5/21/2011

සිරියගෙ වෙසක් සිරි ............ :))

වෙන කවදටත් වඩා මෙවර වෙසක් දිනය ලොක වාසී බෞද්ධ හැමොටම සුවිශේෂයි නේ. 2600 වෙනි සම්බුද්දත්වජයන්තියට සිරිකොලුවත් පිලිවෙතින් කෙසෙ වෙතත් පිලිවෙලින් පෙල ගැහුනා. :) පෝය දවසෙ සිල් සමාදන් වෙන්න බැරි උනත් අම්මා තාත්තා එක්කලා උදෙම දානෙ අරන් ගිහින් එ කටයුතු වලට සහභාගි වෙන්නත් සිරි කොලුවා අතපහු කලෙ නැ. ගමෙ පන්සලෙ පොඩි හමුදුරුවන් තුන් නම සිරි කොලුව එක්ක බොම කුලුපඟයි. එනිසාම ආ පයින් අපහු හැරෙන්නත් බැනේ... පන්සලෙ තිබුණ පොඩි පොඩි වැඩ කටයුතු ටිකත් ඉවර කරලා හැරෙන තැපැලෙන් කොල්ලා ගෙදර අවෙ සිරි කොලුවගෙ අන්ඩකන්ස‍්ට්‍රක්ශන්  වෙසක් කුඩු ප්‍රොජෙට් එක ඉවර කරන්න හිතා ගෙන. ( හික්zz ලොකු වචන දාලා කිව්වට කුඩු පහයි හැදුවෙ හොදෙ... :D ) හැම දාම වගෙ සිරි කොලුවගෙ මැන්ගො ෆ්‍රෙඩාගෙ සප් එක  1කෙන්ම ලැබුන නිසා වැඩෙ ඉවර කර ගත්තා ඉර මුදුන් වෙන්න කලියෙන්. මෙහෙම හිටියට ප්‍රසිඩන්ට්ගෙ සෙකට්ට්‍රිටත් නැති වැඩ තමා සිරි කොලුවට තියෙන්නේ. තිබුන වෙලාව හිඟ කම නිසාම මෙ පාර කුඩු නොහදා ඉන්න හිතුවත් යකො 2600 සම්බුද්ධත්වජයන්තියටවත් නැති කුඩු අර මොකටද කිව්වා වගෙ කොමෙන් හරි කුඩුවක් දෙකක් හැදුවා ඕන්. 

uh...... මෙ කුඩු හදපු එක ගැන පම්පොරියක් කෙලින්න එහෙම නෙවෙ මෙ පොස්ට් එක ලියන්න හිතුවෙ. සිරි කොලුවා දැක්ක වෙසක් කුඩු වල මොඩන් විකසනෙ ගැන පොඩි දෙයක් කියන්නයි ලියන්න හිතුවෙ. ඔය කියන විකසනෙ මෙ කාලේ හොදම එක තමා අර ප්ලාස්ටික පට්ටම් කුඩු. ඊට කලින් ඔන්න තිබුනා යකඩ පට්ටම්. කොමෙන් කොමෙන් හරි උණ පට්ටමෙන් , කාඩ්බොඩ් පට්ටමෙන්, යකඩ පට්ටමෙන් ඔන්න අන්තිමට ඇවිත් නතර උනෙ ප්ලාස්ටික් පට්ටමෙ. හනේ කාලෙ වනේ  වාසෙ කියන්නෙ කට කහනවට නෙවෙයි නොවැ. අද කාලෙ පොඩි එවුන්ට වෙසක් කුඩුවක් හදන එක  mister pop tipitip pack එකෙ රෙසින් කාර් එක හදනවා වගෙ ගෙමක්ම නැති වැඩක් වෙලා ඕන්. කැඩුවා , ගැහුවා, හැදුවා. 3 way hand make මෙතඩ් එක තමා දැන් කාලෙ ඉන්න පොඩි එවුන් යුස් කොලන්නෙ. යකො ඉතින් මුන් ලොකු උනාම අර දකින දකින ලස්සන බොනික්කියන්ටත් ඔකම නොකර හිටියොත් තමා පුදුමෙ කිව්වලු. කැඩුවා , ගැහුවා, හැදුවා......හික්zz. :D 
 
 ඔන්න පොයට ඉස්සෙල්ල දවසෙ හවස සිරි කොලුවා දා ගෙන උණ බටයක් පලනවා. වට පිට බැලිල්ලක් නැ පහුවදා රැ වෙන්න කලියෙන් කුඩු ටික අටව ගන්න ඔනෙ නිසා nonstop වැඩ ඉතින්. සිරි කොලුවගෙ මැණියන් අර පහ වසරෙ පොඩි එවුන්ට ලොකු ඉස්කොල වලට visa නැතිව යන්න අර ඉස්කොලශිප් අරන් දෙන්න පන්ති කරනවා පොඩි එවුන්ට. එක නිසා කොයි වෙලෙ බැලුවත් පොඩි එවුන් එකෙක් දෙන්නෙක් නැති වෙන් නැ සමහර දාට. '' ආ.... අයියා ඔච්චර පොඩිවට කැපුවම හොදට පත්තු වෙනවද ? '' :o ඔලුව උස්සලා බැලින් නම් අඩි තුනෙ බටු ඇටයෙක් මම උණ බට පලන දිහා බලන් ඉන්නවා . '' හැ බොල පොඩි කැස්වටුවො උබට පෙන්නෙ මම ලිපෙ දාන්න උණ පලනවා වගෙද? '' කියල අහන්න හිතට අවත් මු පොඩි එකෙක් නිසා ''නැ මලේ කුඩු හදන්න කුරු කපනවා'' කිව්වා. ඔන්න දැන් ඉන්න පොඩි එවුන් .. යකො මුන්ට තෙරෙන් නැ මෙ වෙසක් කලෙ උණ කපන්නෙ කුඩු හදන්න කියලවත්. හිතන්න එපා මම මෙ පොස්ට් එක රස කරන්න අතිශොක්තියෙන් මෙවා ලියනවා කියලා. මෙ ඇත්තටම සිරි කොලුවගෙන් පොඩි එකෙක් ඇහැව්ව කතාවක්. ඔන්න ඔය හෙතුව නිසාමයි මෙ පොස්ට් එක ලියන්නත් හිතුවෙ. ඊට පස්සෙ පොඩි එකාගෙ කටින් ආව උත්තරෙ තමා මෙ. ''අපෙ ගෙවල් ගාව හන්දියෙ කඩෙන් කිව්ව නම් ප්ලාස්ටික් කුඩුවක් ගෙනත් දෙනවනේ අයියා'' '' නැ පොඩ්ඩො මෙක මමම හැදුවම තමා මට සතුටු කියලා මම මගෙ වැඩෙ කලා , ඔන්න අද කාලෙ පොඩි එවුන් instant noodles කාලා හැම දෙම instant වෙලා තියන අපුරුව හිත හිත. දරුවෙක් වදන කොට විලි රුදාව වැඩි වෙන තරමටලු අම්ම කෙනෙක් තමන්ගෙ දරුවට තියන සෙනෙහස, ආදරය වැඩි වෙන්නේ. එ වගෙම තමා යම් දෙයක අගෙ තෙරෙන්නෙ වටිනාකම තෙරෙන්නේ ,එ දෙට තියන ශ්‍රද්ධාව භක්තිය වැඩි වෙන්නෙ එ කටයුත්ත වෙනුවෙන් අප කරන දෙ ඇඟට දැනෙන්න අපෙ වෙහෙස මහන්සියෙන් කලාමයි.... හෆොයි අද කාලෙ ඉතින් දරුවො වදන එකත් instant විදියට කරන්න හදන එකෙ වෙසක් කුඩුවත් instant හදන එකෙ අරුමයක් නැ මෙ සිරි කොලුවට. ...... කනගාටුව කවදා හරි දවසක වෙසක් පොයත් මෙ ඉන්න එවුන්ට අර වැලන්ටයින් දවස වගෙ දැනෙයිද කියලයි................................ හ්ම්. 




