2/28/2011

දෙවන අභිෂේකයට සුභ පැතුම්......................

:) කෙලින්ම කිවොත් මෙ සිරි කොලුවා අමු මැච් පිස්සෙක්. ලෙක්චස් කට් කරලා, ක්ලාස් කට් කරලා, මැච් දවසට ඉස්කොලෙ නොගිහින් මැච් බලපු, වචනයෙ පරිසමාර්ථ අර්ථයෙන්ම ක්‍රිකට් පිස්සුව ඔලුවට ගහපු රියල් අමු මැච් පිස්සෙක් කිවොත් හරියට හරි.. :D
                                            හ්ම්.......... ඔයාට කියන්න සිරි කොලුවට මෙ පිස්සුව හැදුනේ අද ඊයෙක එහෙම ඉදලා නෙවෙ. අපෙ අම්මා කියන විදිහට දන්න කියන කාලේ ඉදලා මම මැච් බලනවලු. මට ඔය මැච් පිස්සුව පොඩි කාලෙදිත් කොච්චර තිබුනද කියනවා නම් අර 96 world cup දවස් වල මම කන්නෙ බොන්නේ නැතිව ගෙදර එන්නෙ නැතුව මැච් බැලුවා කියලා අපෙ අම්මා කියනවා. මට නම් එ කාලේ එ හැටි මතකයක් නැ. මොකද 96දි මම අවු. හත අටක පොඩි කොලුවෙක්. එ දවස් වල අපේ ගෙදර රුප පෙට්ටිය්ක් තිබිලා නැ. ඉතින් මම මැච් බලන්න යන්නේ අල්ලපු ගෙදරට. එහෙ හිටියා තවත් මම වගෙම පිස්සු අයියණ්ඩිලා දෙන්නෙක්. එ කාලෙ ක්‍රිකට් මැච් පෙන්නන දවසට මාව දැල් දාලවත් අල්ලන්න බැ කියලා අපෙ අම්මා කියනවා.
                                          එ පිස්සුව තාමත් එහෙමමයි. ගොඩක් වෙලාවට ලොකු මැච් එකක් සෙට් උනොත් එක්කො lectures නොගිහින් බොඩිමට වෙලා මැච් බලනවා, නැතිනම් යාලුවෙකුගෙ ගෙදරකට රිංගනවා. :) එහෙමත් නැත්තම් ෆොන් එකත් ඔෆ් කර ගෙන ගෙදරට වෙලා මැච් බලනවා. :D සීරීස් එකක ෆයිනල් මැච් එකක් වගෙ ආවම සෙට් වෙන්නෙ නිකන් නෙවෙ., යාලුවො හතර පස් දෙනෙක් එක්ක රතින්නා පෙට්ටි දෙක තුනකුත් අරගෙනමයි. :D අලේ දැන් ඔයා හිතන්න එපා නැටුන් තෙල් බොතලයකුත් ඔය අතරෙම ගෙනවා කියලා..:) මොන පිස්සුව නැටුවත් සිරි කොලුවා එ වගෙ පිස්සු නටන් නැ හොදේ...:D
                                         මෙ දවස් වල සිරි කොලුවගෙ මැච් පිස්සුව තද වෙන්න හෙතුව මම අය ඔයාට අමුතුවෙන් කියන්න ඔනේ නැ නේ. හික්zzzz ..... සිරි කොලුවගෙ එකම බලාපොරොත්තුව අපෙ සිංහ පැටව් දෙවැනි වතාවටත් අභිෂේක ලබනවා දකින්නයි....:)) මැච් පිස්සුව මෙ දවස් වල ටිකක් තද වෙලා නිසාම අපේ සිංහයින්ට ආසිරි පතලා පොඩි ගී පද පෙලි දෙක තුනක් ලියන්න සිරි කොලුවට වැඩි වෙලාවක් ගියෙ නැ ඕන්..............





විශ්වය පුරා පැතිරෙයි අපෙ සිංහ නද...
ලොව නැ සමත් ජගතෙක් එය වලකන්න..
නැ වැඩි දොහක් අභිෂේකෙට එ ක්‍රිකට් ලොව...
සිකුරුයි නොදෙනු ලං වන්නට කිසිවකු හට එ ජය ටැඹට.............

