1/25/2011

කොඩුකාර පෙමට බර තැබීම

හ්ම්...... ආපහු මෙ පොස්ට් එකෙනුත් තවත් සාධාරණයක් ගැන කතා කරන්න යනවා කියලා හිතන්න එපා, මොකද පෙර පොස්ට් එකෙනුත් සාධාරණ ප්‍රතික්ෂේපයක් ගැන මම කිව්වානේ... :))))

ගහ ගෙන ගිවිසුමක් අපෙ මල්සරා එක්ක
කුලුඳුල් පෙමට මුල පෙරුවලු ඇ එක්ක
යන විට මලින් බර වු දින සති මාස ටික
ඇඩ් උනාලු ජිවිතයට පැණිබර රොමැන්ටික් තීම් එක

මේ පහු ගිය දොහක මුණු පොතෙ ඉන්න මගෙ හොඳ මිත්‍රයෙක් ස්ටෙටස් එකක් අප්ඩෙට් කරලා තිබුණා. කොල්ලා ටිකක් පිනට දහමට ලැඳි බැතිමතා :D  දාලා තිබුනේ '' පළමු පෙමට හදවතේ දුන්න ඉඩ ඊට පස්සෙ වෙන කාටවත් දෙන්න බැ'' කියලා. ඔන්න ඔය කතාව මගෙ හිතට පොඩි විවාදාත්මක තර්ක ටිකක් ගෙනාවා. එකමයි මෙහෙන මෙ අදහස මගෙ අබ මල් රේණුවෙ පෙල ගස්වන්න හිතුනෙ. ඇත්තටම ඔයා මොකද හිතන්නෙ? අර මගෙ මිත්‍රයාගෙ තර්කයට ඔයා එකඟද? 

පැල උනි මෙසෙ එ ආදර පිච්ච වැල 
ආලයෙ රුහිරෙනුයි ලියැලුනෙ මෙ පිච්ච වැල
බර උනි මලින් සුවදැති ආදර පිච්ච වැල
පැතුවෙ සරසන්න එ පිච්ච මලින්, මල්දම මංගල......

බිදුනෙලු අහෙතුක හෙතුවකට ඒ ආදර හුය බැදිම
දෙතුන් මසක් ගිය තැන අහොසි උනිලු, පෙර කී ආදර බැදිම
නොහැකි විය මඟ හරිනට ඒ මල්සරා ගේ බැල්ම
නැත ගියෙ වැඩි කලක් තබනට අත්සන් නව ගිවිසුම.... :D

හොදා මම මෙහෙම තර්කයක් ගෙනවා. ඔයා කොඩුකාර පෙමට සමු දුන්නා. ටික දොහකින් පටන් ගත්තා කියමුකො තව ඇයි හොදයියක්. :) ඔයාට දැන් හමු වෙලා ඉන්න ආදරවන්තිය/ආදරවන්තයා ගෙ නොකුලුඳුල් ප්‍රෙමය (එයාගෙ පලමු පෙම නෙවෙ) ලෙස ඔයා පත් වෙලා ඉන්නවා. හැබැයි ඔයා අර මම මුලින් කී මිත්‍රයාගෙ තර්කයෙ පිහිටලා ඔයාගෙ ආදරවන්තියට/ආදරවන්තයාට හදවතින්ම ආදරය නොකර ඉන්නවා. දැන් හිතනවාද ඔයා, පෙරලා ඔයාටත් හදවතින්ම ආදරය ලැබෙවී කියලා. නැ කවදාවත් නැ . අපි ආදරය හදවතින්ම දුන්නොත් පමණමයි අපටත් ආදරය හදවතින්ම ලැබෙන්නෙ. අන්න එක අමතක කරන්න එපා ඔයා. :)

මං මෙහෙම කියන්නෙ අර පලමු පෙමට සමු දුන්න ඇත්තොන්ටයි. අපෙ ජිවිතයට ඒ කොඩුකාර ආදරය නැවත් ආලොකයක් නොවෙනවා නම් අපි ඇයි තවත් එ අඳුර පිටුපස වැටෙන්නෙ. ජිවිතයෙ ඉදිරියට සතුටින්, සොම්නසින් , සිත සැහැල්ලුවෙන් ඔයාගෙ ආදර ලොකය ගොඩ නගන්න රිසි නම් පෙර මා කි දෙත් නිමෙශයක් සිතා බලන්න.... 

ප.ලි : සිරි කොලුවගෙ අර keep alwz smile තියරිය ඔයාටත් යුස් කරන්න ඔනෙ නම් ඔය මම කිව්ව කාරනෙත් එකට බෝම උදව් වෙවි.. .. :)) මොකද මම මෙ කාරණේ මෙහෙම හරි කියන්න හිතුවෙ, ඔන්න ඔය කලින් කී කාරණය නිසාම මෙ දවස් වල මගෙ මිත්‍රයො කිප දෙනෙක්ම මුඩ් ගහගෙන ඉන්නවා ......... :))) හලේ........ :))

                                                       

0 අදහස්......:

Post a Comment