*පිංතුරයෙ සහ වීඩියොවෙ තත්වය ( quality) පිලිබදව නොසලකන්න. සිරි කොලුවගෙ ජංගමයා අතිශය පැරණි VGA කැමරා සහිත එකක් බැවින් විඩියොවෙ තත්වය පිලිබදව සමාව අයදිමි.

5/03/2011

ඔන්න ඔහොමලු ගැණු ජාතිය......................:D:D

අපරාදේ කියන්න බැ සිරි කොලුවට ඉන්නවා නා නා මාදිලියෙ ලොවෙත් නැති යාලුමාලුවො ටිකක්. යාලු මාලුවො කිවට මුන් ගොඩක් එවුන් එක විදියක (අමු) පිස්සො තමා. එ පිස්සො ලිස්ට් එක ගැන කියන්න නම් වෙනම පොස්ට් එකක් ලියන්න වෙනවා :D එකෙක්ට ඉලෙක්ට්‍රොනික් පිස්සුව. ඌගෙ කටෙම තියෙන්නෙ ට්‍රන්සිස්ටර් ,pic, IC ගැන. ඌ කැම බිමට ගන්නෙත් එවමද කොහෙදො මයේ හිතෙ. එකෙක්ට Barn Buddy පිස්සුව. මුගෙ පිස්සුවෙ තරම කියන්නෙ දැනටමු මු ඔය බාන් බඩි වල island rank දාපු එකෙක්. එතකොට ඔයා හිතා ගන්නකො ඌගෙ බාන් බඩි පිස්සුවෙ තරම. තව එකෙක්ට buzz පිස්සුව. හික්zz එ පිස්සුවෙ තරම නම් කොමද කියලා මම කියන්න යන් නැ. uh.. තව එකෙක් ඉන්නවා ඌට තියෙන්නෙ මාෂල් ආට් පිස්සුව. ඌගෙ වැඩෙම යු ටියුබයෙ මාෂල් ආට් විඩියො බාන එක. හැබැයි මු සෙල්ලන් නැ අර කලු පටි හතක් අටක් ඉනෙ බැඳලා තියනවාලු මාෂල් ආට් හතකින්... ම්... කොමද ඩයල් එක ගහයි ගමකට. තව ඉන්නවා නියම ජාතියක පිස්සෙක්. ඌට වැලදිලා තියෙන්නෙ බලු පිස්සුව. :D මෙකට බල්ලෙක් පෙන්නුවොත් ඌගෙ අම්මා තාත්තගෙ ඉදලා පරම්පරා හතක පැටිකිරිය මු බලන් හිටියා වගෙ කියනවා. මු දන් නැති බලු වර්ගයක් නැ. බල්ලන්නට වඩා දන්නවා මු බල්ලො ගැන. මෙ බලු පිස්සගෙ තරම දැන ගන්න පුලුවන් මුගෙ ගෙදර ගියාම. හලි හලි එවා පස්සෙ කියන්නම්කො. :D තව පිස්සො දෙතුන් දෙනෙක් ඉන්නවා සිරිකොලුවගෙ ලිස්ට් එකෙ. හිටින්කො කියනකම්......:D බාබෙදු පිස්සො දෙතුන් දෙනෙකුත් හොයා ගන්න කිසීම අමාරුවක් නැ මෙ සිරි කොලුවගෙ යාලුමාලු ලිස්ට් එකෙන්. තව ඉන්නවා මැච් පිස්සො ටිකක්.. ඌන්ගෙ පිස්සුව නම් මෙ දවස් වල ටිකක් අඩු වෙලා වර්ල්ඩ් කප් පැරදුන නිසාද කොහෙදො..... . ඔය අස්සෙම අර ගවුම් මහන්න මෙශමන්ට් ගන්න පිස්සො දෙතුන් දෙනෙකුත් ඉන්නවා. උන්ගෙ පිස්සුවෙ තරම නම් මෙ ප්‍රසිද්දියෙ කියන්න බැ. :D 18-  එකෙක් වත් මෙක කියෙව්වොත් එහෙම :D . එච්චරටම උන් වල් වැදිලා ඉන්නෙ. ආ.... තව ඉන්නවා java, c# කන බොන ඩයල් දෙකකුත්.... :O හැබැයි උන් දෙන්නට නම් වැඩි කලක් යන්න ඉස්සර මොකක් හරි වෙනවා ඌන්ගෙ මොලෙ වැඩි වෙලා.. අලෙ මන්දා ඌන් දෙන්නගෙ නම් මොලෙ මෂ්තිශ්කයෙ රැලි වැඩිද කොහෙදො.. :D . ඔය ඔක්කොමත් අස්සෙ ඉනවා බණ කියන එකෙකුත්. ඌගෙ කටෙම තියෙන්නෙ බණ විතරයි. ඕන් සිරිකොලුවට බනිනවා එහෙම නෙවෙ ඌට පිස්සා කිවා කියලා. :D එ විශේෂන පදෙ මම ඌට දාන් නැ. මොනවා උනත් ඌ බණනේ කියන්නෙ. එකට මෙ සිරිකොලුවා 1න් ම සලකනවා ඕන්. හප්.... මොකද බොල හිනා වෙන්නෙ . බොරුවට නෙවෙ බොල ඔය කිව්වෙ,. ඔය මෙච්චර වෙලා කිව්ව හැම පිස්සටම උදා: නමක් දෙන්න පුලුවන් මෙ සිරිකොලුවගෙ යාලු මාලු ලිස්ට් එකෙන් ඕන වෙලාවක. දැන් අහන්න එපා සිරි කොලුවා මොන පිස්සෙක්ද කියලා. එක ඔයාට භාරයි. :D

