2/09/2011

නිහඩ ලොව බිඳින්න...............

බ්ලොග් පිටු අතර අතොරක් නැති..,
මසිත බැඳ තැබු බ්ලොගය ඉලංදාරියා..,
වැරදුවෙ නැත පිවිසෙන්නට...,
ලද ඉඩක් විගස, අන්තර්ජාලය.

දුටු විට ඔබෙ හැකියාව.., 
ගත නොවුනි වැඩි කලක්, සබැඳියෙක් වන්නට...
ආලය කලෙමි අසීමිතව , හැකියාවට, එ ඉලංදාරියාගෙ.....
මා සිත් මංසලෙහි මසිතටත් හොරා, නිර්මාණය තුලින් ඔහු ගොඩ නැගු.., 
එ සම්බන්ධයෙ සවිය, යදමකට වැඩි විය.

දිනක් මා දුටුව '' නිහඬ ලොව බිඳින්න ''
කරවිය මසිත සසල .., තෙත් කොට නෙත් පියන් ...,
සිතුනත් දොස් තබනට , දෙවියන්ට කැ ගසා...,
සිදුකල අවැඩට මනු ලොව දෙවියකුට.. 
සවියක් නොදැනුනි මහදට ...
තව තවත් නෙත් පියන් තෙත් වනු ඇරෙන්නට.

සොයුර , 
තවත් කල් නොදෙමි මම..,
සිටින්නට ඔය නිහඩ ලොව ...,
බිඳින්නට එ නිහඩ ලොව .., යොදමි මගෙ හැකි වෙර...
අවැසි වුව හොත්, මා දිවි දෙවැනි කොට ....

0 අදහස්......:

Post a Comment