ජය පැරදුම විඳගන්න..
ආදරය පතුරන්න..
කෙලිලොල් බව දැක ගන්න ..
සිංහයින්ට දිරි දෙන්න..
රොක් වෙන්න දැන් දැන්ම............  

නුලෙන් ගැස්සුනත් ගිය වර රන් කුසලානේ
සිංහ පැටව් නැ කිසි දා පසු බට වෙන්නේ
පැරදුම කියා වදනක් නැ අපි දන්නේ 
පැතුමයි අපෙ ජාතික, එ රන් කුසලානේ 

රිද්මය වෙනස් තැබු විට මා අත ලයට
උණුහුම නගි රුහිරෙහි යන විට තරඟ
එක් අරමුණක රොද බැඳ මුලු ජාතියම
ආසිරි පතමු අපි සැම අභිෂේකෙට දෙවන.......................                                                           


                             

2/16/2011

අබ මල් රේණුව...

රන් කෙන්ඩියෙ,
සිංහ තෙල් මෙන් බබලන මිනිස් ගුණය(ට) ....
ගව තෙල් හෙලු බඳුනක වටිනාකම දෙන,
සමහරක් සිටින මෙ මනු ලොව.........
එ සිංහ තෙලේ ඝනකම මිනුමට, 
එ සිංහ තෙලේ සුජාතභාවය සෙවුමට...
දත කන , වලිකන, කැස කවන.... 
අශුද්ද රුහිරය ඇත්තවුන්ගෙ, අශුද්ද ක්‍රියා දැක...
හෙම්බත්ව සිටින මසිතට, 
ඇසිල්ලක් ලැබ ගැනුමටත්,.....

මසිතට ගොචර උනු '' මිනිසත්කම'' නැමැති සජීවි රාශිය මිනුමට,
ඇහැකි කුඩාම සජිවි එකකය '' අබ මල් රේණුව '' නිසාත්, 
සිරි කොලුවගෙ බ්ලොගය.. 
මෙනමින් නම් විය..........:))))




* ම්..... සිරි කොලුවගෙන් මෙ ලඟදි දොහක මිත්‍රයෙක් ඇසුවා ඇයි මෙ වගෙ නම්ක් බ්ලොගයට දැන්මෙ කියලා... ඔන්න හෙතුව කිව්වා. එදා මුණු පොතේ චැට් එකෙදි මගෙ හිතේ හැටියට පිලිතුරු දෙන්න බැරි උන හන්දමයි මෙ පොස්ට් එක දැන්මෙ. ඔයාටත් මගෙන් එ පැනයම අහන්න හිතුනා නම් ඔන්න උත්තරෙ...:))                                                          

2/09/2011

නිහඩ ලොව බිඳින්න...............

බ්ලොග් පිටු අතර අතොරක් නැති..,
මසිත බැඳ තැබු බ්ලොගය ඉලංදාරියා..,
වැරදුවෙ නැත පිවිසෙන්නට...,
ලද ඉඩක් විගස, අන්තර්ජාලය.

දුටු විට ඔබෙ හැකියාව.., 
ගත නොවුනි වැඩි කලක්, සබැඳියෙක් වන්නට...
ආලය කලෙමි අසීමිතව , හැකියාවට, එ ඉලංදාරියාගෙ.....
මා සිත් මංසලෙහි මසිතටත් හොරා, නිර්මාණය තුලින් ඔහු ගොඩ නැගු.., 
එ සම්බන්ධයෙ සවිය, යදමකට වැඩි විය.

දිනක් මා දුටුව '' නිහඬ ලොව බිඳින්න ''
කරවිය මසිත සසල .., තෙත් කොට නෙත් පියන් ...,
සිතුනත් දොස් තබනට , දෙවියන්ට කැ ගසා...,
සිදුකල අවැඩට මනු ලොව දෙවියකුට.. 
සවියක් නොදැනුනි මහදට ...
තව තවත් නෙත් පියන් තෙත් වනු ඇරෙන්නට.

සොයුර , 
තවත් කල් නොදෙමි මම..,
සිටින්නට ඔය නිහඩ ලොව ...,
බිඳින්නට එ නිහඩ ලොව .., යොදමි මගෙ හැකි වෙර...
අවැසි වුව හොත්, මා දිවි දෙවැනි කොට ....