                                       අලේ මෙ වෙන පිස්සො ගැන කියන්න ගිහින් තාම මෙ මාතෘකාවට නිධාන උන පිස්සා ගැන කියන්න බැරි උනා නේ. :D මට තාම තෙරෙන් නැ මුට තියෙන්නෙ මොන වගෙ පිස්සුවක් ද කියලා. මු antiwomen පිස්සෙක්. ( එ කිව්වෙ මු ස්ත්‍රි විරොධි.. :D hikzz අර antiwomen වචනෙ නම් හරිද මන්දා..:D දැනට එහෙම කියලා කියන්නම්කො හොදේ. පස්සෙ හරි වචනයක් හම්බුනොත් කියන්නම් . :D) මෙකට ස්ත්‍රි ජාතිය වහ කදුරු වගේ. මු වචන දහයක් කතා කලොත් වචන 8ක් මු ගන්නෙ අර කිව්ව ස්ත්‍රි පරාන වලට අමතන්න. එකත් සභ්‍ය වචනෙන් නම් කම් නැ. මු කට ඇරියොත් අශුද්ද සිංහල කොටියයි. මු ඔය ස්ත්‍රි පක්ෂෙ ගැන කතාවක් කිව්වොත් කාතාවෙ මුල පදෙ පටන් ගන්නෙ හොද සිංහල ප්‍රත්‍යකින්. :D මොන හේතුවකටද මන්දා එච්චරම සුපිරි මලක් මුට ඔය ස්ත්‍රි ඇත්තියොත් එක්ක තියනවා. මෙකගෙ පිස්සුවෙ හොදම එක කියන්නෙ මු බලන් ඉන්නෙ 2012 ලොක විනාසෙ එනකම් මැරෙන්න. විහිලුවට නෙවෙ, ඔය කිව්ව antiwomen පිස්සා අර කිව්ව ලොක විනාසෙ තදින්ම විස්වස කරනවා. මුට නම් තියෙන්නෙ එසෙ මෙසෙ මානසික රොගයක් නෙවෙ. :D මෙකව අංගොඩ අරන් ගිහින් ගස් බැදලා ගැහුවත් හදන්න පුලුවන් එකෙකුත් නෙවෙ. මෙකා ඔය අශුදද සින්හල ප්‍රත්‍යෙන් ගවුම් කැලි වලට අමතද්දි සිරිකොලුවටත් කට පියා ගෙන ඉන්න බැ. මොනවා උනත් මෙ සිරි කොලුවා ගවුම් කැලි වලට ආදරෙයි , ඔය කොච්චර පොර ටොක්ස් දුන්නත් කෙල්ලො ලොකු නැ කියලා :D . ආ. කියන්න අමතක උනා තව කතාවක්. ඔය antiwomen පිස්සගෙ තව ප්‍රර්තනවක් තමයිලු සිරි අයිය සපත්තුවක් කනවා දකින එක. ඔකා ඔක කියද්දි නම් මෙ සිරි කොලුවට උන්හිටි තැන් අමතක වෙනවා. '' තො ගොන් වස්සා.......... කියලා සිරි කොලුවත් දන්න සිංහලෙන් අරුට ජාතිය අමතලා තමා ඉතින් නවතින්නෙ. ඇයි යකො තාම මෙ කෙල්ලෙක්ගෙ අතින් අල්ලලා නැති සිරි කොලුවට බුට් එකක් කාපිය කියල පාර්තනා කරන්න ඉස්සෙල්ල කට ඇරලා කියපියකො 'සිරි අයියට ගින්දර වගෙ කෙල්ලෙක් සෙට් වෙයන්' කියලා . ඉදකින් මෙ වල් බස්සට එහෙම එකක් නම් කටට එන් නැ. ඇයි බොල ඉතින් ලේ කොප වෙන් නැද්ද ඔය වගෙ කතා අහද්දි. :/ :/ ඔන්න ඔහොමලු ඔය කිව්ව antiwomen පිසාගෙ චරිතෙ. :D මෙකා කතා කරන වචන දහයෙන් අටක්ම යුස් කරන්නෙ ගැණුන්නට බනිනයි, කෙල්ලෙ චපලයි කියලා ඔප්පු කරන්නයි තමා ඉතින්. 

අවුරුද්ද පහු වෙලා සිරි කොලුවත් මුට කොල් කලා සුභ පතන්න කියලා. ගත්ත ගමන්ම මොබිටෙල් එකෙ අක්කා කතා කරලා කියනවා ' ඔබ අමතන කැස්වටුවා වන්නි හත් පත්තුවෙ සිටින බැවින් මෙ මොහොතෙ සම්බන්ද කල නොහැක. ග්‍රහකයා ගහක් උඩටවත් නැගපු වෙලාවක පසුව අමතන්නලු. :/ කොම හරි තුන් හතර පාරක් ට්‍රයි කරලා මු ගහක් උඩ ඉන්න වෙලාවක් අල්ල ගත්තා.

'ආ........ මල්ලෙ..., උඹට මෙ අවුරුද්ද මල් බර පැණිබර රස බර , ජර බර නැති ජය වෙන අවුරුද්ක් වෙවා කිව්වා එහෙනම් . '
' හෆ්ෆා.........ආ.......................සිරි අයියා කට හඬ අහන්නත් ආසයි . අය ඉතින් අපිට ජිවිතෙට කොල් කරන එකක් හැ. අම්මෙ අඩෙ අයියා වැරදිලාද ගත්තෙ. ? ' 
' යකො කැස්වටුවො මං තොට කොල් කලෙ විශ් කරන්න. ලව් කරන්න නෙවෙ. විශ් කරන්න ගත්තම ඔහොමද යකො කතා කරන්නෙ... ? :/ '
' අඩෙ අයියා එසෙම වෙවා එසෙම වෙවා.. කවුද හිතුවෙ හෆ්ෆා අපිව මතක් වෙයි කියලා :) එකයි කිව්වෙ ඉතින්. මට නම් ඉතින් මල් බර නැ. අයියට කියන්න මෙ මම ඊයෙ දැක්ක සිද්දියකින් පස්සෙ මට නම් දැන් ඔය ස්ත්‍රි ලිංගෙ තියන මොන ජාතියෙ එකෙක් වත් පෙන්නන්න බැ අයියා. (හරි දැන් ඉතින් මු පැන්නා සුපුරුදු ට්‍රැක් එකට. :D දැන් ඉතින් අහන් හිටපකො මුගෙ ස්ත්‍රි වරුණාව. හුටා පටා දැන් ඉතින් මගෙ free usage එක වාෂ්ප වෙයි ඔඩිකොල්න් වගෙ. :D )

'ඇයි අර උඹලගෙ ගෙවල් ලග සුලොචනා උබෙ බෙල්ල මිරිකුවද හිනේන්වත් ඇවිත්. :D :D '  
(හෆ්ෆෙ මු පටන් ගත්තෙ නැද්ද මුගෙ මුගෙ ශුද්ද , අශුද්ද, පාලි, සංස්කෘත වචන සෙට් එකෙන් අර සුලොචනාව වර්ණා කරන්න. එවා මෙතන කියන්න බැ 18- එවුන් නැහැදෙනවා. :D )

'අහවල් සුලොචනෙක් නෙවෙ බන්. අහපන්කො මං දැක්කෙ මොකද්ද කියලා. ?'
' හා කො... කියපන්කො එහෙනම් :D '
(දැන් ඔන්න මම හා හු නොකියා අහන් ඉන්නවා. මැදින් පැනලා ඇඩ් දාන්න ගියෙ නැ. එහෙම උනොත් යන්නෙ කොහෙද මල්ලෙ පොල් වෙලා කතාව තුන් හතර පාරක් රීප්ලේ කරන්න වෙනවා. ඔයාගෙ වෙලාව මට වටින නිසා antiwomen මලයා දැක්ක සිද්දිය මම මෙහෙමම කියන්නම් කෙටියෙන්ම අරුගෙ භාෂාවෙන්ම.. :D )


