1/26/2011

මගේ ලෝකය.....


මන්දාකිණියකි ඔබ,
පවනකි මට මේ ජිවන විශ්වය පුරා හමන,
මහමෙරකි මට,
ජිවිතය දිනනට ඔබෙන් ලද සවිය,......
අසමසම විය ගුණය, ඔබෙ සතර බඹ,
ළැම ඉම කිරි සුවඳ, ජිවිතය සුවඳ කල.. 
ඔබ ගුණ සැයක්ය , මැණියනි උතුම් සඳ.............

දිව එන්නැයි හැකි නම් ලෝ වටා, 
කෙනෙකු මට කියයි නම්, 
වට කොට මැණියන්, තබා පියවර ,
පවසමි තුටු සිතින්,........
ලෝකයම දිනු වග නොපැකිලව හඩ ගා... 
මන්ද, මගෙ මුලු ලෝකයම මැණියන් වන බැවින්...........

අප නිවහනේ බුදුන් ඔබ, 
මා දිවි දෙවැනි කොට ..., රකිමි උර මත තබා .. 
වැටෙන තුරු මගේ අවසන් සුසුම් පොද...........
                                                   

1/25/2011

කොඩුකාර පෙමට බර තැබීම

හ්ම්...... ආපහු මෙ පොස්ට් එකෙනුත් තවත් සාධාරණයක් ගැන කතා කරන්න යනවා කියලා හිතන්න එපා, මොකද පෙර පොස්ට් එකෙනුත් සාධාරණ ප්‍රතික්ෂේපයක් ගැන මම කිව්වානේ... :))))

ගහ ගෙන ගිවිසුමක් අපෙ මල්සරා එක්ක
කුලුඳුල් පෙමට මුල පෙරුවලු ඇ එක්ක
යන විට මලින් බර වු දින සති මාස ටික
ඇඩ් උනාලු ජිවිතයට පැණිබර රොමැන්ටික් තීම් එක

මේ පහු ගිය දොහක මුණු පොතෙ ඉන්න මගෙ හොඳ මිත්‍රයෙක් ස්ටෙටස් එකක් අප්ඩෙට් කරලා තිබුණා. කොල්ලා ටිකක් පිනට දහමට ලැඳි බැතිමතා :D  දාලා තිබුනේ '' පළමු පෙමට හදවතේ දුන්න ඉඩ ඊට පස්සෙ වෙන කාටවත් දෙන්න බැ'' කියලා. ඔන්න ඔය කතාව මගෙ හිතට පොඩි විවාදාත්මක තර්ක ටිකක් ගෙනාවා. එකමයි මෙහෙන මෙ අදහස මගෙ අබ මල් රේණුවෙ පෙල ගස්වන්න හිතුනෙ. ඇත්තටම ඔයා මොකද හිතන්නෙ? අර මගෙ මිත්‍රයාගෙ තර්කයට ඔයා එකඟද? 

පැල උනි මෙසෙ එ ආදර පිච්ච වැල 
ආලයෙ රුහිරෙනුයි ලියැලුනෙ මෙ පිච්ච වැල
බර උනි මලින් සුවදැති ආදර පිච්ච වැල
පැතුවෙ සරසන්න එ පිච්ච මලින්, මල්දම මංගල......

බිදුනෙලු අහෙතුක හෙතුවකට ඒ ආදර හුය බැදිම
දෙතුන් මසක් ගිය තැන අහොසි උනිලු, පෙර කී ආදර බැදිම
නොහැකි විය මඟ හරිනට ඒ මල්සරා ගේ බැල්ම
නැත ගියෙ වැඩි කලක් තබනට අත්සන් නව ගිවිසුම.... :D

හොදා මම මෙහෙම තර්කයක් ගෙනවා. ඔයා කොඩුකාර පෙමට සමු දුන්නා. ටික දොහකින් පටන් ගත්තා කියමුකො තව ඇයි හොදයියක්. :) ඔයාට දැන් හමු වෙලා ඉන්න ආදරවන්තිය/ආදරවන්තයා ගෙ නොකුලුඳුල් ප්‍රෙමය (එයාගෙ පලමු පෙම නෙවෙ) ලෙස ඔයා පත් වෙලා ඉන්නවා. හැබැයි ඔයා අර මම මුලින් කී මිත්‍රයාගෙ තර්කයෙ පිහිටලා ඔයාගෙ ආදරවන්තියට/ආදරවන්තයාට හදවතින්ම ආදරය නොකර ඉන්නවා. දැන් හිතනවාද ඔයා, පෙරලා ඔයාටත් හදවතින්ම ආදරය ලැබෙවී කියලා. නැ කවදාවත් නැ . අපි ආදරය හදවතින්ම දුන්නොත් පමණමයි අපටත් ආදරය හදවතින්ම ලැබෙන්නෙ. අන්න එක අමතක කරන්න එපා ඔයා. :)

මං මෙහෙම කියන්නෙ අර පලමු පෙමට සමු දුන්න ඇත්තොන්ටයි. අපෙ ජිවිතයට ඒ කොඩුකාර ආදරය නැවත් ආලොකයක් නොවෙනවා නම් අපි ඇයි තවත් එ අඳුර පිටුපස වැටෙන්නෙ. ජිවිතයෙ ඉදිරියට සතුටින්, සොම්නසින් , සිත සැහැල්ලුවෙන් ඔයාගෙ ආදර ලොකය ගොඩ නගන්න රිසි නම් පෙර මා කි දෙත් නිමෙශයක් සිතා බලන්න.... 