උරුමයක සැඟවුන අසීමිත සම්ප්‍රදාය

හලේ මෙ පොස්ට් එක මගෙ මුණුපොතේ යාලුවෙක් දැක්කොත් නම් මෙ සිරි කොල්ලා කවුද කියලා අතටම අහු වෙනවා. :D කොඩුකාර මම මගෙ මිත්‍රයො කිපදෙනෙක් එක්කලා පහු ගිය දොහෙ සිරිපා කරුණාවට එක් උනා. එ ගමනෙදි මා ඇසුව, දුටුව සිරිපා උරුමයෙ සැගවුනු අසීමිත සම්ප්‍රදාය මගෙ හිතෙ පොඩි ආඩම්බරයක් ඇති කල නිසාමයි මෙසේ මාගෙ එම අත්දැකිම බ්ලොග් ගත කිරිමට සිතුවෙ. කියන්න විස්තර බොහොමයක් තිබුනත් හැකි උපරිමයෙන් කෙටි කර පවසන්න හිතුවෙ ඔයාගෙ වෙලාව අනවශ්‍ය විදිහට මම පාවිච්චි කරන එක හොඳනැති හන්දයි. :) අපෙ වැඩිහිටියන් තරුණ අපට කෙතරම් දොස් පැවරුවත් ඔවුන්ගෙ සාම්ප්‍රදායික සිරිත් විරිත් අප තුට්ටුවකට මායිම් නොකරනවා යැයි කියා, වැඩිහිටියන්ගෙ දොෂාරොපනය කෙතරම් අසාධාරණදැයි මට සිතුනෙ මා සමග එක් වු මිතුරන් එ සිරිපා කරුණාවෙ පැරණි සම්ප්‍රදායට සිරිතට විරිතට දැක්වු අනුකුලතාවය කොතරම්දැයි දුටු විටයි. 
                             පෙර කතිකා කර ගත් පරිදිම රුවන්පුරෙ ඉන්න මගෙ මිත්‍රයකුගෙ අරාධනයකට අනුව ඔන්න මමයි , තවත් මගෙ කොළබ මිත්‍රයෙකුයි උදෙ 6 වෙද්දි කොටුවට සෙට් වෙලා රත්නපුරෙ බස් එකක් අල්ල ගෙන කුරුවිටට ගියා දහවල් 11 වෙද්දි. ඔන්න මගෙ මිත්‍රත් ඇවිත් හිටියා අපි කුරුවිට ටවුමෙන් බහිනකොට ත්‍රිකොවාටකුත් ගහගෙන :D. අපෙ මිත්‍රයා අපි දුටුවෙ පලමු වතාවට උනත් දුටු පමනින් අපි එකිනෙකාව අඳුන ගන්න අපට වැඩි අපහසුවක් වුනේ නැ. :) අපි යද්දි ටිකක් පමා වෙලා තිබුන නිසා විවෙකයක් නොගෙනම කරුණා කරන්න අරඹන්නයි අපි තිරණය කලෙ. අපෙ මාර්ගය වුනෙ සිරිපා කරුණා කරන්න තියන සුන්දරම වගෙම දිර්ඝම මාර්ගය කුරුවිට- එරත්න මාර්ගය. කුරුවිට ටවුමෙන් අපි නැවත බසයකට ගොඩ වෙලා පැ භාගයක් යන්න කලියෙන් එරත්නට ගියා. රුවන්පුරෙ මගෙ මිත්‍රයාගෙ තවත් මිතුරන් දෙදෙනෙක් අපිට එකතු උනා එරත්නෙදි. ඔන්න දැන් නඩේ අපි පස් දෙනයි. නඩේ ගුරා උනේ අර මගෙ රුවන්පුරෙ මිත්‍රයා, කොල්ලට අපි කිව්වෙ රාළහාමි අයියා කියලා, මොකද මෙයා තමා එ වසමෙ ගම්මුලාදැනියා. :D  නඩේ හිටිය එකම කොඩු කාරයා මම. :) තවත් සුනංගු නොවි දහවල් අහාරයත් එරත්න හන්දියෙන්ම අරගෙන ත්‍රිවිලයකට ගොඩ වුනේ සිරිපා කරුණාව පටන් ගන්න තැනට තවත් සැතපුම් 2ක් 3ක් තියන නිසයි. යන අතරතුර අපි ගිය ත්‍රිවිලයෙ ඩ්‍රයිවර් අයියා අපත් සමග බෝම කුලුපඟ වුනා. අපි සිරිපා කරුණා කරන්න යන්නෙ කියලා කිව්ව ගමන් ත්‍රිවිල් අයියා ඇහුවෙ කොඩු කාරයො ඉන්නවද කියලයි. මමනෙ ඉතින් හිටිය එකම කොඩු කාරයා :) පිටිපස්සෙ ඉදන් මම කැගැහුවා මම විතරයි අයියා කියලා. හ්ම්....... ඔන්න ඊට පස්සෙ ත්‍රිවිල් අයියා මට බොහොම වටින උපදෙස් ටිකක් දුන්නා.
'' මලයා, මොනවා කලත් උඹ කට නම් වරද්ද ගන්න එපා කොල්ලො. කිසිම වෙලාවක මහන්සියි යන්න බැ කියන්න එපා. සතෙක් සර්පයෙක් දැක්කොත් නම කියන්න එපා සතාගේ. නඩෙත් එක්කම එකට හිටපන්. තනියම කැලේ රිංගන්න එපා. දන් නැති තැන් වලින් වතුරට බහින්න එපා කොයිම වෙලාවකවත් මලයො '' කියලා ඔන්න ඔහොම ත්‍රිවිල් අයියා මට උපදෙස් ටිකක් දුන්නා.
                              අපෙ රාළහාමි අයියා වගෙම නඩේ හිටිය අනෙක් මගෙ මිත්‍රයො හතර දෙනත් මට අවවාද උපදෙස් දෙන්න අමතක කලෙ නැ . රාළහාමි අයියා මට කිව්වෙ එ ලගම තිබුන සමන් දෙවියන්ගෙ ප්‍රතිමාවට පඬුරක් දාලා තෙරුවන් වැඳලා නඩේ ආරක්ෂාව සමන් දෙවියන්ට භාර කරලා වරෙන් මල්ලි කියලයි. මමත් එ කිව්ව විදිහටම කරලා සමන් දෙවි හාමුදුරුවන්ගෙ පිහිටයි කියලා කරුණාව අරම්භ කලා. ම්.......... ඔක්කටම කලින් මට ඔයාට කියන්න අමතක උනා මෙ අපි කරුණා කරන මාර්ගය ගැන. මෙ තමා එරත්න -කුරුවිට පාර. සිරිපා කරුණාවට් තියන අතිශය සුන්දරම මාර්ගය. මලුවට හැතැක්ම 12ක් විතර තියනවාලු. මෙ මාර්ගය මුලුමනින්ම දිවෙන්නෙ ඝන කැලයක් මැදින්. දිය කඩිති, සතා සිව්පාවගෙන් කිසිම අඩුවක් නැ. සොබාදහමෙ සුන්දරත්වය මොනවට විදහාපාන මාර්ගයක තමා අපි ගමන් කලෙ.