' ඔන්න බලපන් අයියෙ.. මෙහෙට ඊයෙ හවස හොදටම වැස්ස. මම හවස පොඩ්ඩක් ගෙ ඉස්සරහා ඉන්න කොට බැල්ලියකුට ට්‍රයි කරනවා ටිකක් ඇග තියන බුල් බල්ලෙක්. මොනවා උනත් අර බැල්ලිට වඩ බල්ලා ටිකක් පොශ්. මු අර බැල්ලි පස්සෙමයි කොයි වෙලෙත්. එත් අර බැල්ලි අරුව සත පහකට මයිම් කරන් නැ. ( අම්මියො දැන් මම මෙ කටට ස්ටෙපරයක් ගහ ගෙන අහන් ඉන්නවා මොකද නැත්තම් මගෙ අතින් මොනාවා කියවෙයිද දන් නැනේ. බොම අමරුවෙන් හිනාව නවතගෙන හිටියෙ... මොකද සිරියස් අහගෙන හිටියෙ නැත්තම් මු කතාව මගින් නවත්තනවා. :D :D ) අයියට කියන්න අර බල්ලා පාන් කැල්ලක් හොයා ගෙන අවා කොහෙන්දො. එක දැකපු බැල්ලි , බල්ලට හෙන ලයින්. :D ඕන් බලපන් අයියෙ ගැණු ජාතියෙ හැටි. උන්ගෙ වාසියට ඕන දෙයක්. අර බැල්ලි අයියා , දන්න 64ම දලා අර බල්ලගෙන් පාන් කැල්ල උස්සව්වා. බල්ල ගොන් වස්සනේ අයියා. ඌ අහු උනා බැල්ලිට. :D :D :D (මු ස්ටොරිය කියන ස්ටයිල් එකට මට බඩ පැලෙන්න හිනා.. අම්මො කදුලුත් එනවා :D ) එකත් එහෙමයි කියමුකො අයියා. අර ____ බැල්ලි පාන් කැල්ල ගත්තා විතරයි දිව්වා මඩුවක් අස්සට. එකත් එහෙමයි කියමුකො අයියා. ( ඔන්න දැන් ඉතින් අරු පාවිච්චි කල වචන කියන්න බැ මොකද එ වචන වලින් ගොඩක් එවා සංස්කෘත :D ) මෙච්චර වැස්සෙ අර _____ බැල්ලි අර බල්ලට මඩුව ඇතුලට එන්න දෙන් නැ ගොරවනවා. අයියා බලපන් අර බැල්ලි කොච්චර බලුද, ගුණමකුද කියලා. :D :D අයියට කියන්න අයියා අර බැල්ලි අර පාන් කැල්ල කාලා ඉවර වෙනකම් බල්ලා මඩුව ඇතුලට ගත්තෙ නැ . මෙ බැල්ලිගෙ බලු කම කියන්නෙ අයියා පාන් කැල්ල කාලා ඉවර උනා විතරයි බල්ලට සද්දයක් දලා මෙ බැල්ලි මාරු උනා ශෙප් එකෙ. යකො බලපන් අයියා අර _____ බැල්ලි කල දේ. අම්මපා  මට එකෙන් පස්සෙ නම් ස්ත්‍රි ලිංගෙ තියන මොන ජාතියක එකෙක් වත් පෙන්න බැ දන්. බලපන් අයියා. බලපන් ඕන් මම කියන්නෙ බොරුද අය ගැණු ගැන.

:D :D :D සිරි කොලුවට හිනාව නවත්ත ගන්න බැරි තැන ' එකනේ බන් එකිට බැල්ලි කියන්නෙ ' කියලා ෆොන් එක කට් කලා  මිනිතුවකට.

ඔන්න ඔහොමලු ගැණු ජාතිය :D ... එවෙලෙ ෆොන් එක කට් කරලා සිරි කොලුවත් ඇත්තටම දෙපාරක් කල්පනා කලා ඇත්තටම ස්ත්‍රි ජාතිය මෙහෙමද කියලා :))) එකනෙ එකිට බැල්ලි කියන්නෙ කියලා අපහු මගෙ පිලිතුර සාධාරණිකරනය කර ගන්න උත්සහා කලා මිස අය එ ගැන වැඩිය හිතුවෙ නැ. හික්zz :D හෆ්ෆෙ ඇති දැන් කියෙව්වා .. මෙ මෙ දැන් සිරි කොලුවා නවතිනවා. අද සිරි කොලුව කියෙව්වා වැඩි ටිකක් කියලා හිතෙනවා... :D ඔයාගෙ කාලයට සිරි කොලුවා ආදරෙයි ගොඩක්. සිරි කොලුවගෙ යාලු මාලු පිස්සො ගැනයි ස්ත්‍රි වරිගෙ ඔන්න ඔහොමදලුද කියලා ඔයාටත් ගලප ගන්නයි සිරි කොලුවා මෙ කතාව මෙහෙම බ්ලොග් ගත කලේ . :D :D :D :D :D 
මෙ දැන් ඔය ගවුන් අඳින ඇත්තියො සිරි කොලුවට එරෙහිව යුධ ප්‍රකාශ කරනවා එහෙම නෙවෙ මොකද සිරි කොලුව අර antiwomen පිස්සා තරම් මානසික රොගියෙක් එහෙම නෙවෙ ඕන්. ගවුම් වලට මෙ සිරි කොලුවා ආදරෙයි , කැමතියි ගොඩක් , ඔය කොච්චර ලොකු ටොක්zz දුන්නත් අලේ........ :D :D


4/19/2011

බැල්කනිය......... ( with out box :D )

හප්පෙ සිරි කොලුවගෙ ජිවිතෙ වැඩි දවසක් පහුගිය අවුරුද්ද දෙකෙ ගෙවුනෙ ඉතින් බොඩිමෙ තමා. අමුතුවෙන් කියන්න ඔනෙ නැ නේ බොඩින් ලයිෆ් එකට enter උනාම තමා තමන්ගෙ ගෙදර ඉස්සරහට විශෙෂන පදයක් වැටෙන්නෙ sweet හොම් කියලා. මොනවා කරන්නද අලේ ඉතින් අපිත් උපරිම ට්‍රයි එක දෙන්නෙ බොඩින් ලයිෆ් එකත් sweet කර ගන්න තමා. අන්න එක කොර ගන්න මෙ සිරි කොලුවත් පොඩි වෙලවක් හම්බුනත් පොඩි හරි ෆන් එකක් ගන්න තමා බලන්නේ. මෙ මෙ හැබැයි ඔය ෆන් වැඩ කුලකයට අර ගවුම් කැලි එහෙම අයිති වෙන් නැ ඕන්. හෆ්ෆෙ එහෙම කිවෙ මොකද අර කිව්ව බොඩින් ලයිෆ් එක sweet කර ගන්න සිරිකොලුවා ගවුම් කැලි ප්‍රයොජනයට ගන්නවා කියලා ඔයා හිතයි. චැකේ... එහෙම වැඩ නැ මෙ සිරි කොලුවගෙ.. ඔන්න මඩ පාර එන්න ඉස්සරමයි මුලින්ම කිව්වෙ..:D 
                                       
හම්.. අර කිව්ව ලයිෆ් එක sweet කර ගන්න මෙ සිරි කොලුවා කරන එක දෙයක් තමා ගොඩක් දවස් වල හවසට යනවා බැල්කනියෙ ෆිලම් බලන්න. සල්ලි සල්ලි කියලා බලන් නැ OdC ටිකට් එහෙම නෙවෙ ගන්නෙ කෙලින්ම බැල්කනි...:D බලන්නෙත් නිකන් බයිස්කොප් නෙවෙ හික්zz සම්භාව්‍ය අර මොකද්ද මණ්ඩලෙ එවා..... ( අර නිල්ද මොනවද කියන්නෙ අලෙ මන්දා අන්න එවා තමා හලි ..:D:D) අලේ මෙ දැන් අර අපෙ ගොල්ඩ් ෆිශ් අයියට වල් මාලුවා කිවා වගෙ මටත් වල් කොල්ලා කියලා එහෙම කියනවා නෙවෙ. මෙ වයසෙ වැරැද්ද නොවැ..:D:D අනික අර කිව්වා වගෙ බයිස්කොප් එකක් බලන්න හොදම කියාපු තැන තමා මෙ බැල්කනිය. මොකද පුල් ac නේ... දාඩිය එහෙම කොහෙන් ගියද නැ.
                                        
