4/19/2011

බැල්කනිය......... ( with out box :D )

හප්පෙ සිරි කොලුවගෙ ජිවිතෙ වැඩි දවසක් පහුගිය අවුරුද්ද දෙකෙ ගෙවුනෙ ඉතින් බොඩිමෙ තමා. අමුතුවෙන් කියන්න ඔනෙ නැ නේ බොඩින් ලයිෆ් එකට enter උනාම තමා තමන්ගෙ ගෙදර ඉස්සරහට විශෙෂන පදයක් වැටෙන්නෙ sweet හොම් කියලා. මොනවා කරන්නද අලේ ඉතින් අපිත් උපරිම ට්‍රයි එක දෙන්නෙ බොඩින් ලයිෆ් එකත් sweet කර ගන්න තමා. අන්න එක කොර ගන්න මෙ සිරි කොලුවත් පොඩි වෙලවක් හම්බුනත් පොඩි හරි ෆන් එකක් ගන්න තමා බලන්නේ. මෙ මෙ හැබැයි ඔය ෆන් වැඩ කුලකයට අර ගවුම් කැලි එහෙම අයිති වෙන් නැ ඕන්. හෆ්ෆෙ එහෙම කිවෙ මොකද අර කිව්ව බොඩින් ලයිෆ් එක sweet කර ගන්න සිරිකොලුවා ගවුම් කැලි ප්‍රයොජනයට ගන්නවා කියලා ඔයා හිතයි. චැකේ... එහෙම වැඩ නැ මෙ සිරි කොලුවගෙ.. ඔන්න මඩ පාර එන්න ඉස්සරමයි මුලින්ම කිව්වෙ..:D 
                                       
හම්.. අර කිව්ව ලයිෆ් එක sweet කර ගන්න මෙ සිරි කොලුවා කරන එක දෙයක් තමා ගොඩක් දවස් වල හවසට යනවා බැල්කනියෙ ෆිලම් බලන්න. සල්ලි සල්ලි කියලා බලන් නැ OdC ටිකට් එහෙම නෙවෙ ගන්නෙ කෙලින්ම බැල්කනි...:D බලන්නෙත් නිකන් බයිස්කොප් නෙවෙ හික්zz සම්භාව්‍ය අර මොකද්ද මණ්ඩලෙ එවා..... ( අර නිල්ද මොනවද කියන්නෙ අලෙ මන්දා අන්න එවා තමා හලි ..:D:D) අලේ මෙ දැන් අර අපෙ ගොල්ඩ් ෆිශ් අයියට වල් මාලුවා කිවා වගෙ මටත් වල් කොල්ලා කියලා එහෙම කියනවා නෙවෙ. මෙ වයසෙ වැරැද්ද නොවැ..:D:D අනික අර කිව්වා වගෙ බයිස්කොප් එකක් බලන්න හොදම කියාපු තැන තමා මෙ බැල්කනිය. මොකද පුල් ac නේ... දාඩිය එහෙම කොහෙන් ගියද නැ.
                                        
ඔන්න හැමදාම වගෙ බයිස්කොප් එක පටන් ගන්නෙ සුපුරුදු බැක්ග්‍රවුන්ඩ් එකෙන්... :D වැඩ ටික සෙරම වෙන්නෙ ගස් අස්සෙ. මොකද ඉතින් ගස් අස්සෙ මොනවා කලත් පෙන් නැ නේ. ඔය ගස් අස්සෙ ඔය වගෙ වැඩ කරන්න හරිම කැමතියි සමහරු.. හෆ්ෆෙ පෙන් නැද්ද නුවර පෙරා ගාඩ්න්, වෙල්ස් පාක්, විහරමහා දෙවි එකෙ එහෙම බලන බලන පදුර හෙල්ලෙනවා නේ බොලව්.. :D ඔන්න තියනවා අඹ මල් වලින් බර උන හොද නාඹර අඹ ගස් 2ක්. අඹ ගස් දෙක මැදින් ඊට පොඩ්ඩක් එහායින් තියනවා එ වගෙන නාඹර වයසෙ ඉන්න හොද රඹුටන් ගහක්. අඹ ගස් වල ගෙඩි තිබුනට තාම රඹුටන් නම් හැදිලා නැ ඕන්. දැන් ඉතින් අඹ ගස් දෙක මැදින් රඹුටන් කිවාම එකටත් උඹලා උපමා උපමේය හදා ගන්න එහෙම යන්න එපා ඕන්. :D හික්zz ඔන්න ඔහොමයිලු ගොඩක් වෙලාවට සිරි කොලුවා බලන බයිස්කොප් වල පසුබිම් දර්ශණය. .....:)
                                         