                            හවස 6 විතර වෙන කොට අපි ආවා ඕන් සීත ගඟුලට. වට පිටාවෙ සුන්දරත්වයත් මගෙ මිත්‍රයන්ගෙ පිස්සු හැදෙන මොඩ කතා කොච්චි නිසාත් ලොකු මහන්සියක් නම් දැනුනෙ නැ. තිබුන පොඩි මහන්සි ගතිය යන්නත් එක්කලාම සිතල නොබලම සීත ගඟුලෙ හිතෙ හැටියට නා ගත්තා. අනික මම කොඩු කාරයා නිසා මට මෙ ස්නානය අනිවාර්ය උනා. :) බිම් කලුවර ටික ටික වැඩි උන නිසා අපි තවත් සුනංගු නොවිම කරුණාව ආරම්භ කලෙ කොඩුකාර මම අපහු සමන් දෙවියන්ට පඬුරු ගැට ගහලා නඩෙ ආරස්සාව උන්වහන්සෙට භාර කලාට පසුවයි. රාත්‍රිය නිසාත්, මාර්ගයෙ තිබුන දුෂ්කර බව නිසාත් අපි කරුණා කලෙ බොම හිමින්. කොතරම් ඝන කැලැව මද්‍යයෙ වුවද අපි ගිය මාර්ගයෙ බොහො තැන් වල විදුලි පහන් දල්වලා තිබුනා ආණ්ඩුවට පින් සිද්ද වෙන්න :)) හ්ම්.... රාත්‍රි කැම අපි ගත්තෙ ඉදිකටුපාන අසල කඩෙක ඉදගෙන. රැ 9 විතර උනා අපි ඉදිකටුපානට එද්දි. අපෙ රාලහමි අයියා අපෙ රැ කැමට ගෙනත් තිබුනා හොද ළුණු සම්බලයක් එක්ක පාන්. තිබුන මහන්සියත් එක්ක බඩ පුරා කැවා අපෙ අයියන්ඩියට පින් දිදි. :)) වැඩි වෙලා නොගෙනම ඉදිකටුපානෙ කොඩුකාර මට කරන්න තිබුන චාරිත්‍ර ටිකත් කරල සුනංගු නොවි අපි අපහු පිටත් උනා හැකි ඉක්මනින්. 