ඔන්න හැමදාම වගෙ බයිස්කොප් එක පටන් ගන්නෙ සුපුරුදු බැක්ග්‍රවුන්ඩ් එකෙන්... :D වැඩ ටික සෙරම වෙන්නෙ ගස් අස්සෙ. මොකද ඉතින් ගස් අස්සෙ මොනවා කලත් පෙන් නැ නේ. ඔය ගස් අස්සෙ ඔය වගෙ වැඩ කරන්න හරිම කැමතියි සමහරු.. හෆ්ෆෙ පෙන් නැද්ද නුවර පෙරා ගාඩ්න්, වෙල්ස් පාක්, විහරමහා දෙවි එකෙ එහෙම බලන බලන පදුර හෙල්ලෙනවා නේ බොලව්.. :D ඔන්න තියනවා අඹ මල් වලින් බර උන හොද නාඹර අඹ ගස් 2ක්. අඹ ගස් දෙක මැදින් ඊට පොඩ්ඩක් එහායින් තියනවා එ වගෙන නාඹර වයසෙ ඉන්න හොද රඹුටන් ගහක්. අඹ ගස් වල ගෙඩි තිබුනට තාම රඹුටන් නම් හැදිලා නැ ඕන්. දැන් ඉතින් අඹ ගස් දෙක මැදින් රඹුටන් කිවාම එකටත් උඹලා උපමා උපමේය හදා ගන්න එහෙම යන්න එපා ඕන්. :D හික්zz ඔන්න ඔහොමයිලු ගොඩක් වෙලාවට සිරි කොලුවා බලන බයිස්කොප් වල පසුබිම් දර්ශණය. .....:)
                                         
ම්......... දැන් තමා ඉතින් ලයිව් ශො ටික පටන් ගන්නෙ. අය ඉතින් ලොවෙත් නැ කෙලින්ම තුන් කතිරෙ දර්ශණ තමා වැඩි හරියක්...:D:D:D අලේ ඔයාට කියන්න ඔය දකුණු පැත්තෙ අඹ ගහ අස්සෙ ඇඟේ නුල් පොටක් නැති ප්‍රෙමවන්තයො දෙන්නගෙ පැනි බෙරෙන ප්‍රෙමාලිංගනෙ ඉවර වෙන්නෙ වම් අඹ ගහෙන් අර කිව්ව රඹුටන් ගහ අස්සට ගිහින් තමා. රඹුටන් ගහ අස්සෙ නම් අන්තිමට මොනවා වෙනවද කියන්න මෙ සිරි කොලුවා දන් නැ ඕන්. :D මම දන්නවා මෙක කියවන උඹලා කිරිබොන එවුන් නෙවෙ නේ...එ අන්තිමට රඹුටන් ගහ අස්සෙ මොකද වෙන්න කියලා හිතා ගනිල්ලා.. :D වැඩි වෙලා යන්න කලියෙන් අර කිවා වගෙ ට්‍රන්ස්පෙරන්ට් රෙදි වලින් විලි වහ ගත්තු කපල් දෙක තුනක්ම එනවා ඕන් සීන් එකට. එක ජාතියෙ කපල් නම් කමක් නැ කියමුකො, ජාති දෙක තුනකම ඇයො එනවා හවස් යාමෙ මෙ lovers' trees වලට. බලන්න ලස්සනයි අලෙ.. හැට හුටාමාරක අහවල් style බලා ගන්න පුලුවන් බොහොම හොදට. :D (අය style කිවම එකත් උබලම හිතා ගනිල්ලා.. අහන්න එපා මොන style ද කියලා එහෙම,. :D :D ) මම වැඩිය රස කරන්න යන් නැ ඔය ගස් අස්සෙ වෙන දෙවල් ගැන, මොකද ඊට පස්සෙ උඹලට ඇති වෙන sideeffects වලට මට වග කියන්න බැ ඕන්. :D ආ.. එ අස්සෙ මෙ සිරි කොලුවා අහම්ම්බෙන් වගෙ දැක්කෙ ඔය ගස් අස්සෙම තියනවා පැලක් අටවලා කගෙදො.... එ පැලෙ පොඩි එවුන් දුසිමක් විතර. යකො මෙ 18+ විගඩම් දකින අර පොඩි එවුන් ලොකු වෙද්දි කොමට හිටිද? :D ( නඩු දාන්න ඔනෙ බොල මෙ බයිස්කොප් එක ඩිරෙක්ට් කල එකාට ..හික්zz :D පොඩි එවුන් මෙවට ගව ගත්තට ) අලෙ මන්දා කිවාලු.. ලොකෙ ගොලාකාරයි මිනිසත්තු විවිධාකාරයි නොවැ. :D බිම් කලුවර වැටිගෙන එද්දි කොමෙන් කොමෙන් හරි ඉස්සෙල්ලා කිව කපල් ටික ශෙප් එකෙ මාරු වෙනවා. උන්ටත් ඉතින් සිරිකොලුවට වගෙන රෙඩ් කාඩ් හම්බෙනවා අති ගෙදරින් වෙලාව පැන්නම. :D බිම කලුවර වැටිලා පැ හතරක් පහක් ගියාම නම් ඉතින් ගොඩක් මෙතනට ඇවිත් ප්‍රෙමාලිංගනෙ යෙදෙන ඇත්තො නම් ඉතින් අර චන්ද්‍රාලොක කර්මාන්තේ කරන ඇයො තමා. උන කොමත් නිශාචරයොනේ. :D( ලොකෙ පැරණිම ස්වයං රැකියාව කියනවා නේ ඔය චන්ද්‍රලොක කරුමාන්තෙ.. මෙ මෙහෙම කිවෙ කියවන සමහරු ටියුබ් ලයිට් නිසයි.... නැතම් අය බලයි එ මොකද්ද බොල එ හරුපෙ කියලා :D ) සමහර දාට සිරිකොලුවත් අර මුලින් කිව බොඩින් ලයිෆ් එක sweet කර ගන්න මොහිනි අක්කලා ගමන් යන වෙලාවටත් බයිස්කොප් බලන්න බැල්කනි නගිනවා. එ වෙලාවට නම් ඉතින් බයිස්කොප් එකෙ screen එකෙ බ්‍රයිට්නස් බින්දුවෙ නිසා වෙන්නෙ මොනවද කියලා මෙලො හුට්ටප්පරයක් පෙන්නෙ නම් නැ.. හැබැයි සද්දෙන් හිතා ගන්න පුලුවන් මොනවද වෙන්නෙ කියලා. :D අය ඉතින් අමුතුවෙන් කියන්න ඔනෙ නැ නේ.. මෙ වෙලාවට ගස් අස්සෙ වෙන එවා තුන් කතිරෙටත් එහා. :D 
                                          