ම්......... දැන් තමා ඉතින් ලයිව් ශො ටික පටන් ගන්නෙ. අය ඉතින් ලොවෙත් නැ කෙලින්ම තුන් කතිරෙ දර්ශණ තමා වැඩි හරියක්...:D:D:D අලේ ඔයාට කියන්න ඔය දකුණු පැත්තෙ අඹ ගහ අස්සෙ ඇඟේ නුල් පොටක් නැති ප්‍රෙමවන්තයො දෙන්නගෙ පැනි බෙරෙන ප්‍රෙමාලිංගනෙ ඉවර වෙන්නෙ වම් අඹ ගහෙන් අර කිව්ව රඹුටන් ගහ අස්සට ගිහින් තමා. රඹුටන් ගහ අස්සෙ නම් අන්තිමට මොනවා වෙනවද කියන්න මෙ සිරි කොලුවා දන් නැ ඕන්. :D මම දන්නවා මෙක කියවන උඹලා කිරිබොන එවුන් නෙවෙ නේ...එ අන්තිමට රඹුටන් ගහ අස්සෙ මොකද වෙන්න කියලා හිතා ගනිල්ලා.. :D වැඩි වෙලා යන්න කලියෙන් අර කිවා වගෙ ට්‍රන්ස්පෙරන්ට් රෙදි වලින් විලි වහ ගත්තු කපල් දෙක තුනක්ම එනවා ඕන් සීන් එකට. එක ජාතියෙ කපල් නම් කමක් නැ කියමුකො, ජාති දෙක තුනකම ඇයො එනවා හවස් යාමෙ මෙ lovers' trees වලට. බලන්න ලස්සනයි අලෙ.. හැට හුටාමාරක අහවල් style බලා ගන්න පුලුවන් බොහොම හොදට. :D (අය style කිවම එකත් උබලම හිතා ගනිල්ලා.. අහන්න එපා මොන style ද කියලා එහෙම,. :D :D ) මම වැඩිය රස කරන්න යන් නැ ඔය ගස් අස්සෙ වෙන දෙවල් ගැන, මොකද ඊට පස්සෙ උඹලට ඇති වෙන sideeffects වලට මට වග කියන්න බැ ඕන්. :D ආ.. එ අස්සෙ මෙ සිරි කොලුවා අහම්ම්බෙන් වගෙ දැක්කෙ ඔය ගස් අස්සෙම තියනවා පැලක් අටවලා කගෙදො.... එ පැලෙ පොඩි එවුන් දුසිමක් විතර. යකො මෙ 18+ විගඩම් දකින අර පොඩි එවුන් ලොකු වෙද්දි කොමට හිටිද? :D ( නඩු දාන්න ඔනෙ බොල මෙ බයිස්කොප් එක ඩිරෙක්ට් කල එකාට ..හික්zz :D පොඩි එවුන් මෙවට ගව ගත්තට ) අලෙ මන්දා කිවාලු.. ලොකෙ ගොලාකාරයි මිනිසත්තු විවිධාකාරයි නොවැ. :D බිම් කලුවර වැටිගෙන එද්දි කොමෙන් කොමෙන් හරි ඉස්සෙල්ලා කිව කපල් ටික ශෙප් එකෙ මාරු වෙනවා. උන්ටත් ඉතින් සිරිකොලුවට වගෙන රෙඩ් කාඩ් හම්බෙනවා අති ගෙදරින් වෙලාව පැන්නම. :D බිම කලුවර වැටිලා පැ හතරක් පහක් ගියාම නම් ඉතින් ගොඩක් මෙතනට ඇවිත් ප්‍රෙමාලිංගනෙ යෙදෙන ඇත්තො නම් ඉතින් අර චන්ද්‍රාලොක කර්මාන්තේ කරන ඇයො තමා. උන කොමත් නිශාචරයොනේ. :D( ලොකෙ පැරණිම ස්වයං රැකියාව කියනවා නේ ඔය චන්ද්‍රලොක කරුමාන්තෙ.. මෙ මෙහෙම කිවෙ කියවන සමහරු ටියුබ් ලයිට් නිසයි.... නැතම් අය බලයි එ මොකද්ද බොල එ හරුපෙ කියලා :D ) සමහර දාට සිරිකොලුවත් අර මුලින් කිව බොඩින් ලයිෆ් එක sweet කර ගන්න මොහිනි අක්කලා ගමන් යන වෙලාවටත් බයිස්කොප් බලන්න බැල්කනි නගිනවා. එ වෙලාවට නම් ඉතින් බයිස්කොප් එකෙ screen එකෙ බ්‍රයිට්නස් බින්දුවෙ නිසා වෙන්නෙ මොනවද කියලා මෙලො හුට්ටප්පරයක් පෙන්නෙ නම් නැ.. හැබැයි සද්දෙන් හිතා ගන්න පුලුවන් මොනවද වෙන්නෙ කියලා. :D අය ඉතින් අමුතුවෙන් කියන්න ඔනෙ නැ නේ.. මෙ වෙලාවට ගස් අස්සෙ වෙන එවා තුන් කතිරෙටත් එහා. :D 
                                          