කොමෙන් කොමෙන් හරි අපි ''ගල්වංගෙඩිය'' කියල තැනට පාන්දර 1ක විත්‍ර උනා. මෙතනින් තමා රත්නපුර පාරයි, කුරුවිට පාරයි එකට හම්බෙන්නේ. මෙ වෙනකොට නම් අපිට හොද හැටි සීතල දැනිලා තිබුනේ. අපට තව කරුණා කරන්න තිබුනේ බොහොම පොඩි දුරයි. තිබුණ දැඩි ගමන් වෙහෙස නිසාම අපෙ මිත්‍රයො ටික එ අසලම තිබුන කඩයක ඩෙස් බංකු ටිකක් උඩ හොදට ඇල වෙලා පැ 2ක් විතර නිදා ගත්තා. සීතල අධික කම නිසාමද කොහෙදො මට නම් එක මිනිතුවක් ඇහැපිය උනෙ නැ. එකට අපෙ උන්දලා ටික., හත් දවසක් නිදා ගෙන නැති උන් ටිකක් වගෙමුන් ටික හොදට නිදා ගත්තා . මම අවදි වෙලා හිටිය නිසා බොහොම අමාරුවෙන් වදෙන් පොරෙන් මුන්ටික අවදි කර ගත්තා පාන්දර 2.30 වෙද්දි. :) ගල් වංගෙඩියෙ අප ගිමන් නිවාගත් කඩයෙ මුදලාලි අයියා අපෙ රාළහමි අයියාගෙ යාලුවෙක් නිසාත් , මලුවට තව එ හැටි දුරක් නැති නිසාත් අපි අරන් ආව බඩු මලු වැඩි හරියක් කඩෙ තියලා අපහු සම්න් දෙවියන්ට පඬුරක් දාලා කරුණා කරන්න ගත්තා ආපහු.  
                             අධික සීතල වගෙම ගමන් මහන්සිය නිසාම අපෙ ගමන් වෙගය බොහොම අඩු වෙලයි තිබුනේ. ඉතිරි වෙලා තිබුන ග්ලුකොස් පැකට් එකත් අපි මෙ අතරෙදී ඉවර කලා . :)) පාන්දර 5.20 විතර වෙනකොට අපි ඇහැළ කණුව ලගට අවා. කොඩුකාර මට මෙතන විශේෂ තැනක්, මොකද කොඩුකාර හැමොම මෙ ඇහැළ කණුවෙ තුන් වතාවක් හිස ගසා වැදනමස් කාර කරන්න ඔනේ. වරද්දන් නැතිව මමත් එ චාරිත්‍ර ටික එ ආකාරයෙන්ම කරලා අඩිය ඉක්මන් කලා. අපි පය ඉක්මන් කරලා කරුණා කලෙ ඉරසෙවනයට තව එ හැටි වෙලාවක් නැති නිසයි.
                             ම්.........සමන් දෙවියන්ගෙ පිහිටෙන් හරියටම අපි උදැසන 6.10 වෙද්දි මලුවට පය තිබ්බා. දෙශිය විදෙශීය බැතිමතුන්ගෙන් මුලු මලුවම පිරිලයි තිබුනේ. හැමොගෙම නෙත් යොමුවෙලා තිබුනෙ ඇත ක්ෂිතිජයට. ඝනව පැතිරුන මීදුමත් , තැනින් තැන නැගුන වැහි වළාකුලුත් නිසා ඉර උදාව යහමින් පැහැදිලි නොව්නත් එබදු අතිශය සුන්දර ඉර උදාවක් මා මිට පෙර කිසි දිනක දැකලා තිබුනේ නැ .. එ තරම්ම එක සුන්දර දර්ශනයක්. මෙවන් අතිශය සුන්දර දසුන් නැරඹිමට මා නෙත් පින් කර තිබිම පිලිබදව මට අති උනේ අප්‍රමාන වු සොම්නසක්. :)