ප.ලි : සිරි කොලුවගෙ අර keep alwz smile තියරිය ඔයාටත් යුස් කරන්න ඔනෙ නම් ඔය මම කිව්ව කාරනෙත් එකට බෝම උදව් වෙවි.. .. :)) මොකද මම මෙ කාරණේ මෙහෙම හරි කියන්න හිතුවෙ, ඔන්න ඔය කලින් කී කාරණය නිසාම මෙ දවස් වල මගෙ මිත්‍රයො කිප දෙනෙක්ම මුඩ් ගහගෙන ඉන්නවා ......... :))) හලේ........ :))

                                                       

1/18/2011

සාධාරණ ප්‍රතික්ෂේපය....

දැ අවුරුද්දකට ප්‍රථම දවසක...,
නිච්චියක් නැතත් අඳුන ගත් අයුර...,
නිසල මගෙ ජිවන විල් තෙරට,
පියුමාලියක් ම වේ යැයි සිතුනි මට .................

දැක නැතත් නෙත් දෙකට...., 
හදවත බර වුනි, දකින විට එ පියුම බුකිය තුල...,
අකීකරු මගෙ හිතින් පැන ගිය නිසාදො එ ආදර වදන් ....,
විමසන්නටත් පළමු, නික්මුනි ඈ මගෙ හදින් ..........

නොසිතු දිනක නිශාවෙ.., 
හමු උනෙමි ඈ බුකිය තුල.., 
ඒ පියුමෙ හදුන්පොත, ලැගුම් ගෙන වෙන හදක.., 
ඇසුවෙමි ඒ ලෙසම ඈ විඳින නේක දුක් කද........
ප්‍රතික්ෂේපය තුල මා දුටුව ......
ඒ අසීමිත සාධාරණය ..., 
කඳුලු වලින් දිය කලෙමි......, 
මහද සනහාගන්නට.... :'(

                                                

1/14/2011

පෙර නිමිත්ත

හ්ම්.. මම මෙ සයිබර් අහසෙ කරක් ගහන්න අරන් දැන් අවුරුදු 3ක් විතර වෙනවා කියමුකො. එතෙක් මෙතෙක් කාලය තුල මෙ සරිබර් අහසෙ බ්ලොග් කියවපු කොල්ලෙක් නම් නෙවෙ මම. දැන් අවුරුදු 2ක් තිස්සෙ මුණු පොතෙ කරක් ගැහුවත් දැන් දෙතුන් මාසෙකට උඩදි අපුරු මිතුරන් කිප දෙනෙක් මා එක්ක බොහෝම කුලුපග උනා. කවුද මෙ මිත්‍රයො කියලා මෙ වෙලාවෙ නොකියා ඉන්න තිරණය කලෙ, එහෙම වුනොත් මෙලො රහක් නැති මෙ බ්ලොගය ලියන 'සිරි කොලුවා' කවුද කියලා අහුවෙන නිසයි. අමනාපයක් හිතන්න එපා හොදෙ.... :)
                                  
             පහු ගිය ටිකෙ අඩු වැඩි විදිහට මගෙ හිත තලපු එක එක කාරණා නිසාත්, (ගවුමකින් සපත්තුවක් කාලා එහෙම නෙවෙ හොදෙ) අර ඉස්සෙල්ලා කිව්ව මිත්‍රයකුගෙ බ්ලොගයක තිබු කෙටි කාථාවක් මගෙ හිතට අමුතුම විදිහට දැනුන නිසාත්, මටත් සිතක් පහල උනා තනිකම මැකෙන්නත් එක්ක මගෙ හිතට එන මොඩ පිස්සු අදහස් බ්ලොගයක ලියන්න ... :)
            ඉස්සරහට මෙකෙ වැටෙන පොස්ට් ඔයාට නීරස වෙන්න පුලුවන් මොකද මම එහෙම වියත් සාහිත්‍යධරයෙක් තියා මෙ සයිබර් අහසෙ සින්හල බ්ලොග් ලියන ඇත්තො තරම් දස්සත් නොවන නිසා.. :) දන්නවා ඔයාලට කාලය කොතරම් වටිනවද කියලා, වෙලාවක් තිබුණොත් ආපහු මෙ අබ මල් රේණුව පැත්තෙ ඇවිත් යන්න එන්න සබඳ.., අබ මල් රේණුවෙ තියන දෙයක් කියවලා ඔයාගෙ හිතෙ අබ මල් රෙණුවකින් හරි සතුටක්, පහන් බවක්, නිසසල බවක්, සැහැල්ලුවක් දැනුන නම් , එ තමා මගෙ හිතට තියන එකම නිවන, සතුට.

තිසරණ සරණයි...!!!