදරය නිසා ...
අඩු උනොත් බැඳිම පොළවෙ
සඳු ඇතට යන එක වලකන්න ,
සඳටවත් බැරි වෙවි ..
එ ,
අඩු කමක් නිසා නෙවෙ සඳෙහි ආදරයෙ ,
අඩු කමක් නිසා නෙවෙ පොළවෙ ආදරයෙ....... 
හුදෙක් අඩු නිසා, එ බැඳිම පොළවෙ........
සවියෙන් ලිලිපුට්ටකු වන සඳට
නැලු කිසිම හයියක් සරි කරනට එ බැඳිම
ඉතින්, හීන උවහොත් එ බැඳිම
කෙලෙස නවතම්ද යනෙන එක දුර සඳ ....., පොළවෙන් .............





බොහො කලකට පසු බ්ලොගයට ගොඩ උන සිරි කොලුවට අහෙතුකවම බොහොම අපුරු චරිත දෙකක් මතකයට අවා .  කෙසෙ හෝ වෙවා ලියවුන බොහොම සරල වචන දෙක තුනට බොහොම සංශික්ප්ත  ඌණපුර්නයක් එකතු කරන්න හිතුවෙ කියවන ඔයාට කුඩා හෝ සිතිය යුතු යමක් මෙහි ගැබ්ව ඇතැයි සිතුන නිසාමයි.   ම්..... සඳු සමඟ පොළව  , දන්නවද ඔයා සරල සාමන්‍ය හෞතික විද්‍යාවට අනුව පොළවෙ ගුරුත්වය නැති නම් සඳු ලඟින් තියා ගන්න බැරිලු. සඳුගෙ ස්කන්දය පොළවට සාපෙක්ශව බොහොම කුඩා නිසා එයාට ස්වායත්තව  පොළව ලඟින් ඉන්න බැරිලු . සඳුට කෙතරම් වුවමනාවක් තිබුනත් , ආදරයක් තිබුනත් එයා අසරණයි . පොළවෙ බැඳිම / ගුරුත්වය හීන උනොත් සඳුට වෙන දෙ ඔයාට තෙරෙනවානේ ....... :) ඉතින් සඳු ඇතට ගියොත් අපෙ දබරඟිල්ල  සඳුට දිගු කරන එක කෙතරම් සාධාරණද ........ ? 

අපි හැමොටම විවිධාකාර වු බැඳිම් මෙ සමාජයෙ තියනවා . සහොදර බැදිම්, හිත මිත්‍ර බැදිම් , නැදැ බැඳිම්, ගුරු ගෝල බැදිම්, බොහොමයි . නිකමට හිතලා බලන්න ඔය අපමණ වු බැඳිම්  සමුදායක් සමඟ දිවි  ගෙවන ඔයාට යම් වෙලාවක සඳුගෙ චරිතය අත්වුන අවස්ථා නැත්තෙමත් නැ නෙද ........... ?  :)

12 අදහස්......:

සිතුවිලි නිහඬයි said...

අර අන්තිමට කියපු නිසා තේරුම් ගත්තා...නැත්නම් කවියෙන් මට මෙලෝ හසරක් තේරුනේ නෑ..ෆිසික්ස් අමතක කරලා ගොඩක් කල්..... :)

සම්පුර්ණ ඇත්ත අයියේ......

Dinesh said...

කවියත් එක්ක අර අන්තිම ටිකත් දාපු එක වටිනවා....

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

සද කියන එක නැති උනොතින් කවි ලියලත් හමාරයි අහාන්න දේයක් නැහැනේ... ඉට පස්සේ තරු තමයි අහාස රජ කරන්නේ එහේත දහාවලටනම් හිරුම තමයි ...:D

එල එල සිරියා..

Red Riding Hood said...

:g

Anonymous said...

හ්ම්ම්ම්ම්ම්..... කොච්චර දුරස් වුණත්, මේ අපූරු චරිත දෙකේ බැඳීම ගොඩක් වටිනවා. දුරස්ථකම කියන්නේ ආදරයක් නැති වෙන්න තරම් හේතුවක් නොවන බව ට හොඳ උදාහරණයක් ඒක.....

හිතුවක්කාර කෙල්ල said...

හ්ම්ම්.... ෆිසික්ස් නම් දැන් මෙලෝ දෙයක් මතක නෑ...:( වෙලාවට අන්තිම ටික දැම්මෙ...

මකුළු පැංචි (මංචි) said...

මටනං කවිය කියවද්දිම මේ මොනාද කියන්නෙ කියලා තේරුණා හැබැයි....ඇත්තෙන්ම.මාපි ආදරේ කරන අය වෙනස් වෙද්දි අපෙ හිතේ ආදරේ වෙනස් නොවුනත් තව දුරටත් ඉන්න බෑ කියලා ඉබේටම හිතෙන අවස්තා මොන තරම්ද.... :((

priyantha said...

එලටම ලියලා තියනවා...
අදනේ දැක්කේ...

Kavindya said...

හි..හි.. මල්ලි බබෝ.. මටනම් හඳ ඇලජික් :)

priyantha said...

හන්තානට පායන හඳ වෙන්න ඇති ඇලජික්...:DDD

ශානි said...

හෑ............ අප්පොච්චියේ :b :e :r

ලහිරු said...

ඵල ඵල...ආ..සිරි කොලුවෝ! ලස්සනයි!

Post a Comment