 අපි රැගෙන ගිය පඬුරු දමා බුදු සිරිපතුලෙ තෙවරක් නලලත් තබා වැද නමස්කාර කලෙ අසීමිත ශ්‍රධාව පෙරදැරිකර ගෙනයි. උදෙ 7ට විතර ආරම්භ වුන උදැසන සිරිපාමලුවෙ බුද්ධ පුජාවට සහභාගි වුන අපි තවත් හොරාවක් දෙකක් මලුවෙම ගත කලා. යහමින් අව් රැල්ලක් වැටුන නිසාත් ඝන මීදුම ටිකින් ටික නැතිඋන නිසාත් අධික සීතල ටිකින් ටික අඩු වෙමිනුයි තිබුනෙ. හික්zzz ඔය අතරෙ අපෙ එවුන් ටිකත් මලුවෙ හිටිය කෙල්ලන්ට ලයින් පාරක් දාන්නත් අමතක කලෙ නැ :D හලෙ ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන්නෙ එකනෙ :D:D ම්..... ඔන්න ඉතින් අපි උදසන 9ට විතර මලුවෙන් පිටත් උනා. තිබුණ මීදුම ටිකින් ටික තුනි උන නිසා අවට කදුයායවල් අතිශය පැහැදීලිව දැක ගන්න අපිට පුලුවන් උනා . එහි තිබුන සුන්දරත්වය වචන වලට පෙරලන්න මට වචන නැ. බලන්නකො මෙ පින්තුර ටික, ඔයාටම තෙරෙවි එ සුන්දරත්වයෙ තරම. 





