3/09/2011

ආදරේට ලියමි........

සිරි කොලුවා, 
smile Rd, 
සිනාගම,
08.03.10

බක පණ්ඩිත mooනි වෙත,

යකො හඳේ. අහ් හුටා සොරි. 'යකො' කිව්ව එකත් ඇති මෙයාට තරහා වෙන්න. නැ නැ තරහා වෙන්න දෙයක් නැනේ... දැනටම තරහයි නේ, අපාහු තද වෙන්න හික්zz. මම මේ විදිහට හරි මෙහෙම කියන්න හිතුවෙ ඔය ඇත්ති මට වඩා දවසක් හරි වැඩිමහල් නිසයි. නැත්තම් ඉස්සරහට මෙ සාමජේ ජිවත් වෙන්න ගොඩක් අමාරු වෙයි. තරහට නෙවෙ, ඔය ඇත්තිගෙම හොදටයි මම මෙහෙම කියන්නේ.
                           අලේ හඳෙ, ඉස්සෙල්ලම පුරුදු වෙයන් තව කෙනෙක් කියන දෙයක් අහගෙන ඉන්න. පුරුදු වෙයන් තව කෙනෙක් කිව්ව දේ ඇත්ත නැත්ත, ඇති නැති දෙ විපරන් කොරලා කථා කරන්න. උඹට වගෙම තමා බොල අපිටත් හිතක් කියලා මඟුලක් තියනවා. උඹෙ එක වගෙම එ මඟුලත් රිදෙනවා. කථා කරන කොට උඹෙ හිතේ තියන වදන් බොහොම පරිස්සමින් දොට්ට දාපන්. මොකද සමහර වචන බිම වැටිලා බිඳුනාම ඒ කැලි අපේ පයේ ඇනිලා අපට තුවල වෙනවා කියලා උඹට තෙරුමක් නැ.... ""පලිගන්නා'''' උඹෙ කටින් දොට්ට දාපු මගෙ ජිවිතේ මෙතෙක් අහපු අර උඹටත් තියනවැයි කියාපු, හැබැයි මටත් තියන 'හිතේ ' වැඩියෙන්ම රිද්දපු, එ බිඳුනු වදනේ කටු ඇනිලා තාමත් මගෙ පය ඇඳුම් කනවා බොල. 
                            රාසිං රජ්ජුරුවන්ටත් වින කැටුව නපුරු උන කටුවට දෙවැනි නැ බොල උඹෙ ඒ කුජීත බිඳුනු වදනේ කටු වල විස. උඹෙ උසාවියක , උබෙ නඩුවක, උඹෙ පැමිණිල්ලක සාක්කි කිමට පැමිණිලි කුඩුවට ගොඩ උනු මට , උඹ දුන් මෙ සංග්‍රහය මට දුකක් නොව බොල ඇත්තේ කණගාටුවක්. නොකල වරදකට , ජිවිතේ පළමු කොට මෙවන් චොදනාවක් මෙවන් අපහාසයක් විඳින්නට ලැබිම මට ලොකු කණගාටුවක් විනා දුකක් නැ හඳේ. :p ආ..... අනික් දේ.. අපේ වගෙ නෙවෙ, උඹෙ ලේ හරි ඉක්මනින් කොප වෙනවා. ඇහැකි නම් එකත් පොඩ්ඩක් අඩු කර ගන් හඳේ. ඔය හඳේ සෞම්‍ය කාන්තිය අඩු වෙන්න වැඩි කලක් යන එකක් නැ එහෙම නොවුනොත්. 
                          අවසන මෙකත් ඔය ඇත්ති මතක තියා ගත්තොත් හොදා. උඹේ ඔය සෞම්‍ය කාන්තියෙ උජාරුව රැකෙන්නේ ඉර දෙයියො නිසා කියලත් අමතක කරන්න එපා හඳේ.............:)))

                                                                                                                 මීට සෙනෙහෙබර,
                                                                                                                 සිරි කොලුවා.
  


ප.ලි : අලේ වැරදිලාවත් මෙ තොප්පිය හරි උන්දැ මෙ ලිපිය දුටුවොත් හලේ මම මෙ එයාටයි කියන්නේ... " මා මෙ ලිපියෙ වැනු බස පිළිබඳ කොප නොගන් මිතුරේ. හුදෙක් පාඨකායගෙ රසවින්දනය උදෙසා පමණක් මෙලෙස බස හැසිරවුයෙමි... " :)))

4 අදහස්......:

ශානි said...

මම නම් දන්නවා මේ කාටද කිව්වේ කීලා
ආදරෙයි කැස්සයි හන්ගන්න බැලූ සිරි කොලුවෝ

සිරි කොලුවා said...

ආදරෙට නම් තමා ලිව්වෙ .. හැබැයි මෙ angel හිතන් ඉන්න විදිහෙ ආදරයක් නම් නෙවෙ.. තියන සහොදර කැක්කුමට මෙක ලිව්වෙ... මම මෙක ලිව්වෙ මමදන්න කියන අක්කණ්ඩියෙකුට බොලන් ... :D

Kavindya said...

අනේ කොල්ලෝ.. අහවල් එකකටද හේනම් ආදරේට ලියම් කීවේ... මගුලයි ලාගගෙත් නැහැනේ මේවා අම්බලන්තොට පැත්තේ තියෙනවලු.... උගුරට හොරා බෙහෙත් තන්න ගිහින් යවා ගනින්කෝ ඉස් පොල්ලේ.. අන්න එදාටයි උඹට මේ අක්කව ඔනි වෙන්නේ.. හොර කොල්ලා..... :) :) :)

සිරි කොලුවා said...

සුදුහ0සි අක්කා දන්නවා මම මෙක කාට කුමක් අරඹයා ලිව්වෙද කියා...
ආදරෙට ලියමි කිව්වෙ සහොදර කැක්කුමට නොවැ. :D මට මෙතන නම කියන්න බැ මෙ කාටද කියන්නෙ කියලා. අලෙ ඔය ලියුමෙ තියන විශෙෂන පද දිහා බලලා එක තෙරුම් ගනිල්ලා අලේ.... :ඪ්

Post a Comment