හ්ම්......... මෙ මෙ දැන් ඉතින් ඔය හිතින් සිරි කොලුවට අමතන එක නැවැත්තුවොත් හොදා. සිරිකොලුවට මෙහෙ ඉන්න බැ හචින් යනවා බොල. ඔය ශිට්.. හා...චින්.. :( මොනවා කියලා මාව මතක් කලත් කාරි නැ wal කොලුවා, වලත්තයා කියල එහෙම කියනවා නෙවෙ ඕන්.. බොලව් මම ඔය කිවෙ මම බැලුව අහවල් මණ්ඩලෙ නිල් චිත්තරපටියක් එහෙම නෙවෙ :D :D :D සිරිකොලුවගෙ බොඩිම තියෙන්නෙ දෙමහල් පැලක උඩුමහලෙ බොලව්. :D එකෙ සදලුතලෙට ගියාම තමා ඔය ඔක්කොම බයිස්කොප් පෙන්නෙ. හිත නිවා ගන්න ලොවෙත් නැති, ලොවි ගහෙත් නැති, හබැයි සිරිකොලුවගෙ බොඩිමෙ තියන තැන තමා බැල්කනිය. :D හවසට දාඩිය පෙරා ගෙන ඇවිත් සදලුතලෙට ගොඩ උනාම දැනෙන සැප අය ලොවෙත් නැ... :)) ම්ම්... සදලුතලෙ අතමායිමෙ තමා අර ඉස්සෙල්ල කිව අඹ ගස් එහෙම තියෙන්නෙ. හැන්දැයාමෙ බලන්න ලස්සනයි,ආසයි ඔය ගස් වල සෙල්ලම් කරන , ලව් කරන තුන් ඉරි අප්පුලා, කුරුලු බටිච්චො දිහා. සිරි කොලුවා ඔය ඉස්සෙල්ලා කිවෙ ඔය උන්ගෙ ප්‍රෙමාලිංගනෙ අපුරුව තමා ගස් අස්සෙ. එ අහිංසක සතුන්ගෙ ලොකය කොතරම් සුන්දරද , නිර්ව්‍යජද , සරලද කියලා සිරිකොලුවට වැටහුනෙ ඔය බැල්කනියෙ බයිස්කොප් බලලා තමා ඕන් :D ඔය බයිස්කොප් බලලා මෙ සිරි කොලුවා ලබපු වගෙම ලබන වින්දනය, සතුට නම් මෙතැකැයි කියන්න බැ .... :)) පැහැදිලි අහසක් ඇති හඳ පායලා තියන දවසක පාන්දර එකට දෙකට මෙ බැල්කනියෙ පුටුවක් තියන් හරිබරි ගැහිලා මානො පාරක් දා ගත්තම හිත් පොජ්ජට දැනෙන සීතල, සහනය, සතුට විස්තර කරන්න මෙ සිරියට් වචන නැ..:)) සිරිකොලුවට නම් එක සුපිරිම මෙන්ටල් තෙරපි එකක්.... :))) කොලුවගෙ බොඩිමට sweet කියලා විශෙෂණ පදය දාගන්න ඔවා තමා සිරිකොලුවා යුස් කරන ටැග්ටිග්ස් ඉතින්.... හික්zzzzzz ......:D



  





ප.ලි : හෆ්ෆෙ මෙ දවස් වල සිරි කොලුවගෙ කණේ වැලි ගැවෙන තරමට කොල්ලා බිසි වෙලා ඉන්නෙ යාලුවෙ. අලුත් අවුරුද්දට ඔයාට සුභ පතන්නවත් මෙ පැත්තෙ එන්න වෙලාවක් තිබුනෙ නැ. අලුත් අවුරුද්දෙ අබ මල් රේණුවට ගොඩ වැදුන ඔයාට මල් බර, රස බර, පැණි බර, ජරබර නැති, කිරි ඉතිරෙන, පැතු පැතුම් ඉටු වෙන, සිත තුටින් බර වන සාමය සතුට රජයන, සෞභාග්‍යමත් අලුත් අවුරුද්දකට මෙ සිරිකොලුවගෙන් ආසිරි.............!!!!
තෙරුවන් සරණයි..........


ජිවන මඟ....................

නිසල වන පෙතක.....
හුදෙකලා දිවි මගක... 
ගෙවන මෙ දිවි කතර,
කියයි නිවනට
යනෙන කෙටිම මග.........

බිඳදා පංචනීවරණ..
බැද ගෙන ආර්‍ය අට මග.. 
අතගා අටලොදහම.. 
ගුරුකොට චතුර් සත්‍ය, 
නගින මෙ ගිරි ශිඛර මුදුන .. 
සැක නැත ඇතුවාට 
අසමසම නිවන් සුව.........

බෙරා කෙලෙස් වලවල් මෙ සංසාරේ 
යන හැටි නොවැටි හරි හැටි මෙ ජිවන පාරේ 
දෙව්දත් වරුන් බෝ සිටිනා අද කාලේ 
සිහිවෙයි මෙමට මිහිඳු කුලේ උතුමන් එ කාලේ

කාබායක් සීතට, 
හිස් වැසුමක් පින්නට, 
මිරිවැඩි සඟලක් රලු පොළව සිඹින පයට, 
නොමැතිව 
අළුයම් කිස වඩිනා 
මෙ ගමන 
බුදු සිරිප පහස විඳිනට 
දිරියක්ම නොවන්නෙද.............. ?
 .
.
.
.


ප.ලි : මතක ඇතිනෙ ඔයාට සිරි කොලුවගෙ කොඩුකාර සිරිපා කරුණාව. අන්න එ ගමනෙදි සිරි කොලුවගෙ කැමරා ඇස ගිය වටිනාම පොටො කැල්ලක් තමා මේ. සිරිකොලුවා අහම්බෙන් ගත්ත පොටො කැල්ලක්.. එත් ලස්සනයි, ආසයි, ආදරෙයි ගොඩක්... :) කොලුවගෙ කොම්පියුටර් රාජයාගෙ ඩෙස්ක්ටොප් එකත් නිකන් අර මොකාගෙද එකාගෙ පලා මල්ල වගෙ.. හතර අතෙ files, shortcut, folders, docs.., . මෙ ඊයෙ පෙරෙදා දවසක ඔක පොඩියක් අස්පස් කොර කොර ඉන්න කොට වැරදිලා වගෙ ආපහු ඔය පින්තුර කැලි දෙක තුනක් ඇහැ ගැටිලා පොඩි වචන දෙක තුනක් ලිය උනා ඉතින්.......:)))

3/31/2011

හෙලො.....ආ.... සිරි කොලුවා . . :O :v :D ( අතේ කෝට්...හික්zz)

:D හ්ම්........ හවස් වරුවෙ මුණ පොඩ්ඩක් සෝද ගෙන අපේ පියාණන්ගෙ කහට බින්දුවක් නැති තක කිරි තෙකත් තොල ගාගෙන ෂේප් එකෙ මගෙ කාමරෙට මරු උනේ මොකද, අපෙ මැණියන් එක්ක මෙ දවස් වල මම හොරා පොලිස් සෙල්ලම් කරන නිසා. :D අලේ මෙ දවස් වල අපෙ මැණියන් ඉන්නෙ ලේ කොප කර ගෙන මාත් එක්ක. දුටු තැන අමතනවා අහෙතුකවම. අලේ මන්දා දුක තමා ඉතින්. :D තේක බිලා මිනිතුවකට ඇඳ සරණං ගච්චාමි කියන්න හදන කොටම........... '' නින්ද නැතුවම මැව්ව සිහිනෙට......." . හෆ්ෆේ ... ඇඳෙ කොට්ටෙ අස්සෙන් ඇහෙනවා සුපුරුදු ringtone එක.....:D   

