1/26/2011

මගේ ලෝකය.....


මන්දාකිණියකි ඔබ,
පවනකි මට මේ ජිවන විශ්වය පුරා හමන,
මහමෙරකි මට,
ජිවිතය දිනනට ඔබෙන් ලද සවිය,......
අසමසම විය ගුණය, ඔබෙ සතර බඹ,
ළැම ඉම කිරි සුවඳ, ජිවිතය සුවඳ කල.. 
ඔබ ගුණ සැයක්ය , මැණියනි උතුම් සඳ.............

දිව එන්නැයි හැකි නම් ලෝ වටා, 
කෙනෙකු මට කියයි නම්, 
වට කොට මැණියන්, තබා පියවර ,
පවසමි තුටු සිතින්,........
ලෝකයම දිනු වග නොපැකිලව හඩ ගා... 
මන්ද, මගෙ මුලු ලෝකයම මැණියන් වන බැවින්...........

අප නිවහනේ බුදුන් ඔබ, 
මා දිවි දෙවැනි කොට ..., රකිමි උර මත තබා .. 
වැටෙන තුරු මගේ අවසන් සුසුම් පොද...........
                                                   

3 අදහස්......:

Anonymous said...

සුපිරි මචං...

සිරි කොලුවා said...

ඉස්තුති සහො........

anil_lasantha said...

ඔව් දිෙනන් දින ඔෙබන් ලද සවිය අෙප් ජීවිත ශක්තිමත් කලා.
අප ඔබට ණය ගැතියි අම්ෙම්. මම ඔෙබ් පුෙතක් ෙවන්නයි මෙග් පැතුම. මතු බුදු ෙවන්නයි පැතුම ඔබ

Post a Comment