හ්ම්......... මෙ මෙ දැන් ඉතින් ඔය හිතින් සිරි කොලුවට අමතන එක නැවැත්තුවොත් හොදා. සිරිකොලුවට මෙහෙ ඉන්න බැ හචින් යනවා බොල. ඔය ශිට්.. හා...චින්.. :( මොනවා කියලා මාව මතක් කලත් කාරි නැ wal කොලුවා, වලත්තයා කියල එහෙම කියනවා නෙවෙ ඕන්.. බොලව් මම ඔය කිවෙ මම බැලුව අහවල් මණ්ඩලෙ නිල් චිත්තරපටියක් එහෙම නෙවෙ :D :D :D සිරිකොලුවගෙ බොඩිම තියෙන්නෙ දෙමහල් පැලක උඩුමහලෙ බොලව්. :D එකෙ සදලුතලෙට ගියාම තමා ඔය ඔක්කොම බයිස්කොප් පෙන්නෙ. හිත නිවා ගන්න ලොවෙත් නැති, ලොවි ගහෙත් නැති, හබැයි සිරිකොලුවගෙ බොඩිමෙ තියන තැන තමා බැල්කනිය. :D හවසට දාඩිය පෙරා ගෙන ඇවිත් සදලුතලෙට ගොඩ උනාම දැනෙන සැප අය ලොවෙත් නැ... :)) ම්ම්... සදලුතලෙ අතමායිමෙ තමා අර ඉස්සෙල්ල කිව අඹ ගස් එහෙම තියෙන්නෙ. හැන්දැයාමෙ බලන්න ලස්සනයි,ආසයි ඔය ගස් වල සෙල්ලම් කරන , ලව් කරන තුන් ඉරි අප්පුලා, කුරුලු බටිච්චො දිහා. සිරි කොලුවා ඔය ඉස්සෙල්ලා කිවෙ ඔය උන්ගෙ ප්‍රෙමාලිංගනෙ අපුරුව තමා ගස් අස්සෙ. එ අහිංසක සතුන්ගෙ ලොකය කොතරම් සුන්දරද , නිර්ව්‍යජද , සරලද කියලා සිරිකොලුවට වැටහුනෙ ඔය බැල්කනියෙ බයිස්කොප් බලලා තමා ඕන් :D ඔය බයිස්කොප් බලලා මෙ සිරි කොලුවා ලබපු වගෙම ලබන වින්දනය, සතුට නම් මෙතැකැයි කියන්න බැ .... :)) පැහැදිලි අහසක් ඇති හඳ පායලා තියන දවසක පාන්දර එකට දෙකට මෙ බැල්කනියෙ පුටුවක් තියන් හරිබරි ගැහිලා මානො පාරක් දා ගත්තම හිත් පොජ්ජට දැනෙන සීතල, සහනය, සතුට විස්තර කරන්න මෙ සිරියට් වචන නැ..:)) සිරිකොලුවට නම් එක සුපිරිම මෙන්ටල් තෙරපි එකක්.... :))) කොලුවගෙ බොඩිමට sweet කියලා විශෙෂණ පදය දාගන්න ඔවා තමා සිරිකොලුවා යුස් කරන ටැග්ටිග්ස් ඉතින්.... හික්zzzzzz ......:D



