1/14/2011

පෙර නිමිත්ත

හ්ම්.. මම මෙ සයිබර් අහසෙ කරක් ගහන්න අරන් දැන් අවුරුදු 3ක් විතර වෙනවා කියමුකො. එතෙක් මෙතෙක් කාලය තුල මෙ සරිබර් අහසෙ බ්ලොග් කියවපු කොල්ලෙක් නම් නෙවෙ මම. දැන් අවුරුදු 2ක් තිස්සෙ මුණු පොතෙ කරක් ගැහුවත් දැන් දෙතුන් මාසෙකට උඩදි අපුරු මිතුරන් කිප දෙනෙක් මා එක්ක බොහෝම කුලුපග උනා. කවුද මෙ මිත්‍රයො කියලා මෙ වෙලාවෙ නොකියා ඉන්න තිරණය කලෙ, එහෙම වුනොත් මෙලො රහක් නැති මෙ බ්ලොගය ලියන 'සිරි කොලුවා' කවුද කියලා අහුවෙන නිසයි. අමනාපයක් හිතන්න එපා හොදෙ.... :)
                                  
             පහු ගිය ටිකෙ අඩු වැඩි විදිහට මගෙ හිත තලපු එක එක කාරණා නිසාත්, (ගවුමකින් සපත්තුවක් කාලා එහෙම නෙවෙ හොදෙ) අර ඉස්සෙල්ලා කිව්ව මිත්‍රයකුගෙ බ්ලොගයක තිබු කෙටි කාථාවක් මගෙ හිතට අමුතුම විදිහට දැනුන නිසාත්, මටත් සිතක් පහල උනා තනිකම මැකෙන්නත් එක්ක මගෙ හිතට එන මොඩ පිස්සු අදහස් බ්ලොගයක ලියන්න ... :)
            ඉස්සරහට මෙකෙ වැටෙන පොස්ට් ඔයාට නීරස වෙන්න පුලුවන් මොකද මම එහෙම වියත් සාහිත්‍යධරයෙක් තියා මෙ සයිබර් අහසෙ සින්හල බ්ලොග් ලියන ඇත්තො තරම් දස්සත් නොවන නිසා.. :) දන්නවා ඔයාලට කාලය කොතරම් වටිනවද කියලා, වෙලාවක් තිබුණොත් ආපහු මෙ අබ මල් රේණුව පැත්තෙ ඇවිත් යන්න එන්න සබඳ.., අබ මල් රේණුවෙ තියන දෙයක් කියවලා ඔයාගෙ හිතෙ අබ මල් රෙණුවකින් හරි සතුටක්, පහන් බවක්, නිසසල බවක්, සැහැල්ලුවක් දැනුන නම් , එ තමා මගෙ හිතට තියන එකම නිවන, සතුට.

තිසරණ සරණයි...!!!

2 අදහස්......:

Anonymous said...

භය නැතුව දිගටම ලියපං සිරියෝ, අපිත් ඉන්නවනේ සපෝට් එකට. ජයවේවා මචං...!

සිරි කොලුවා said...

බොහොම ඉස්තුතියි මචො.... මට ගොඩක් සතුටුයි මගෙ පළවෙනි පොස්ට් එකටම මෙ වගෙ කමෙන්ට් එකක් දාලා මාව දිරිමත් කලාට......:))

Post a Comment