3/19/2011

විහඟ හිමිකම

පාන්කිරිත්තකු ලෙස ජනිතව මෙලොවට විහඟ කුලෙ
අඩුවක් නැතුව පුරවා ගතිමි උප්පැන්න කොලේ
සුජාතයි බොලව් මමත් අනෙකුන් මෙන් මෙ විහඟ කුලේ
දෙපා මීමො කිව, කිම මෙ සලකන හැටි අපට බොලේ................

හුදෙකලාව ගී ගයනවා දුටුවොත් මම, උඹ
කෙල පිඩකුත් බිම හෙලා
දවසම අසුභයි කියා.........
කිමද දෙපා සතුනි මඟ හැර යන්නේ...............

මාහයියයි මමයි එක විට දුටුවාම
උඹට දවස සුභ උනේ කොම
එකකු අප රැහේ තනිපංගලමෙ දුටුවාම
අසුභ වෙන්න , කිව නිසි හෙතුව මෙමට..............

අහේතුකව අප හට කරනා මෙ ගැරහිල්ල
වාවන් නැ බොලව් අපගෙ පපු කැවුත්තට
උකුණු තැලක මොළයක් ඇති නම් උඹට
දෙවරක් සිතා නවතන් ඔය අමන වැඩ........................

ඉහළ උසාවියෙ කරුණු කියා, 
විහඟ අපෙ හිමිකම ගැන,
උඹට සිතාසි එන දවස, 
වැඩි ඇතක නොවෙ මිතුර............




'' පොඩ්ඩක් ඉඳලා පලයන් දරුවො'' 
'' ඇයි ඇන්ටි'' 
8.30 ට ලෙක්චොස් යන්න 8ට ඇඳෙන් බැස්ස මම, යකො මේ රැවුලවත් නොකපා හනික යන්න පිටත් උනේ ලෙක්චොස් වලට නහුතෙට වෙලා ගොහින් හින්දා. එ අස්සෙ බොඩිමෙ ඇන්ටි ටිකක් ඉදලා පලයන්ලු. හික්zz බැලින්නම් මෙන්න පාන්කිරිත්තෙක්, ගෙ දොරකඩ. හ්ම්.. මැදැයි මුගෙ 1න් man show එක හින්දා මට මිනිතු 2ක තුනක් පමා උනා ඕන්. උදෙ දොට්ට බැස්ස ගමන් කෙහෙල්flower එකක් මතක් කල හින්දා අලේ පාන්කිරිත්තට හිතින්ම අමතලා එ වචන ටිකෙන්ම ඇන්ටිවත් මතක් කර ගෙන එන්න පිටත් උනා... :D :D....  යන ගමන් අලේ මටම හිනා, ඇයි අපෙ ඇන්ටි මෙච්චර මොඩ කියලා. ඔයාට කියන්න අපෙ බොඩිමෙ ඇන්ටි විතරක් නෙවෙ අපෙ මැණියනුත් එහෙම තමා.. හික්z . මොකද ඔය කතාව ඔය විදිහටම අපෙ අම්මත් මට කියලා තියනවා. තනි පාන්කිරිත්තෙක් දුටුවම අසුභයි, හැබැයි පාන්කිරිත්තො ජොඩුවක් දැක්කම සුභයි. යකො පිස්සුවක් ඇතැයි... මාර කතාවක් නේ බොල මෙක. ..:D :D හලෙ මන්දා මෙහෙම කියන්න නිධාන උන කතාව කොහෙන් ආවද, මොන කාරණා හෙතුභුත උනාද කියලා හ්ම්. එක දෙයයි අලෙ මට නම් තෙරෙන්නේ... මෙ ලොකෙ බුද්ධිමත්ම සත්වයා මොළේ උඩ ඉඳගන්නවද කියලා තමා මෙවා ඇහුවම මට හිතෙන්නේ ඕන්. හික් මටම හිනා.... :D :D :D :D 

අබමල් රේණුවක හෙතුවක්, අබමල් රේණුවක පදනමක් නැතිව කිමද මෙ ගැරහිල්ල අර අහිංසක පාන්කිරිත්තට....... :)))
:D හැබැයි මම එකක් දන්නවා .. :D ලඟදිම මුන් ටික අර බැන් කී මුන් අන්කල්ව අල්ලගෙන මෙ සිරි ලංකාවට විහඟ හිමිකම් ප්‍රඥප්තිය උල්ලංඝනය කොලා කියලා අපිට හොද පරිප්පුවක් නම් දෙනවා ෂුවර් ඕන්. :D අලේ අපෙ ජි. ඇල්. අන්කල් ඔලුවෙන් හිටගෙන කතා කොලත් අපි නොන්ඩි අනිවා .. හික්zz .. :D

9 අදහස්......:

සිතුවිලි නිහඬයි said...

ආදී කාලෙන් ආ කතා උනත් අපේ අම්මල මේවා අපිට කියන්නේ අපිට තියේන ආදරේට මිසක් එයාලගේ මෝඩ කමට නෙමේ.....

සිරි කොලුවා said...

සමා වෙන්න සිතුවිලි මිතුරෙ... අනෙ මම එහෙම නරකක් හිතල කිව්ව නෙවෙ මොඩයි කියල.... සම වෙන්න එහෙම වචනයක් භවිතා කලාට..... අවැසි උනෙ එක පදනම් විරහිත කාතාවක් කියන්න පමණයි............

සිතුවිලි නිහඬයි said...

නෑ නෑ ....මන් ඔබට වරදක් කියනවා නෙමේ.....පදනම් විරහිත බව මාත් පිලිගන්නවා....නමුත් අපේ වැඩිහිටියන්ගේ සමහර අදහස් අපිට නොගැලපුනත් ටිකක් ඒවා ඉවසා දරාන ඉන්න වෙනවා ......

සිරි කොලුවා said...

විවාදයක් නැ.එකඟයි ඔබ සමග. මෙ අවස්තාවෙ හුදෙක් මට ඇවැසි වුයෙ රසවත් බසක් වැනිමට විනා එම වදනට බරක් තැබිම නොවේ,... .. :)))

සිතුවිලි නිහඬයි said...

හා හා .......ඔබේ රසවත් බස ඉතා අගනෙයි.......:P

ශානි said...

හා හා දෙන්නා ඔහොම යමුකෝ

සිරි කොලුවා said...

@Angel: හැ බොල මොකද්ද එ හරුපෙ.... ?

Anonymous said...

මේ මෙහෙම කරපං... පොඩි කූඩුවක් අරගෙන පාන්කිරිත්තියෙක්ව අල්ලලා ඒකට දාපං. ඊට පස්සේ ඒක උඹේ ගේ ඉස්සරහ තියලා යන්න කලින් හැමදාම එතෙන්ට ගිහින් පල. ආහ්... ඒ කුඩුව ගාවින් කන්නාඩියකුත් තියන්න... එතකොට උඹට පාන්කිරිත්තෝ ජෝඩ්වක් හැමදාම උදේට බලාගන්න පුළුවන්...

සිරි කොලුවා said...

හික්zz අලෙ අයියා.. ඔය සිස්ටම් එක අපෙ මැණියන්ට කියලා බලන්න ඔනෙ... :D

Post a Comment