''අලො ශානියො...... ''
'' ආ ...සිරි කොලුවා ..''
'' මොකා... :O ''
කිරි අප්පට බල්ලො බුරපි කිව්වලු. අතේ කෝට් . :D අබමල් රේණුවෙ සිරි කොලුවා අතේ කෝට්...........:D:D:D කණ ටිකක් රත් වෙනවා වගෙ දැනුන නිසයි ෆොන් එක අනික කණට මාරු කලේ. :D 
'' කොහෙද ශානි ඉන්නෙ බස් එකෙද ? ''  
'' ඇ සිරි කොලුවො, කවද්ද හැදුවෙ එක? ඇයි කිවෙ නැත්තෙ අපිට? අක්කි දන්නවද ? කවුද අය දන්නේ? '' හුටා පටා . දිපන්කො උත්තර දැන්. :D
'' හලේ එ හැටි කාලයක් නැ නංගි. , චා බ්ලොග් එකක්..එකයි .. :D නැ කවුරුවත්ම දන් නැ... :D ''
හෆ්ෆේ බොම අමාරුවෙන් රවුන් කරලා උත්තර ටිකක් දිලා ශානියා ගෙන් ගැලවුනා කියමුකො.. හික්zz :D වැඩෙ කියන්නෙ අලේ ඔන්න මිනිතු 5ක් ගියෙ නැ අවා ඇස්.ඇම්.ඇස් එකක්... '' hA bola haputu kolla... ohe hitu ube hama galawanawa. ahu wiyanko heta. :D:D '' හලෙ බැලින්නම් මෙ මගෙ අක්කණ්ඩි. :D හිතුවෙ මම මුණු පොතෙ කොමෙන්ටුවකින් ගැහුව්ව මඩක් දැකලා ලේ කොප වෙලා කියලා. හික්zz '' ai akki tharahin? '' එනවා අනික් අතට අපහු ඇස්.ඇම්.ඇස් එකක්...:D '' kauda bola siri koluwa? '' .. තාප්පෙටම ඇරියා කිව්වලු.........:D:D:D දැන් නැගපන්කො අපෙ අක්කණ්ඩිගෙ උසාවියෙ විත්ති කුඩුවට. අය බෙරෙනවා බොලු ඉතින්... :D
'' අලො අක්කණ්ඩියෙ මොකො මෙ ලේ කොප කර ගෙන ...''
'' ආ..උබ අහු වෙනකම් තමා හිටියෙ. හපුටු කොල්ලා ,හිටු. කවුද බොල සිරි කොලුවා? මෙ අක්කට නොකියා හිටියෙ ඇයි මල්ලා. ? "
අලෙ එ පාර නම් මටත් දුකයි . අක්කණ්ඩිගෙ හිත ඇත්තටම රිදිලා. :( ඇස්ට්‍රා මාගරින් පැකට් එක ඉවර වෙනකම්ම ගාලා තමා ඕන් කොල් එක තිබ්බෙ ... :D 
                                           ම්............. තාම ඔයාට කියන්න බැරි උනා නේ සිරි කොලුවා අතෙ කෝට් වෙන්න වැඩෙ පත්තු උනෙ කොමද කියලා. :) අබමල් රේණුවෙ මගෙ පලවෙනිම සහුර්දයා වුනේ අපෙ ගොල්ඩ් ෆිශ් අයියා. එ නිසාම අපෙ ගොල්ඩ් ෆිශ් අයියා මට කිසිදා අමතක නොවන චරිතයක් මෙ බ්ලොග් අවකශයේ. අලේ ගොල්ඩ් ෆිශ් අයියා මෙ පහු ගිය දොහක අබමල් රෙණුවෙ පොස්ට් එකක් මුණු පොතෙ publish කොරලා... :D සිරි කොලුවාගෙ ඔරලොසුවෙ වෙලාව හොද කමට මෙක දැකලා අපෙ ශානියා :D :D අබමල් රෙණුවෙ පොස්ට් වල තිබුණ පින්තුරත් එක්ක ශානියට වැඩි වෙලාවත් ගිහින් නැ මෙ සිරි කොලුවව අඳුන ගන්න . :D hikzz සිරි කොලුවට විලි 70යි ලු. :D 
                                           අමනාපයක් හිතන්න එපා. කාටවත්ම නොකියා සිරි කොලුවා හැංගිලා උන්නේ තාම මෙ සිරි කොලුවා මෙ බ්ලොග් අවකාසෙ ලිලිපුට්ටකු නිසයි. මම දන්න කියන බ්ලොග් කරුවන් සමඟ බැලුවම ඇත්තටම මෙ සිරි කොලුවා තාම කළලයක්.....:)) එ කළලය මොරපු දවසක එලියට එන්නයි හිතා හිටියෙ ඕන්..........:))))) ඇත්තටම තවමත් මෙ සිරි කොලුවා ඉන්න කැමති සිරි කොලුවා නමින්මයි. එ ගැන අමනාපයක් හිතන්න එපා ඔයා. .:) එ මෙ සිරි කොලුවගෙ හැටි........:)))))



ප.ලි : o.O oh.... දන්නවා ඔයා දැන් මෙ හිතන්නේ කවුද මෙ ශානියා, ගොල්ඩ් ෆිශ් අයියා, අක්කණ්ඩි , කියලා නෙද ? අලෙ මෙ තමා සිරි කොලුවගෙ මුණු පොතෙ අතිජාත මිත්‍රයො....:D මිත්‍රයො කිව්වට ඇත්තටම කිව්වොත් සිරි කොලුවගෙ සහොදරයො වගෙ තමා .......................:)))
                                          

  

                 

3/19/2011

විහඟ හිමිකම

පාන්කිරිත්තකු ලෙස ජනිතව මෙලොවට විහඟ කුලෙ
අඩුවක් නැතුව පුරවා ගතිමි උප්පැන්න කොලේ
සුජාතයි බොලව් මමත් අනෙකුන් මෙන් මෙ විහඟ කුලේ
දෙපා මීමො කිව, කිම මෙ සලකන හැටි අපට බොලේ................

හුදෙකලාව ගී ගයනවා දුටුවොත් මම, උඹ
කෙල පිඩකුත් බිම හෙලා
දවසම අසුභයි කියා.........
කිමද දෙපා සතුනි මඟ හැර යන්නේ...............

මාහයියයි මමයි එක විට දුටුවාම
උඹට දවස සුභ උනේ කොම
එකකු අප රැහේ තනිපංගලමෙ දුටුවාම
අසුභ වෙන්න , කිව නිසි හෙතුව මෙමට..............

අහේතුකව අප හට කරනා මෙ ගැරහිල්ල
වාවන් නැ බොලව් අපගෙ පපු කැවුත්තට
උකුණු තැලක මොළයක් ඇති නම් උඹට
දෙවරක් සිතා නවතන් ඔය අමන වැඩ........................

ඉහළ උසාවියෙ කරුණු කියා, 
විහඟ අපෙ හිමිකම ගැන,
උඹට සිතාසි එන දවස, 
වැඩි ඇතක නොවෙ මිතුර............