අපෙ රාළහාමි අයියාගෙ මිත්‍රයකුගෙ කඩයකින් උදැසන අහාරය ගත් අපි වැඩි පරක්කුවක් නැතිවම දෙපා ඉක්මන් කලෙ රැබො වෙන්න කලියෙන් පහලට යා යුතුව තිබුන නිසයි. දහවල් මධ‍යහනය පහු වෙලා හෝරාවක් ගත වෙන්නහ් මත්තෙන් පෙරලා අපි ඉදිකටු පාන අසලට පැමිනියා. අපි දහවල් ආහාරය සරි කර ගත්තෙ මැගි නුඩ්ලස් වලින්... හලෙ එත් අපෙ රාලහමි අයියට පින් සිද්ද වෙන්න. :) හොරා භාගයක් මදක් ගිමන් හැරිය අපි නැවත්ත අඩිය ඉක්මන් කොට පිටත් උනේ බිම් කලුවර වැටෙන්න කලියෙන් පහලට යා යුතු නිසයි. සවහ 3 පමන වන විට සීත ගඟුලට පැමිනි අප කාලය මදි කම නිසාම කල් නොමරාම ඇඟ පත සොදගෙන හැකි ඉක්මනින් පිටත් උනා. මදකුදු හෝ විවෙකයක් නොගත් අපි හැකි ඉක්මනින් පහලට ගනම් කලා. 
                                    ම්.......... වෙලාව මෙ වෙද්දි 6ට විතර ඇති. ගොම්මන් අදුර ටික ටික වැඩි වෙනවා. පහලට යන්න තවත් අපිට තිබුනෙ හැතැප්ම 3ක් 4ක් . හ්ම්., අහන්නකො අපිට මෙ අන්තිම ටිකෙ උනදේ. ඔන්න තුසරණෙ කවිත් කියාගෙන අපෙ උන්දැලා ටික එක වෙගෙට පහලට එනවා.අපෙ උන්ගෙත් කටවල් වලට වෙලාවකට බ්‍රෙක් නැ. ඔන්න එකෙක් එක පාරටම මෙ තුන්සරණෙ කවියක් කියාපි කුනුහරප වචන ටිකක් දාලා. යකඩො ඌගෙ මොඩ කමට එක කිව්වා කියමුකො. මෙන්න එත් එක්කම පිටිපස්සෙන් ආපු අපෙ නඩේ ගුරා, මෙකාත් කියාපි මොකද්ද තවත් කුනුහරප කවියක්. යකො මුන් මොලෙ උඩ ඉදගන්නවද කියල මට එ වෙලාවෙ හිතුනා .. :D:D:D බොහොම අමාරුවෙන් මගෙ කටෙ බලේට මුන් ටික කුනුහරප කියන එක නැවැත්තුවා. ඔයා දන්නවනේ මෙක සමන් දෙවියන්ගෙ අඩවිය. කට වැරදුනොත් ඔක්කොම ඉවරයි. ඔයාට කියන්න යාලුවා , තවත් මිනිතු 10ක් ගියෙ නැ කොහෙදො තිබුන වරුසාවක් අවා අපෙ ගමනට බාධා වෙන්න . අඩිය ඉක්මන් කල අපි අසල තිබුන අම්බලමකට රිංගුවෙ වරුසාවෙන් බෙරෙන්න. මෙ වෙනකොට හොදටම ගොම්මන් අදුර වැටිලා තිබුනේ. අපි රිංගුව අම්බලමෙ ගරා වැටුන ස්වරුපයත්,ගොම්මන් අදුරත් වැසි දියෙන් තෙත් උන අපෙ ශරිර දහඩියෙන් තෙත් කරන්න වැඩි වෙලාවක් ගියෙ නැ. :D තවත් මෙ අම්බලමෙ හිටියොත් අපට නුල් බදින්න වන බව ඉව වැටුන අපෙ මිතුරෙක් දැඩි ලෙසම කියා සිටියෙ වරුසාව මැද්දෙම පහලට යමු කියලයි. එ බහට අපි සියලුම දෙනා අවනත උනා. වර්ශාව අමතක කල අපි කුඩැල්ලන්ට ලේ දන් දෙමින්ම එක හුස්මට පහලට අවා. :))
                                 රත්නත්‍රයෙ පිහිටෙන් සමන් දෙවියන්ගෙ පිහිට ආරක්ෂාවෙන් අපි රාත්‍රි 8 පමණ වන විට පහලට පැමිනියා. :) පහල තිබුන සමන් දෙවියන්ගෙ ප්‍රතිමාව අසලට ගොස් අසීමිත ශ්‍රද්ධාසම්පත්තියෙන් යුතුව සමන් දෙවියන්ට පින් අනුමොදන් කලෙ අප නඩයට කිසිදු අතුරු ආන්ත්‍රාවක් වෙන්න නොදි උන්වහන්සෙ අපට ලාබා දුන් අසීමිත ආරක්ෂාව නිසයි. සමන් දෙවිය්නගෙ පිහිටෙන් අපට හිතුව තරම් මහන්සියක් දැනුනෙත් නැ. පහලට අපු අපි ලේ දන් දුන්න කුඩැල්ලනට පින් අනුමොදන් කර ගෙනම අපෙ රාළහමි අයියාගෙ මිත්‍රයකුගෙ නිවසට ගියෙ රාත්‍රිය එහි ගත කිරිමට සිතා ගෙනයි... :)))))))))
                               ඔයත් මම මෙ අවසන කිව්ව කතාව සුලුවෙන් තකන්න එපා. ඔයත් සිරිපා කරුණා කරන්න කවදා හො යනවා නම් ඔයාට අපහු මම කියන්නෙ '' මෙක සමන් දෙවියන්ගෙ අඩවිය. කරන හැම දෙයක්ම බොම භක්තියෙන් ශ්‍රද්ධාවෙන් යුතුව කරන්න, කියන්න. බොහොම විනිතව හැසිරෙන . කට වරද්ද ගන්න නම් එපා පුතො. .. :)) ඕං මන් කිව්වා... :)))))

  
ප.ලි : ලොකයෙ කිසිම රටක කිසිම ජතියක් වන්දනා ගමනක් යන විට අනුගමනය නොකරන අසිමිත සම්ප්‍රදායක් සිරිත් විරිත් හා වත් පිලිවෙත් සම්ප්‍රදායක් ඇති හෙයින් සැබවින්ම මෙය ශ්‍රි ලාංකීය උරුමයක සැඟවුන අසීමිත සම්ප්‍රදායක් ලෙස මට හැගුනි. :)