  





ප.ලි : හෆ්ෆෙ මෙ දවස් වල සිරි කොලුවගෙ කණේ වැලි ගැවෙන තරමට කොල්ලා බිසි වෙලා ඉන්නෙ යාලුවෙ. අලුත් අවුරුද්දට ඔයාට සුභ පතන්නවත් මෙ පැත්තෙ එන්න වෙලාවක් තිබුනෙ නැ. අලුත් අවුරුද්දෙ අබ මල් රේණුවට ගොඩ වැදුන ඔයාට මල් බර, රස බර, පැණි බර, ජරබර නැති, කිරි ඉතිරෙන, පැතු පැතුම් ඉටු වෙන, සිත තුටින් බර වන සාමය සතුට රජයන, සෞභාග්‍යමත් අලුත් අවුරුද්දකට මෙ සිරිකොලුවගෙන් ආසිරි.............!!!!
තෙරුවන් සරණයි..........


ජිවන මඟ....................

නිසල වන පෙතක.....
හුදෙකලා දිවි මගක... 
ගෙවන මෙ දිවි කතර,
කියයි නිවනට
යනෙන කෙටිම මග.........

බිඳදා පංචනීවරණ..
බැද ගෙන ආර්‍ය අට මග.. 
අතගා අටලොදහම.. 
ගුරුකොට චතුර් සත්‍ය, 
නගින මෙ ගිරි ශිඛර මුදුන .. 
සැක නැත ඇතුවාට 
අසමසම නිවන් සුව.........

බෙරා කෙලෙස් වලවල් මෙ සංසාරේ 
යන හැටි නොවැටි හරි හැටි මෙ ජිවන පාරේ 
දෙව්දත් වරුන් බෝ සිටිනා අද කාලේ 
සිහිවෙයි මෙමට මිහිඳු කුලේ උතුමන් එ කාලේ

කාබායක් සීතට, 
හිස් වැසුමක් පින්නට, 
මිරිවැඩි සඟලක් රලු පොළව සිඹින පයට, 
නොමැතිව 
අළුයම් කිස වඩිනා 
මෙ ගමන 
බුදු සිරිප පහස විඳිනට 
දිරියක්ම නොවන්නෙද.............. ?
 .
.
.
.


ප.ලි : මතක ඇතිනෙ ඔයාට සිරි කොලුවගෙ කොඩුකාර සිරිපා කරුණාව. අන්න එ ගමනෙදි සිරි කොලුවගෙ කැමරා ඇස ගිය වටිනාම පොටො කැල්ලක් තමා මේ. සිරිකොලුවා අහම්බෙන් ගත්ත පොටො කැල්ලක්.. එත් ලස්සනයි, ආසයි, ආදරෙයි ගොඩක්... :) කොලුවගෙ කොම්පියුටර් රාජයාගෙ ඩෙස්ක්ටොප් එකත් නිකන් අර මොකාගෙද එකාගෙ පලා මල්ල වගෙ.. හතර අතෙ files, shortcut, folders, docs.., . මෙ ඊයෙ පෙරෙදා දවසක ඔක පොඩියක් අස්පස් කොර කොර ඉන්න කොට වැරදිලා වගෙ ආපහු ඔය පින්තුර කැලි දෙක තුනක් ඇහැ ගැටිලා පොඩි වචන දෙක තුනක් ලිය උනා ඉතින්.......:)))