'' පොඩ්ඩක් ඉඳලා පලයන් දරුවො'' 
'' ඇයි ඇන්ටි'' 
8.30 ට ලෙක්චොස් යන්න 8ට ඇඳෙන් බැස්ස මම, යකො මේ රැවුලවත් නොකපා හනික යන්න පිටත් උනේ ලෙක්චොස් වලට නහුතෙට වෙලා ගොහින් හින්දා. එ අස්සෙ බොඩිමෙ ඇන්ටි ටිකක් ඉදලා පලයන්ලු. හික්zz බැලින්නම් මෙන්න පාන්කිරිත්තෙක්, ගෙ දොරකඩ. හ්ම්.. මැදැයි මුගෙ 1න් man show එක හින්දා මට මිනිතු 2ක තුනක් පමා උනා ඕන්. උදෙ දොට්ට බැස්ස ගමන් කෙහෙල්flower එකක් මතක් කල හින්දා අලේ පාන්කිරිත්තට හිතින්ම අමතලා එ වචන ටිකෙන්ම ඇන්ටිවත් මතක් කර ගෙන එන්න පිටත් උනා... :D :D....  යන ගමන් අලේ මටම හිනා, ඇයි අපෙ ඇන්ටි මෙච්චර මොඩ කියලා. ඔයාට කියන්න අපෙ බොඩිමෙ ඇන්ටි විතරක් නෙවෙ අපෙ මැණියනුත් එහෙම තමා.. හික්z . මොකද ඔය කතාව ඔය විදිහටම අපෙ අම්මත් මට කියලා තියනවා. තනි පාන්කිරිත්තෙක් දුටුවම අසුභයි, හැබැයි පාන්කිරිත්තො ජොඩුවක් දැක්කම සුභයි. යකො පිස්සුවක් ඇතැයි... මාර කතාවක් නේ බොල මෙක. ..:D :D හලෙ මන්දා මෙහෙම කියන්න නිධාන උන කතාව කොහෙන් ආවද, මොන කාරණා හෙතුභුත උනාද කියලා හ්ම්. එක දෙයයි අලෙ මට නම් තෙරෙන්නේ... මෙ ලොකෙ බුද්ධිමත්ම සත්වයා මොළේ උඩ ඉඳගන්නවද කියලා තමා මෙවා ඇහුවම මට හිතෙන්නේ ඕන්. හික් මටම හිනා.... :D :D :D :D 

අබමල් රේණුවක හෙතුවක්, අබමල් රේණුවක පදනමක් නැතිව කිමද මෙ ගැරහිල්ල අර අහිංසක පාන්කිරිත්තට....... :)))
:D හැබැයි මම එකක් දන්නවා .. :D ලඟදිම මුන් ටික අර බැන් කී මුන් අන්කල්ව අල්ලගෙන මෙ සිරි ලංකාවට විහඟ හිමිකම් ප්‍රඥප්තිය උල්ලංඝනය කොලා කියලා අපිට හොද පරිප්පුවක් නම් දෙනවා ෂුවර් ඕන්. :D අලේ අපෙ ජි. ඇල්. අන්කල් ඔලුවෙන් හිටගෙන කතා කොලත් අපි නොන්ඩි අනිවා .. හික්zz .. :D

3/09/2011

ආදරේට ලියමි........

සිරි කොලුවා, 
smile Rd, 
සිනාගම,
08.03.10

බක පණ්ඩිත mooනි වෙත,

යකො හඳේ. අහ් හුටා සොරි. 'යකො' කිව්ව එකත් ඇති මෙයාට තරහා වෙන්න. නැ නැ තරහා වෙන්න දෙයක් නැනේ... දැනටම තරහයි නේ, අපාහු තද වෙන්න හික්zz. මම මේ විදිහට හරි මෙහෙම කියන්න හිතුවෙ ඔය ඇත්ති මට වඩා දවසක් හරි වැඩිමහල් නිසයි. නැත්තම් ඉස්සරහට මෙ සාමජේ ජිවත් වෙන්න ගොඩක් අමාරු වෙයි. තරහට නෙවෙ, ඔය ඇත්තිගෙම හොදටයි මම මෙහෙම කියන්නේ.
                           අලේ හඳෙ, ඉස්සෙල්ලම පුරුදු වෙයන් තව කෙනෙක් කියන දෙයක් අහගෙන ඉන්න. පුරුදු වෙයන් තව කෙනෙක් කිව්ව දේ ඇත්ත නැත්ත, ඇති නැති දෙ විපරන් කොරලා කථා කරන්න. උඹට වගෙම තමා බොල අපිටත් හිතක් කියලා මඟුලක් තියනවා. උඹෙ එක වගෙම එ මඟුලත් රිදෙනවා. කථා කරන කොට උඹෙ හිතේ තියන වදන් බොහොම පරිස්සමින් දොට්ට දාපන්. මොකද සමහර වචන බිම වැටිලා බිඳුනාම ඒ කැලි අපේ පයේ ඇනිලා අපට තුවල වෙනවා කියලා උඹට තෙරුමක් නැ.... ""පලිගන්නා'''' උඹෙ කටින් දොට්ට දාපු මගෙ ජිවිතේ මෙතෙක් අහපු අර උඹටත් තියනවැයි කියාපු, හැබැයි මටත් තියන 'හිතේ ' වැඩියෙන්ම රිද්දපු, එ බිඳුනු වදනේ කටු ඇනිලා තාමත් මගෙ පය ඇඳුම් කනවා බොල. 
                            රාසිං රජ්ජුරුවන්ටත් වින කැටුව නපුරු උන කටුවට දෙවැනි නැ බොල උඹෙ ඒ කුජීත බිඳුනු වදනේ කටු වල විස. උඹෙ උසාවියක , උබෙ නඩුවක, උඹෙ පැමිණිල්ලක සාක්කි කිමට පැමිණිලි කුඩුවට ගොඩ උනු මට , උඹ දුන් මෙ සංග්‍රහය මට දුකක් නොව බොල ඇත්තේ කණගාටුවක්. නොකල වරදකට , ජිවිතේ පළමු කොට මෙවන් චොදනාවක් මෙවන් අපහාසයක් විඳින්නට ලැබිම මට ලොකු කණගාටුවක් විනා දුකක් නැ හඳේ. :p ආ..... අනික් දේ.. අපේ වගෙ නෙවෙ, උඹෙ ලේ හරි ඉක්මනින් කොප වෙනවා. ඇහැකි නම් එකත් පොඩ්ඩක් අඩු කර ගන් හඳේ. ඔය හඳේ සෞම්‍ය කාන්තිය අඩු වෙන්න වැඩි කලක් යන එකක් නැ එහෙම නොවුනොත්. 
                          අවසන මෙකත් ඔය ඇත්ති මතක තියා ගත්තොත් හොදා. උඹේ ඔය සෞම්‍ය කාන්තියෙ උජාරුව රැකෙන්නේ ඉර දෙයියො නිසා කියලත් අමතක කරන්න එපා හඳේ.............:)))

                                                                                                                 මීට සෙනෙහෙබර,
                                                                                                                 සිරි කොලුවා.
  


ප.ලි : අලේ වැරදිලාවත් මෙ තොප්පිය හරි උන්දැ මෙ ලිපිය දුටුවොත් හලේ මම මෙ එයාටයි කියන්නේ... " මා මෙ ලිපියෙ වැනු බස පිළිබඳ කොප නොගන් මිතුරේ. හුදෙක් පාඨකායගෙ රසවින්දනය උදෙසා පමණක් මෙලෙස බස හැසිරවුයෙමි... " :)))