යනකොට ඉස්සර ඉස්කොලෙ මම උදේ.........
තියනවා ඔට්ටුවට උබෙ ආදරේ..
දෙක තුනකට වැඩි නැති හැතැම්ම.....
ගල් බොරලු පාරෙ ,
සපත්තුවයි ගල් පොඩිතියි අතර,
උඹෙ ආදරෙ දොලනය වන අපුරුව...........
ගහන්නෙ එක ගලකට, බලාගෙන තව ගල් පොඩියක් .....
වැදුනොත් ගැසු ගල එලෙසම සිතු ගලෙහි,
සතුටුයි මෙ හිතට,
මොකද ,
ස්නායු සමායොජනේ , සාපෙක්ෂ ප්රවෙගෙ......
තක්කෙටම ගැලපුන නිසා නෙවෙ.........
උබෙ ආදරෙ ස්කන්ධය ,
මට මැන ගන්න ඇහැකි උන නිසා..............
සිව් වසකට වැඩි කලක්,
වාරයකට සපත්තු කුට්ටම් දෙක තුනක ලස්සන බැලු මට ,
අවසන උරුමය,
උඹෙ,
ගිම්හානෙට ඉරි තැලුන හදවතද?
ගිම්හානෙට ඉරි තැලුන හදවතද?
කැඩුනු සපත්තුවද ?....
.
හවස් ජාමෙක සිරි කොලුවා, සිරි කොලුවගෙ බොම කුලුපග මිත්රයින් දෙන්නෙක් එක්ක තේ වතුර ටිකක් තොල ගාන ගමන් ඔයින් එක මිත්රයෙක් සිරි කොලුවා එක්ක දෙඩුව ඇබින්දන් කතාවක් මේ. කතාව ඇබින්දං උනාට සිරි කොලුවට නම් හිතුනෙ මෙක ඇතුලෙ අපුරු , අප්රමාන ආදරයක් , සෙනෙහසක් ගැබ් වෙලා තියනවා කියලයි. ඔයා දන්නවානේ අපි හැමොටම එක එක විදියෙ නානාප්රකාර පුරුදු තියනවා. සිරි කොලුවගෙ මෙ මිත්රයාටත් අන්න එ වගෙ හරි අපුරු පුරුද්දක් තිබිලා තියනවා, ඉස්සර ඉස්කොලෙ යද්දි පාරෙ තියන පොඩි ගල් කැට වලට පයින් ගහන. එ නිකම් නෙවෙ, තමන්ගෙ ආදරෙ තරම මනින්න. ගැසුවම පයෙන් ගල් පොඩියකට වැදුනම හිතන් හිටි ගල් පොඩිත්තෙ මුට තියෙන සන්තොසෙ අප්රමානයිලු. :D මොකද ''මගෙ රත්තරන්ගෙ ආදරෙ හැමදාම මගෙත් එක්ක ඉන්නවා '' කියන සිතුවිල්ලට තැබු ඔට්ටුව ජය ගත් නිසා. මෙ පුරුද්ද කොච්චරද කියනවා නම් මුට වාරෙකට සපත්තු කුට්ටම් තුන හතරක්ම යනවලු උදෙ හවා ඉස්කොලෙ යද්දි එද්දි ගල් වලට පයින් ගහලම .. :D ඔන්න මෙක බොරුවක් වත් අතිශොක්තියක්වත් නෙවෙ හොදෙ. සිරියගෙ මිත්රයකුටතිබුන අපුරු පුරුද්දක් වගෙම එ තුල ගැබ් වෙලා තිබුන අපුරු ආදරයත් නිසාමයි මෙ කාතාව බ්ලොග් ගත කලෙ.
ප. ලි : තොප්පිය හරි යන මා මිතුරෙ... :D , මචං දන්නවා මම උබ මෙ පොස්ට් එක කියාවනවා කියලා කොයිම වෙලෙක හරි. මෙ කාතාව උබ නිධාන වෙලා හැදුන එකක් කියලා මෙ සිරි කොලුවගෙ කටින් නම් එලියට යනවා බොරු. :D බය වෙන්න නැතුව හිටපන් මචන් , අය ඉතින් ගඟෙ මුහුදෙ දැන්මා වගෙ තමා.......... :D
6 අදහස්......:
ඇත්තටම යාලුවෙක්ට වෙච්ච එකක්දා........
නියම කවි ටික.හැන්දෑවේ බොන්නේ තේ කහටද නැත්නම් තේ වල පාට සර බීමද ???
හික්ස්... ඔන්න එහෙනම් මාත් ආවා සිරි කොලුවා බලන්න.
@Dee: ow මචන් .. මෙක සිරි කොලුවගෙ යලුවෙක්ට ඇත්තටම තිබුන අපුරු පුරුද්දක් ... :D
@ madhuranga : ඉස්තුති සහො මෙ පැත්තෙ අවාට... අලෙ නැ නැ මචො.. සිරි කොලුවා එ අංශෙට දැන් නැ. ( උපරිම බියර් එකෙන් එහාට යන් නැ ජිවිතෙට .. :D )
හ්ම් හොඳා හොඳා...
හප්පා අබමල් රේණුව හොයන්න ගිය කලක්....
හරි හොයාගන හොයාගන ගිහින් මාත් ආවා ඔන්න...
එළ එළ දැන් ලව් කේස් දගහරිනවා වගේ ඉදිරියටත් ලියපං හොද ලව් ටෝක්ස් එක්කම.....
උබට ජය !!!..෴
Post a Comment